The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

අවසන් රේඛාව පසුකිරීමට පෙර සතුටු වෙන්න ගිය ක්‍රීඩිකාවට වෙච්ච දෙයක්

T

The Leader Desk

June 10, 2024 • 7:37 AM

අවසන් රේඛාව පසුකිරීමට පෙර සතුටු වෙන්න ගිය ක්‍රීඩිකාවට වෙච්ච දෙයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤයේ තරග ඇවිදීමේ ක්‍රීඩිකා ලෝරා ගාසියා-කාරෝ (Laura Garcia-Caro) දිව එළියට දමා අපමණ සතුටකින් යුතුව අත ඔසවා ගුවනට
  • එහෙත් අවසන් මොහොතේ තවත් තරගකාරියක් තමා පසුකර ගෙන ගොස් තිබුනු බව ඇයට වැටහුනේ තත්පර කිහිපයකට පසුව.
  • ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ සිනාවෙන් පිරුණු මුහුණ සැණින් තැතිගැන්මක් බවට පෙරලෙන අයුරු එම වීඩියෝවෙන් දැක්වුනා.
  • නමුත් මට වැරදුනා” ගාසියා-කාරෝ පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පහරක් එල්ල කළේ යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ගත් බව සිතමින්. එහෙත් අවසන් මොහොතේ තවත් තරගකාරියක් තමා පසුකර ගෙන ගොස් තිබුනු බව ඇයට වැටහුනේ තත්පර කිහිපයකට පසුව.

 

රෝමයේ පැවති කාන්තා කිලෝමීටර් 20 තරග ඇවිදීම ඉසව්වේ අවසන් මීටර් පහේදී සිනහ වෙමින් සිටි 29 හැවිරිදි මේ ක්‍රීඩිකාවට තමා තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගත් බවට කිසිම සැකයක් තිබුනේ නැහැ. නමුත් ඒ පදක්කම දිනා ගැනීමේ ගාසියා-කාරෝගේ සතුට සැණින් භීතියක් බවට පත්වූයේ ඇය ඇගේ දකුණු පස බලද්දී යුක්රේනයේ ලියුඩ්මිලා උලියානුස්කා (Lyudmila Olyanovska) දෙදෙනා අතර පරතරය නැති කරමින් සිටින බව දුටු විට.

තරගයේ අවසන් රේඛාවට මීටර් දෙකක් පමණක් ඉතිරිව තිබියදී යුක්රේන් ක්‍රීඩිකාව ගාසියා පසුකර ගෙන ගියා.

 

මම අවසාන මීටර් දහයේදී හිතුවේ තරගය දිනුවා කියලයි. නමුත් මට වැරදුනා
ක්ෂණයකින් සිදුවූ මේ විපර්යාසයේ වීඩියෝව සමාජ මාධ්‍යයේ පැතිර ගොස් තිබුනේ විදුලි වේගයෙන්. ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ සිනාවෙන් පිරුණු මුහුණ සැණින් තැතිගැන්මක් බවට පෙරලෙන අයුරු එම වීඩියෝවෙන් දැක්වුනා.

“මම ඉන්නේ හරිම කලකිරීමකින්. තරගයේ පළමු කොටසේදී මම අසීරුතාවට පත්වුනා. නමුත් එයින් මිදුනු මම අවසාන මීටර් දහයේදී හිතුවේ තරගය දිනුවා කියලයි. නමුත් මට වැරදුනා” ගාසියා-කාරෝ පැවසුවා.

 

දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ අවසන් මොහොතේ සිදුවූ දේ දිරවා ගෙන හදවතේ වේදනාව තුරන් කර ගැනීමයි
“දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ අවසන් මොහොතේ සිදුවූ දේ දිරවා ගෙන හදවතේ වේදනාව තුරන් කර ගැනීමයි.”

 

අන්තිම මොහොතේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ 31 හැවිරිදි උලියානුස්කා තහනම් ශරීර උත්තේජන භාවිතය හේතුවෙන් වසර 2015 සිට 2019 දක්වා තරග තහනමකට ලක්ව සිටි ක්‍රීඩිකාවක්. පසුගිය දෙවසරක් තිස්සේ තමාගේ රට රුසියානු ආක්‍රමණයේ ග්‍රහණයට ලක්ව සිටින බැවින් යුක්රේනය වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීමට හැකිවීමෙන් තමා ඉතාමත් ප්‍රීතියට පත්ව සිටින බව ඇය කියා සිටියා.

f426eef2d60341fea51073d353d783bf''මෙය මට ඉතාමත් හැඟීම්බර අවස්ථාවක්” යනුවෙන් යුක්රේන් මලල ක්‍රීඩිකාව පැවසුවා.

 

''මෙය මට ඉතාමත් හැඟීම්බර අවස්ථාවක්” යනුවෙන් යුක්රේන් මලල ක්‍රීඩිකාව පැවසුවා. “ඇත්ත වශයෙන්ම මම අවසාන කිලෝමීටරය හා අවසන් මීටර් කිහිපයේ ඉතාමත් වෙහෙස වෙලයි සිටියේ. නමුත් මේ පදක්කම රට වෙනුවෙන් දිනා ගන්න මට ලොකු උවමනාවක් තිබුනා.”

“මේ දවස්වල යුක්රේනයේ යුද්ධයක් පවතිනවා. අපි පුහුණු වෙන්නේ ඉතාමත් අමාරු තත්ත්වයන් යටතේ. මේ තරගයට සූදානම් වීම හරිම අසීරු වුනා. නමුත් අවසානයේ පදක්කමක් මගේ රට ට ගෙනි යන්න හැකිවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

“මාව තරගයේ අවසන් රේඛාව වෙත වැඩියෙන්ම තල්ලු කළේ ඒ හේතුව යි.”

 

valentina trapletti e antonella palmisano 12741531190x786ඉතාලියේ Antonella Palmisano හා Valentina Trapletti යන ක්‍රීඩිකාවන්ට රන් හා රිදී පදක්කම්
ඉතාලියේ Antonella Palmisano හා Valentina Trapletti යන ක්‍රීඩිකාවන්ට රන් හා රිදී පදක්කම් හිමි වූ මේ කිලෝමීටර් 20 ඇවිදීමේ තරගයට රටවල් 14කින් ක්‍රීඩිකාවන් 35 දෙනෙක් සහභාගි වුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...