මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්,
"අපි බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරගයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා. අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී."
අපිට සමාවෙන්න - මැතිව්ස්
T
The Leader Desk
June 16, 2024 • 4:37 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
- අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා.
- මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


