The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් සමයේදී අධික උෂ්ණත්වයක්

T

The Leader Desk

June 20, 2024 • 3:35 PM

පැරිස් ඔලිම්පික් සමයේදී අධික උෂ්ණත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ග්‍රීෂ්ම සෘතුවේ පැරිසියේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට තවත් මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී
  • යුරෝපයේ සමහර තැන්වල දැනටමත් සෙන්ටිග්‍රේඩ් අංශක 40 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වී තිබෙන අතර යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල ද ඉදිරි මාසවලදී අධි උෂ්ණ කාලගුණයක් තිබීමට ඉඩ තිබෙනවා.
  • දේශගුණයේ වෙනස්වීම ක්‍රීඩාවට පවතින තර්ජනයක් ලෙස අවධානයෙන් සිටිය යුතු බව ලෝක මලල ක්‍රීඩා සම්මේලනය දන්වා තිබෙනවා.
  • අධික උෂ්ණත්වය තරගවලට, තරගකරුවන්ට, නරඹන්නන්ට හා නිලධාරීන්ට දැඩිව බලපානු ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශගුණයේ උෂ්ණත්වය අතිශයින් ඉහළ යාමේ අවදානම් තත්ත්වය පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

යුරෝපයේ සමහර තැන්වල දැනටමත් සෙන්ටිග්‍රේඩ් අංශක 40 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වී තිබෙන අතර යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල ද ඉදිරි මාසවලදී අධි උෂ්ණ කාලගුණයක් තිබීමට ඉඩ තිබෙනවා.

දේශගුණයේ වෙනස්වීම ක්‍රීඩාවට පවතින තර්ජනයක් ලෙස අවධානයෙන් සිටිය යුතු බව ලෝක මලල ක්‍රීඩා සම්මේලනය දන්වා තිබෙනවා.

අධික උෂ්ණත්වය තරගවලට, තරගකරුවන්ට, නරඹන්නන්ට හා නිලධාරීන්ට දැඩිව බලපානු ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

xfge56
ඔලිම්පික් කාලය තුළ පැරිසියේ කාලගුණය කෙබඳු වේවිද යන්න තවමත් නොදන්නා කරුණක් වූව ද ප්‍රංශයේ ජාතික කාලගුණ සේවාව වන Metro France ප්‍රකාශ කර තිබෙන්නේ එළඹෙන ග්‍රීෂ්ම සෘතුව සාමාන්‍ය කාලගුණික තත්ත්වයන්ට වඩා උණුසුම් වනු ඇති බව.

ප්‍රංශය අතීතයේදී මාරක ග්‍රීෂ්ම අධි උෂ්ණත්ව කාලගුණයන් අත්විඳ තිබෙනවා.

2019 වසරේ ජූලි මස අවසානයේ පැරිසියේ ඉහළ ම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 42.6ක් ලෙස සටහන්ව තිබුනා.

ඊට පසුව මෑතකදී, එනම් 2022දී, අධික තාපයෙන් යුත් කාලගුණයක් තිබූ දිගු කාලය තුළ වැඩිම උෂ්ණත්වය වී තිබුනේ සෙන්ටිග්‍රේඩ් අංශක 36ක්.

df45d

ඒ වසරේදී ප්‍රංශයේ සංඛ්‍යා ලේඛන හා ආර්ථික පර්යේෂණ ආයතනය ග්‍රීෂ්ම සෘතුව තුළ අධික උෂ්ණත්වය නිසා මරණ 11,000ක් සිදුවූ බවට ඇස්තමේන්තු කර තිබුනා.

2021 වසරේ ටෝකියෝ නුවර පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පරිසරයේ තිබූ අතිශයෙන් වැඩි උෂ්ණත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ස්වේච්ඡා සේවකයන්ට ඉතාමත් වේදනාකාරී වුනා.

බොහෝ ඩහදිය ඇතිකරන සෙන්ටිග්‍රේඩ් අංශක 34ක උෂ්ණත්වයක් සහ සියයට 70ක තෙතමනයක් නිසා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 47ක උෂ්ණත්වයක් දැනුනු එම ක්‍රීඩා උළෙල මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම උෂ්ණාධික ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි.

xfgrt63තරගය පැවති අතරතුර තිබූ උෂ්ණත්වය නිසා තරග පිටියේ මිය යාමට ඉඩ තිබුනු බව
ටෙනිස් ක්‍රීඩක Daniel Medvedev එදා පවසා තිබුනා.


මලල ක්‍රීඩා තරගකරුවන් අධික උෂ්ණත්වය හේතුවෙන් අවසාන රේඛාවේදී වමනය දමමින් ක්ලාන්තව ඇද වැටුනා.

1924 වසරේ සිට ජූලි හා අගෝස්තු මාසවල පැරිසියේ වැඩිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2.2ක සාමාන්‍යකින් වැඩියෙන් උණුසුම් වී තිබෙන බව වාර්තා වනවා.

රාත්‍රී කාලයේ උෂ්ණත්වය ද වැඩි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 1924 සිට පැරිසියේ අවම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අධික උෂ්ණත්වයේ අත්දැකීම් ලත් ක්‍රීඩකයන්ගෙන් ද ලබා ගත් වාර්තාවකින් මීට විසඳුම් කිහිපයක් යෝජනා කර තිබෙනවා. සිසිල් කාලගුණයක් තිබෙන කාලය තුළ එළිමහන් තරග පැවැත්වීම, ප්‍රමාණවත් විවේකයන් ලබා දී ක්‍රීඩකයන් ආරක්ෂිතව තබා ගැනීම හා ඔවුන් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම අවම කිරීම මෙහි ප්‍රධාන තැනක් ගන්නවා.

cghr67

උෂ්ණත්වය අතිශයෙන් වැඩි වුවහොත් ජලය පානය කිරීම සඳහා වැඩි වේලාවක විරාමයන් ලබා දීම හෝ තරග නතර කිරීමට පවා ඉඩ තිබෙනවා.

උෂ්ණත්ව දර්ශකය සෙන්ටිග්‍රේඩ් අංශක 32.2 ට වැඩි වුවහොත් තුන් ප්‍රයාම ඉසව්ව කල්දැමෙනු ඇති අතර ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 33 ට වඩා වැඩි වුනොත් එම ඉසව්වේ පිහිනුම් අදියර අහෝසි කෙරෙනු ඇතැයි පැවසෙනවා.

කාලගුණ වාර්තාව ගැන දැඩි විමසිල්ලෙන් සිට ඒ අනුව තමන්ගේ කටයුතු සංවිධානය කර ගන්නා ලෙසට නරඹන්නන්ට අවවාද කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරිස් ඔලිම්පික් සමයේදී අධික උෂ්ණත්වයක් | The Leader