The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

T

The Leader Desk

June 16, 2024 • 7:45 AM

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොදෙව් කණ්ඩායම අසරණ කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (ජුනි මස 15 වැනිදා) සමත් විය.
  • ආරම්භක පිතිකාරිණියක් වන රෂාඩා විලියම්ස් ගේ ඉනිම ලකුණු 06 කට සීමා කළ අචිනි කුලසුරිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 07ක් ලෙස සටහන්ව තිබියදීය.
  • ඉන් පසුව පිටියට පැමිණි ෂෙමයින් කැම්බල්, හෙයිලි මැතිව්ස් සමග එක්වෙමින් කොදෙව් කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ශක්තිමත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.
  • කොදෙව් ඉනිමේ 19 වන පන්දු වාරය යැවු සුගන්ධිකා කුමාරි ලකුණු 38ක් රැස් කරගෙන සිටි හෙයිලි මැතිව්ස් ගේ කඩුල්ල සහ ලකුණු 27ක් රැස් කරගෙන සිටි ෂෙමයින් කැම්බල් ගේ කඩුලු දෙක දවා ගැනීමට සමත් වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගය පැවැත්වුනේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට අවස්ථාව හිමි වුණි.

කොදෙව් පිතිකාරිණියන් අසරණ වූ හැටි

තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් කොදෙව් කණ්ඩායමේ පිතිකාරිණියන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ආරම්භක පිතිකාරිණියක් වන රෂාඩා විලියම්ස් ගේ ඉනිම ලකුණු 06 කට සීමා කළ අචිනි කුලසුරිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 07ක් ලෙස සටහන්ව තිබියදීය.

ඉන් පසුව පිටියට පැමිණි ෂෙමයින් කැම්බල්, හෙයිලි මැතිව්ස් සමග එක්වෙමින් කොදෙව් කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ශක්තිමත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.

කොදෙව් ඉනිමේ 19 වන පන්දු වාරය යැවු සුගන්ධිකා කුමාරි ලකුණු 38ක් රැස් කරගෙන සිටි හෙයිලි මැතිව්ස් ගේ කඩුල්ල සහ ලකුණු 27ක් රැස් කරගෙන සිටි ෂෙමයින් කැම්බල් ගේ කඩුලු දෙක දවා ගැනීමට සමත් වූවාය.

ඒ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 76 කට කඩුලු 03ක් ලෙසය.

ඉක්මන් කඩුලු දෙකක් දැවී යාමෙන් පසු පිටියට එක්වූ නතාෂා නේෂන් සහ ස්ටෙෆනී ටෙලර් සමග එක්වී 04 වන කඩුල්ල සඳහා ලකුණු 33ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ 27 වන පන්දු වාරයේදී නාතාෂා නේෂන් ලකුණු 06 කට කවීෂා දිල්හාරි ගේ පන්දුවක් හමුවේ දැවී යන ලදී.

 

cricfght7තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් කොදෙව් කණ්ඩායමේ පිතිකාරිණියන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදීම කැපී පෙනෙන සිදුවීමක් විය

 

නැවතත් ක්‍රියාත්මක වූ කවීෂා දිල්හාරි විසින් 33 වන පන්දු වාරයේදී ලකුණු 13ක් රැස් කරගෙන සිටි චිනෙල් හෙන්රි ගේ කඩුල්ල දවා ගත් අතර කොදෙව් ඉනිමේ ලකුණු පුවරුව ඒ වන විට දිස්වුයේ කඩුලු 05ක් දැවී ලකුණු 127ක් ලෙසය.


කඩා වැටුණු කොදෙව් ඉනිම නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ ස්ටෙෆනි ටෙලර් සහ ආලියා ඇලෙයින් 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.

නමුත් තරගයේ 38 වන පන්දු වාරයේ දී ලකුණු 14ක් රැස් කරගෙන සිටි ආලියාගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූ අතර එම පන්දු වාරයේදීම ලකුණු 33ක් රැස් කරමින් කොදෙව් ඉනිමේ නැංගුරම වී සිටි ස්ටෙෆනි ටෙලර් දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

එම කඩුලු දෙක දැවී යන විට කොදෙව් ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 07 කට ලකුණු 149ක් ලෙස සටහන්ව තිබිණි.

ඉන් පසුව පැමිණි කොදෙව් පිතිකාරිණියන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් පන්දු වාර 47 යි එක් පන්දුවකදී ඔවුන්ගේ සියලු ක්‍රීඩිකාවන් ලකුණු 195කට දවා ගන්නා ලදී.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 03ක් ද සුගන්ධිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුහ.

 

cricn56n5පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 03ක් ද සුගන්ධිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුහ


එම ඉනිමේදී ශ්‍රී ලාංකික පන්දු යවන්නියන් විසින් අතිරේක ලකුණු 23ක් ලබා දීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගේ සුපිරි හඹා යෑම

ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 88ක් එක් කිරීමට සමත් වූහ.

 

cricfghf9

 

ලකුණු 40ක් රැස් කර ගත් විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර නායක චමරි අතපත්තු ලකුණු 38කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 15.2 ක් අවසානයේ ලකුණු 100 කට කඩුලු දෙකක් ලෙසයි.

ඊයේ තරගයේදී කවීෂා දිල්හාරි ලකුණු නොලබා දැවී ගියාය.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා ලකුණු 73ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.

ලකුණු 43ක් රැස්කර ගෙන සිටියදී හසිනි පෙරේරා දැවී ගිය අතර නොදැවී ලකුණු 44ක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 95ක් ඉතිරිව තිබියදීය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...