The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ස්පාඤ්ඤ පාපන්දුව: ජාතිවාදී අපහාස සිදුකළ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට සිර දඬුවම්

T

The Leader Desk

June 12, 2024 • 12:08 PM

ස්පාඤ්ඤ පාපන්දුව: ජාතිවාදී අපහාස සිදුකළ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට සිර දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ ජාතිවාදයට එරෙහිව ක්‍රියා කිරීමට ස්පාඤ්ඤය නිර්භීත පියවරක් ගෙන තිබෙනවා.
  • මේ ක්‍රීඩා ලෝලීන්ගේ නම් හෙළි කර නැති අතර ඔවුන්ට වසර දෙකක් යනතුරු පාපන්දු ක්‍රීඩාංගණවලට ඇතුළු වීම තහනම්.
  • මේ ක්‍රීඩා ලෝලීන් තිදෙනා අත්අඩංගුවට ගත්තේ 2023 වසරේ මැයි මාසයේ Mestalla ක්‍රීඩාංගණයේදී රේඅල් මෙඩ්රිඩ් සහ වෙලෙන්සියා කණ්ඩායම් අතර පැවති ස්පාඤ්ඤ ලීග් පාපන්දු තරගයකින් පසුව.
  • කළු ජාතික මේ ක්‍රීඩකයා වෙනුවෙන් විශාල සහයෝගයක් ලැබුනු අතර මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට පොදුවේ සමාජයෙන් හා ස්පාඤ්ඤ බලධාරීන්ගෙන් ප්‍රබල හඬක් මතුවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, කළු ජාතික  ක්‍රීඩකයෙකුට ජාතිවාදී අපහාස සිදුකළ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කරමින්.

බ්‍රසීලයේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු ද වන රේඅල් මෙඩ්රීඩ් (Real Madrid) කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක විනීකියස් ජූනිය (Vinicius Junior) ට ජාතිවාදී අපහාස එල්ල කළ බවට වරද පිළිගත් වෙලෙන්සියා (Valencia) ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට අට මසක සිර දඬුවම් නියම කර තිබෙන්නේ ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දුවේ ජාතිවාදයට අදාළ ප්‍රථම දඬුවම් පැමිණවීම සටහන් වෙමින්.

මේ ක්‍රීඩා ලෝලීන්ගේ නම් හෙළි කර නැති අතර ඔවුන්ට වසර දෙකක් යනතුරු පාපන්දු ක්‍රීඩාංගණවලට ඇතුළු වීම තහනම්. මීට අමතරව නඩු විභාගයට වැයවූ මුදල ද ගෙවීමට ඔවුන්ට නියම වී තිබෙනවා.

මේ ක්‍රීඩා ලෝලීන් තිදෙනා අත්අඩංගුවට ගත්තේ 2023 වසරේ මැයි මාසයේ Mestalla ක්‍රීඩාංගණයේදී රේඅල් මෙඩ්රිඩ් සහ වෙලෙන්සියා කණ්ඩායම් අතර පැවති ස්පාඤ්ඤ ලීග් පාපන්දු තරගයකින් පසුව. විනීකියස් ට අපහාස කිරීමෙන් පසුව තරගය ටික වේලාවකට නතර කෙරුනා.

කළු ජාතික මේ ක්‍රීඩකයා වෙනුවෙන් විශාල සහයෝගයක් ලැබුනු අතර මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට පොදුවේ සමාජයෙන් හා ස්පාඤ්ඤ බලධාරීන්ගෙන් ප්‍රබල හඬක් මතුවුනා.

බොහෝ දෙනා මෙය දුටුවේ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවේ ජාතිවාදයට එරෙහිව කරන සටනේ හැරවුම් ලක්ෂ්‍යක් ලෙස. එහෙත් මේ සිදුවීමෙන් පසුව මාස කිහිපයක් තිස්සේ විනීකියස් දිගටම ජාතිවාදී අපහාසයන්ට ඉලක්ක වුනා.

Mestalla ක්‍රීඩාංගණයේ එක් ගෝල් දැලකට පිටුපසින් අසුන් ගෙන සිටි ක්‍රීඩා ලෝලීන් විනීකියස් වෙත වඳුරු ඉරියව් දක්වමින් වඳුරන්ගේ ශබ්ද නිකුත් කළ අතර ඔහු වහාම තරග විනිසුරුගේ අවධානය ඒ පිළිබඳව යොමු කරවා ගෙන ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩා මණ්ඩපය දෙසට ඇඟිල්ල දිගු කළා. ක්‍රීඩාංගණය පුරා විසිරී සිටි ක්‍රීඩා ලෝලීන් නොනැවතී ඔහුට සරදම් කරද්දී බ්‍රසීල ඉදිරි පෙල ක්‍රීඩකයාගේ දෑස් කඳුලින් තෙත්ව තිබූනා.

