The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

චාරනි ලියනගේ: ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් රග්බි තරග විනිසුරුවරිය

T

The Leader Desk

June 20, 2024 • 9:35 AM

චාරනි ලියනගේ: ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් රග්බි තරග විනිසුරුවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවක වන චාරනි ලියනගේ ශ්‍රී ලංකාවේ පාසල් ‘ඒ’ කොටසේ රග්බි තරගාවලියේ ප්‍රථම තරග විනිසුරුවරිය බවට පත්වීමට නියමිතව සිටිනවා.
  • කොලොන්නාවෙන් එන තරුණ ක්‍රීඩිකාවක වන චාරනි දෙමටගොඩ සාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන් අපොස උසස් පෙල සම්පූර්ණ කිරීමෙන් පසුව 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනා.
  • එහිදී අන්තර්-රෙජිමේන්තු රග්බි ක්‍රීඩා කළ ඇය 2016 වසරේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කළා.
  • එතැන් සිට ඇය ජාතික කාන්තා රග්බි කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩිකාවක් ලෙස ඇගේ ස්ථානය රැක ගැනීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ඒ’ කොටසේ පාසල් රග්බි තරගයක් පාලනය කරමින් ඇය පළමු පාසල් රග්බි තරග විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වනු ඇත්තේ තර්ස්ටන් හා වෙස්ලි විදුහල් අතර සෙනසුරාදා (22) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගයෙන්.

කොලොන්නාවෙන් එන තරුණ ක්‍රීඩිකාවක වන චාරනි දෙමටගොඩ සාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන් අපොස උසස් පෙල සම්පූර්ණ කිරීමෙන් පසුව 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනා. එහිදී අන්තර්-රෙජිමේන්තු රග්බි ක්‍රීඩා කළ ඇය 2016 වසරේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කළා. එතැන් සිට ඇය ජාතික කාන්තා රග්බි කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩිකාවක් ලෙස ඇගේ ස්ථානය රැක ගැනීමට සමත් වුනා.

රග්බි ක්‍රීඩාවේ තිබෙන සිය උනන්දුව ව්‍යාප්ත කිරීමට තීරණය කළ චාරනි ලියනගේ 2022 වසරේදී ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකාවක් බවට පත්වුනා. එහිදී ඇය සංගමයේ විනිසුරු පුහුණුව හා සංවර්ධන වැඩසටහන්වලට සහභාගි වුනේ ඉතාමත් කැපවීමකින්, ආශාවකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව.
 
 
image cce8102bcc චාරනි ලියනගේ හා අයේෂා පෙරේරා 

වැඩි කල් නොගොස් චාරනි දිවයිනේ සැලකිය යුතු රග්බි නිලධාරිනියක ලෙස ස්ථාපිත වූයේ 2023-2024 ක්‍රීඩා වාරයේදී ප්‍රථම වතාවට අයේෂා පෙරේරා සමග අන්තර් සමාජ ‘ඒ’ කොටසේ සහාය විනිසුරුවරියක ලෙස කටයුතු කරමින්.

තර්ස්ටන් - වෙස්ලි පාසල් රග්බි තරගය විනිශ්චය කිරීම පිණිස චාරනි ලියනගේ පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඩින්ක පීරිස් මෙසේ ප්‍රකාශ කරනවා.

 
“මෙය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ඉතාමත් ආඩම්බර දවසක්. රග්බි තරග විනිසුරුවරියන් වීම සඳහා තව බොහෝ දෙනෙකුට මං විවර කිරීමට චාරනි මගපෙන්වන්නියක වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා. රටේ සෑම පලාතකින්ම කාන්තාවන් රග්බි විනිශ්චය සඳහා උනන්දු කරවීමට අපි අදහස් කරනවා. චාරනි මෙන්ම රග්බි විනිසුරුවරියන් ලෙස කටයුතු කරන අනෙක් අයටත් අපි සුභ පතනවා!”


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චාරනි ලියනගේ: ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් රග්බි තරග විනිසුරුවරිය | The Leader