The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

'විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාව ජනපතිට - ක්‍රිකට් සභාපති පුටුවට වෙනසක්

T

The Leader Desk

June 16, 2024 • 3:34 AM

'විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාව ජනපතිට - ක්‍රිකට් සභාපති පුටුවට වෙනසක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.
  • එහි තවත් නිර්දේශයක් වන්නේ, 18 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත්කිරීම ක්‍රීඩා සංගම් ඡන්දයකින් තොරව සිදුවිය යුතු බවයි.
  • මෙම 18 දෙනාගෙන් 9 දෙනෙකු පත්කිරීමේ බලය සුවිශේෂී පුද්ගලයින් 4 දෙනෙකුට හිමිවෙයි.  ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ තවත් පුද්ගලයෙකි.
  • තවත් අසාර්ථක තරගාවලියක් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක  කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට මෙවර සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී. 

එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පි‍ළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි ගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතී‍‍‍‍‍‍ඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති යන පිරිසගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරන ලදී. 

ජනාධිපති ලේකම් විසින් එම කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් පත්කරන ලදී.

පනත් කෙටුම්පත භාරදීමේ අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව ද එක්ව සිටියහ.

pmd 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට 

 

"විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාවේ නිර්දේශ

* ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක් 

* ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය 

ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවට ජනාධිපතිවරයාට ඊයේ (15) බාරදුන් "විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාවෙන් නිර්දේශකර ඇත. 

එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. 

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර දේශපාලන හා විවිධ අතපෙවීම්වලින් තොරව ක්‍රිකට් ආයතනයේ කටයුතු කරගෙන යාමට විනිසුරු චිත්‍රසිරි කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එහි තවත් නිර්දේශයක් වන්නේ, 18 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත්කිරීම ක්‍රීඩා සංගම් ඡන්දයකින් තොරව සිදුවිය යුතු බවයි.

මෙම 18 දෙනාගෙන් 9 දෙනෙකු පත්කිරීමේ බලය සුවිශේෂී පුද්ගලයින් 4 දෙනෙකුට හිමිවෙයි. 

ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ තවත් පුද්ගලයෙකි.

ඔවුන් විසින් පත්කරන ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ 9 දෙනාගෙන් 5 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාකළ අය විය යුතු වන අතර සෙසු 4 දෙනා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් විය යුතු බව එම නිර්දේශ වල සඳහන් ය. 

එම සාමාජිකයින් 9 දෙනා එලෙස තේරී පත්වෙද්දී අනෙක් 9 දෙනා තෝරාගැනීමේ බලය ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට නියමිත බව ද  අනාවරණ විය.

තවත් අසාර්ථක තරගාවලියක් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක  කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට මෙවර සිදු විය.

එමෙන්ම පසුගිය වසරේ පැවති ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේදී සහ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැවැන්ත පසුබෑමත් සමඟ ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් පරිපාලනයටත් දැඩි විරෝධයක් එල්ල වුණි.

(උපුටා ගැනීම් - adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාව ජනපතිට - ක්‍රිකට් සභාපති පුටුවට වෙනසක් | The Leader