සිද්ධිය සම්බන්ධ නඩුව උසාවියට ගෙන ආවේ ස්පාඤ්ඤ පාපන්දු ලීගය විසින්. ඔවුන්ට ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය, රේඅල් මෙඩ්රීඩ් පාපන්දු සමාජය හා විනීකියස් ද එක්වුනා.

පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් වෙලෙන්සියා ක්‍රීඩා සමාජය ඔවුන්ගේ ක්‍රීඩාංගණයේ සිදුවූ මේ සිද්ධියෙන් පසුව ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ තහනමක් කළින් ම පැනවූවා. නමුත් කිසිම කෙනෙක් මීට පෙර කිසිවිටක ක්‍රීඩකයෙකුට ජාතිවාදීව අපහාස කිරීම නිසා උසාවි ගොස් තිබුනේ නැහැ. විනීකියස් මුහුණ දුන් ආකාරයට සමාන සිදුවීම් ගණනාවක් පැමිණිලිකරුවන් විසින් අතීතයේදී ඉවත දමා තිබෙනවා.

“මේ නඩු තීන්දුව ස්පාඤ්ඤයේ ජාතිවාදයට එරෙහි සටනට ලැබුනු ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක්. විනීකියස් ට අත්විඳින්නට සිදුවූ අපකීර්තිමත් වැරදි යම්තාක් දුරකට හෝ හදා ගැනීමක් මෙයින් සිද්ධ වෙනවා. ඊට අමතරව, ක්‍රීඩකයන්ට පරිභව කිරීම පිණිස පාපන්දු ක්‍රීඩාංගණයකට යන පුද්ගලයන්ට මෙමගින් ඉතා පැහැදිලි පණිවුඩයක් ලබා දෙනවා” යැයි ස්පාඤ්ඤ පාපන්දු ලීග් සභාපති Javier Tebas පවසනවා.

“මේ දඬුවම් නියම වීමට දීර්ඝ කාලයක් ගතවීම ගැන යම් ඉච්ඡා භංගත්වයක් තිබෙන්න පුළුවන් බව මට තේරෙනවා. නමුත්, ස්පාඤ්ඤය යනු අධිකරණ අවංකත්වය තහවුරු කරන රටක් බව මෙයින් ප්‍රදර්ශනය වෙනවා. ජාතිවාදයට එරෙහි සටන වේගවත් කිරීම සඳහා දඬුවම් පැමිණවීමේ බලය ස්පාඤ්ඤ ලීගයට ලැබෙන පරිදි ස්පාඤ්ඤ ව්‍යවස්ථාව විකසනය කරන ලෙසට අපි නැවත වතාවක් තරයේ ඉල්ලා සිටිනවා.”

2020 වසරේ පැවති තරගයකදී Athletic Bilbao කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩක Inaki Williams ට ක්‍රීඩා ලෝලියකු විසින් අපහාස කිරීමේ නඩුව තවමත් විභාගයට ගෙන නැහැ.
ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරයේ පැවති නඩු විභාගය ඉක්මන් කෙරුනේ සියළු පාර්ශව නඩු තීන්දුව පිළිබඳව එකඟත්වයකට පත්වීමෙන් පසුව. මුලින් නියම කිරීමට තිබූ දඬුවම වූයේ මාස 12කට බන්ධනාගාරගත කිරීමක් හා ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ තෙවසරක තහනමක්. නමුත් සියළු පාර්ශවයන් අතර පැවති සාකච්ඡාවකින් පසුව දඬුවම ලිහිල් කෙරුනා.

දඬුවම ලිහිල් කළේ ක්‍රීඩා ලෝලීන් තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් පසුතැවෙන බව පෙන්නුම් කළ නිසා සහ නඩු විභාගය අතරතුර ඔවුන් සමාව අයැද සිටින ලිපියක් කියවීම නිසා බව උසාවිය ප්‍රකාශ කර සිටියා.

 

සටහන

warnan Gunasekara

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්පාඤ්ඤ පාපන්දුව: ජාතිවාදී අපහාස සිදුකළ ක්‍රීඩා ලෝලීන් තිදෙනෙකුට සිර දඬුවම් | The Leader