සැර පිළිබඳව එංගලන්ත රජය නිල වශයෙන් අනතුරු අඟවා තිබෙනවා.
විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය - Foreign and Commonwealth Office (FCO) - විසින් ජර්මනියේ සංචාරක මාර්ගෝපදේශකයේ කොටසක් වශයෙන් මේ පුවත නිකුත් කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාපන්දු ලෝලීන් 800,000ක් පමණ මේ ජූනි මාසයේ ජර්මනියේ සංචාරය කරනු ඇතැයි එංගලන්තය අපේක්ෂා කරමින් සිටින අවස්ථාවක.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව ලොව වැඩියෙන්ම නරඹන ක්‍රීඩා ඉසව්ව වන යුරෝපීය පාපන්දු තරගාවලිය අද 14 (ශ්‍රී ලංකාවට හෙට) ආරම්භ වනවා.
සමහර ජර්මන් බියර්වල තිබෙන සැර මද්‍යසාර ප්‍රමාණයට (ABV) හසුවී, බීමත්කම නිසා ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ තහනමකට ලක්වන අවදානම නොගන්නා ලෙසට FCO විසින් අනතුරු අඟවා තිබෙන්නේ එංගලන්ත ක්‍රීඩා ලෝලීන් එතරම් අතිවිශාල සංඛ්‍යාවක් ජර්මනිය ට යාමට සූදානමින් සිටින නිසා. මෙවර Euro ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර හැරී කේන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තය සිටින්නේ බොහෝ ඉදිරියෙන්.

එංගලන්තයේ බීරවල සාමාන්‍යයෙන් තිබෙන්නේ 4.4ක ABV ප්‍රතිශතයක්. නමුත් ජර්මනියේ බීරවල බොහෝ විට සියයට 4.7 සිට 5.4 දක්වා මද්‍යසාර ප්‍රතිශතයක් තිබෙන අතර සියයට 16 දක්වා ABV තිබෙන ඉතා සැර බියර් ද බොහෝ තිබෙනවා.
මාර්ගෝපදේශකත්වයේ මෙසේ සඳහන්ව තිබෙනවා: “ජර්මනියේ බියර් එංගලන්තයේ බියර්වලට වඩා සැර වෙන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් යුතුව බොන්න. තමන්ගේ සීමාව දැනගෙන ඒ රටේ නීතිවලට ගරු කරන්න.”
“ඔබ පමණට වඩා බිවුවොත් ඔබව ක්‍රීඩාංගණය ඇතුළට නොගැනීමට ඉඩ තිබෙනවා!”
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



