The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් බොක්සිං පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග

T

The Leader Desk

June 6, 2024 • 4:39 PM

පැරිස් ඔලිම්පික් බොක්සිං පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් ශූරයින් හා පදක්කම්ලාභීන් බවට පත්වන සියළු දෙනාටම මුදල් ත්‍යාග පිරිනැමීමට
  • එහෙත්, පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං තරගකරුවන් ශ්‍රේණිගත වන ස්ථාන පදනම් කරගෙන රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 100,000ක්, රිදී පදක්කම් වෙනුවෙන් ඩොලර් 50,000ක් හා ලෝකඩ පදක්කමක් සඳහා ඩොලර් 25,000ක් ප්‍රදානය කරන බව IBA ප්‍රකාශ කරනවා.
  • ඔවුන් අපේ ප්‍රධාන අවධානය ලෙස දිගටම සිටිනවා.
  • ඔවුන්ට සෑම මට්ටමකදීම සහයෝගය දීම අපි ඉදිරියටත් කරනවා” යනුවෙන් සභාපතිවරයා පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) තීරණය කර තිබෙනවා.

ජගත් ඔලිම්පික් කමිටුව (IOC) විසින් ජාත්‍යන්තර බොක්සිං සංගමයට තිබෙන පිළිගැනීම පසුගිය වසරේදී ඉවත් කිරීමෙන් පසුව එම සංගමය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය සංවිධානය කරන්නේ නැහැ.


එහෙත්, පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං තරගකරුවන් ශ්‍රේණිගත වන ස්ථාන පදනම් කරගෙන රන් පදක්කම්ලාභීන්ට ඩොලර් 100,000ක්, රිදී පදක්කම් වෙනුවෙන් ඩොලර් 50,000ක් හා ලෝකඩ පදක්කමක් සඳහා ඩොලර් 25,000ක් ප්‍රදානය කරන බව IBA ප්‍රකාශ කරනවා.


ඔලිම්පික් බොක්සිං ජයග්‍රාහකයන්ට මෙසේ මුදලින් ත්‍යාග පිරිනැමීම, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩකයන්ට ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් පිරිනමමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ජයග්‍රාහකයන්ට මුදලින් ත්‍යාග පිරිනමන ලෝකයේ පළමු ක්‍රීඩා පාලක මණ්ඩලය තමන් බවට ප්‍රකාශ කළ ලෝක මලල ක්‍රීඩා සම්මේලනය අනුගමණය කිරීමක්.


zdfst4
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ රන් පදක්කම දිනා ගන්නා ක්‍රීඩකයන්ට ඩොලර් 100,000ක් පිරිනමන අතර ඒ මුදලින් ඩොලර් 50,000ක් ක්‍රීඩකයාටත්, ඩොලර් 25,000ක් පුහුණුකරුටත්, ඩොලර් 25,000ක් ඔවුන්ගේ ජාතික සම්මේලනයටත් හිමිවන බව IBA සභාපති Umar Kremlev ප්‍රකාශ කරනවා.



“අපේ ක්‍රීඩකයන් හා ඔවුන්ගේ උත්සාහයන් අගය කළ යුතුයි. බොක්සිං ක්‍රීඩකයන් වෙනුවෙන් IBA විශාල ප්‍රමාණයෙන් ආයෝජනය කරනවා. ඔවුන් අපේ ප්‍රධාන අවධානය ලෙස දිගටම සිටිනවා. ඔවුන්ට සෑම මට්ටමකදීම සහයෝගය දීම අපි ඉදිරියටත් කරනවා” යනුවෙන් සභාපතිවරයා පවසනවා.

සම්පූර්ණ ත්‍යාග මුදල් අරමුදලට ඩොලර් මිලියන 3.1කට වඩා වැඩි වටිනාකමක් තිබෙන බවත් ඒ මුදල බොක්සිං ක්‍රීඩකයන් 100කට වැඩි පිරිසක් අතර බෙදා දෙන බවත් Kremlev සඳහන් කරනවා.

 

Umar Kremlev“අපි මෙයින් පෙන්වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන ඔවුන්ගේ ශූරයින්ට සැලකිය යුත්තේ කුමන ආකාරයෙන් ද කියා පැහැදිලි උදාහරණයක්.”

“මෙය නියම ක්‍රියාවන් සහිත නියම සහයෝගයක්. මෙය ජාත්‍යන්තර ක්‍රීඩා පරිසරයේ ඉතාම අඩුවෙන් සිදුවන දෙයක්. අපේ බොක්සිං ක්‍රීඩකයන්ට සහාය වෙමින් ඔවුන්ගේ වෙහෙසකාරී පුහුණුව හා කැපවීම වෙනුවෙන් මුදලින් ප්‍රදානයක් කිරීමේ ක්‍රියාවලියකට මූලිකත්වය දෙන්න අවස්ථාවක් ලැබීම ගැන අපි සතුටු වනවා.”

ජාත්‍යන්තර බොක්සිං සංගමය ඔවුන්ගේ පරිපාලනය, මුදල් පාලනය හා සදාචාරමය කාරණා සංශෝධනය කිරීම සම්පූර්ණ කිරීමට අසමත් වීම නිසා ඔවුන්ට තිබෙන පිළිගැනීම ඉවත් කර ගැනීමට ජගත් ඔලිම්පික් කමිටුව පසුගිය වසරේ ජූනි මාසයේදී තීරණය කළා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියන් සංවිධානය කරන්නේ IOC විසින්. නමුත් මේ ක්‍රීඩාව අනාගත ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලින් ඉවත් කරනු ඇති බවට බියක් මතුව තිබෙන්නේ මීළඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුල් වැඩසටහනට එම ක්‍රීඩාව ඇතුළත්ව නොතිබූ බැවින්.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...