The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

රුමේෂ් තරංගට කොරියාවේදී හෙල්ල විසිකිරීම රන් පදක්කමක්

T

The Leader Desk

June 15, 2024 • 9:18 AM

රුමේෂ් තරංගට කොරියාවේදී හෙල්ල විසිකිරීම රන් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග දකුණු කොරියාවේදී අද රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
  •   රුමේෂ් රන් පදක්කම දිනා ගෙන තිබෙන්නේ මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කරමින්.
  • මේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 78.10ක් දුර හෙල්ල විසිකළ පාකිස්තානයේ එම්.
  • මෙහිදී ඇය මීටර් 57.94ක් වාර්තා කර තිබෙන්නේ මේ ක්‍රීඩා වාරයේ ඇයගේ හොඳම දක්ෂතාව ලෙසින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී - Asian Throwing Champioships - රුමේෂ් රන් පදක්කම දිනා ගෙන තිබෙන්නේ මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කරමින්.

 

Athletics 5රුමේෂ් රන් පදක්කම දිනා ගෙන තිබෙන්නේ මීටර් 85.45ක් දුරට හෙල්ල විසි කරමින්.

ඔහුගේ මේ දක්ෂතාව වඩාත් වර්ණවත් වන්නේ එය මේ තරගාවලියේ නව වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වන බැවින්.

 

රුමේෂ් තරංග මේ තරගාවලියේ නව වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වන බැවින්.

රුමේෂ් තරංගගේ මේ හපන්කම වාර්තා වන්නේ ඔහුගේ පළමු ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර ශූරතාවලියේ වීම විශේෂත්වයක්.

Athletics 4දකුණු කොරියානු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ

 

දකුණු කොරියානු තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වන සුමේධ රණසිංහ මීටර් 77.57ක් සටහන් කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. මෙය මේ ක්‍රීඩා වාරයේ ඔහුගෙන් වාර්තා වූ හොඳම දක්ෂතාව යි. මේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 78.10ක් දුර හෙල්ල විසිකළ පාකිස්තානයේ එම්. යසිර්.

 

Nadeesha Lekamgeනදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීම

කාන්තා හෙල්ල විසිකිරීමේදී ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුනා. මෙහිදී ඇය මීටර් 57.94ක් වාර්තා කර තිබෙන්නේ මේ ක්‍රීඩා වාරයේ ඇයගේ හොඳම දක්ෂතාව ලෙසින්. මේ ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අනෙක් ක්‍රීඩිකාව වන ඩයනා හර්ෂනී ට මේ ඉසව්වේ ලැබුනේ 7 වැනි ස්ථානය වූව ද ඇය හෙල්ල විසිකළ මීටර් 48.46ක දුර මේ ක්‍රීඩා වාරය තුළ ඇගෙන් වාර්තා වූ හොඳම දක්ෂතාව යි.



අද කොරියාවේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලිය ඇතුළු මහාද්වීප තුනක පැවැත්වෙන තරගාවලියන් ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තුනක් මේ දිනවල සහභාගි වෙමින් සිටිනවා.

 

Athletics 1මහාද්වීප තුනක පැවැත්වෙන තරගාවලියන් ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් තුනක් මේ දිනවල සහභාගි වෙමින් සිටිනවා.

බහමාස් හි හෙට (16) පැවැත්වෙන උතුරු අමෙරිකානු හා කැරිබියන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී අරුණ දර්ශන මීටර් 400 ඉසව්වේ තරග වැදීමට නියමිතව සිටිනවා.

ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ‘බී’ ශ්‍රේණියේ (රිදී ලේබලය) ශූරතාවලියක් වන මෙය අරුණ දර්ශනට බොහෝ වැදගත් වන්නේ ඔහු වර්තමානයේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට ළඟා වී සිටින බැවින්. ලොව නන් දෙසින් ක්‍රීඩකයින් 48 දෙනෙක් මේ ඉසව්වට සහභාගි වීමට නියමිතයි.

 

Athletics 2ලෝක මලල ක්‍රීඩා ආයතනයේ ‘බී’ ශ්‍රේණියේ (රිදී ලේබලය) ශූරතාවලියක් වන මෙය අරුණ දර්ශනට බොහෝ වැදගත්

 

ජූනි 18 වැනිදා ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ පැවැත්වෙන ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වේ ද, කාලිංග කුමාර පිරිමි මීටර් 400 ඉසව්වේ ද ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ලෝක මලල ක්‍රීඩා ‘සී’ ශ්‍රේණියේ (ලෝකඩ ලේබලය) තරගයක් වන මෙය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන මේ දෙදෙනා ට ම ඉතා වැදගත්.



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...