(Sandeep Lamichhane) දැන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී නේපාල ක්‍රිකට් කණ්ඩායම සමග එක්වනවා.
මේ දඟ පන්දු යවන්නා වෙනුවෙන් දෙවැනි වීසා අයදුම්පතකට නේපාල් රජය සහ නේපාල් ක්‍රිකට් සංගමය (CAN) සටන් කළ ද ඒ උත්සාහය ව්‍යර්ථ වුනා.
මේ දඟ පන්දු යවන්නා වෙනුවෙන් දෙවැනි වීසා අයදුම්පතකට නේපාල් රජය සහ නේපාල් ක්‍රිකට් සංගමය (CAN) සටන් කළ ද ඒ උත්සාහය ව්‍යර්ථ වුනා.
නේපාල් ක්‍රිකට් සංගමය (CAN)23 හැවිරිදි මේ ක්‍රීඩකයා 18 හැවිරිදි ගැහැනු ළමයෙක් ලිංගික අතවරයට ලක් කළ බවට 2023 වසරේ දෙසැම්බර් මාසයේදී වරදකරු වූව ද එම තීන්දුව මෑතකදී අවලංගු කෙරුනා.
නේපාල කණ්ඩායම අමෙරිකාවේ ක්‍රීඩා කළ නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව ට එරෙහි තරග දෙක ලමිචානේ ට මගහැරුනා.
නේපාලය දැන් දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය ට එරෙහිව ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අමෙරිකාව සමග අනෙක් සමසත්කාරක රට වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල.
Paras Khadka“දැන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නේපාල් ක්‍රීඩක සන්දීප් ලමිචානේ කොදෙව් දූපත් බලා පිටත්ව ගොස් එහිදී නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග එක්වනවා” යනුවෙන් CAN ලේකම් Paras Khadka නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලමිචානේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරනවා: “මම දැන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන අපේ අවසාන මූලික වට තරග දෙක වෙනුවෙන් ජාතික කණ්ඩායමට එක්වනවා. එහිදී මම මගේ සිහින හා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ ම සිහින සැබෑ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා මෙන්ම එරට ජනප්‍රිය ම ක්‍රිකට් ක්‍රීඩකයා වන සන්දීප් ලමිචානේ “මා වෙනුවෙන් යාච්ඤා කළ අපේ ක්‍රීඩා ලෝලීන් ඇතුළු නේපාලයේ සියළු දෙනාගේම ආශිර්වාදයන්ට මම සැමදා කෘතඥ වෙනවා!”
නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා මෙන්ම එරට ජනප්‍රිය ම ක්‍රිකට් ක්‍රීඩකයා වන සන්දීප් ලමිචානේ අමෙරිකාව ට යාම පිණිස 2019 වසරේදී ඉදිරිපත් කළ වීසා අයදුම්පත ද ප්‍රතික්ෂේප වුනා. ඒ, ඔහු කැරිබියන් ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටියදී.

සටහන :




