The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ගුවන්යානා ධාවන පථයේ පුහුණුව ලබන ටූවලූ ඒකපුද්ගල කණ්ඩායම ඔලිම්පික් තරග බිමට

T

The Leader Desk

June 23, 2024 • 10:22 AM

ගුවන්යානා ධාවන පථයේ පුහුණුව ලබන ටූවලූ ඒකපුද්ගල කණ්ඩායම ඔලිම්පික් තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටූවලූ (Tuvalu) දූපතේ සිටින අතිවිශේෂ පුද්ගලයෙකි කැරලෝ මේබුකා (Karalo Maibuca).
  •   ඒ අනුව කැරලෝ මේබුකා ලබන මාසයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ තරග කිරීම පිණිස ලෝකය හරහා පියාසර කර යාමට නියමිතයි.
  • 25 හැවිරිදි මේ ක්‍රීඩකයා මීට තෙවසරකට ඉහත ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක පෙළපාලියේදී ජාතික කොඩිය රැගෙන යාමේ ගෞරවය හිමිකර ගත්තා.
  • මේ වසරේ ද ඔහුට ඒ ගෞරවය හිමිවනු ඇත්තේ මේබුකා ඔහුගේ රට නියෝජනය කරන එක ම ක්‍රීඩකයා වන බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ රටේ සිටින මලල ක්‍රීඩකයන් පුහුණු වන්නේ එහි ගුවන් තොටුපලේ තිබෙන ගුවන් යානා ධාවන පථයේ. ගල් තලා තාර දමා සෑදූ ඒ ධාවන පථයේ පුහුණු වීමට ඔවුන්ට සිදුව තිබෙන්නේ දිවීම සඳහා වෙන්වූ ධාවන පථයක් නැති නිසා. 

එහෙත් මේ ඉතා කුඩා පැසිෆික් දේශය ඒක පුද්ගල කෙටි දුර දිවීමේ කණ්ඩායමක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යැවීමට සමත්ව සිටිනවා. 

28aa652256d64aa01acb6c67161fe347440a2ed325 හැවිරිදි මේ ක්‍රීඩකයා මීට තෙවසරකට ඉහත ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක පෙළපාලියේදී ජාතික කොඩිය රැගෙන යාමේ ගෞරවය හිමිකර ගත්තා.

 

ඒ අනුව කැරලෝ මේබුකා ලබන මාසයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ තරග කිරීම පිණිස ලෝකය හරහා පියාසර කර යාමට නියමිතයි.

25 හැවිරිදි මේ ක්‍රීඩකයා මීට තෙවසරකට ඉහත ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක පෙළපාලියේදී ජාතික කොඩිය රැගෙන යාමේ ගෞරවය හිමිකර ගත්තා. මේ වසරේ ද ඔහුට ඒ ගෞරවය හිමිවනු ඇත්තේ මේබුකා ඔහුගේ රට නියෝජනය කරන එක ම ක්‍රීඩකයා වන බැවින්.

දූපත් සමූහයකින් යුත් ටූවලූ දේශයේ සිටින්නේ 11,000ක පමණ ජනගහණයක්. පහතින් පිහිටි දූපත් කිහිපයක් හා මැද ජලාශයක් ඇතිව සෑදුණු පටු හිරිගල් දිවයින්වලින් යුත් මේ රටේ සමහර දූපත්වල පළල මීටර් දෙතුන් සියයක් පමණ යි.

 

 126956116 gettyimages 1193312405දූපත් සමූහයකින් යුත් ටූවලූ දේශයේ සිටින්නේ 11,000ක පමණ ජනගහණයක්.
සීමිත භූමියට තිබෙන ඉතා වැඩි වටිනාකම නිසා ටූවලූ ට නියමාකාර ධාවන පථයක් නැහැ. 

Funafuti අගනුවර තිබෙන විවෘත අවකාශයන් කිහිපයෙන් එකක් වනුයේ ගුවන් තොටුපල යි. සෑම සතියක ම ඇවිත් යන, අතේ ඇඟිලිවලින් ගණන් කළ හැකි තරමේ ජාත්‍යන්තර ගුවන් ගමන් සංඛ්‍යාව අතරතුර එරට ජනතාව ගුවන් යානා පථය ඔවුන්ගේ විනෝදය හා ව්‍යායාම් සඳහා යොදා ගන්නවා.

“පිටිය ඉසව් වෙනුවෙන් අපට මෙහෙ කිසිම ධාවන පථයක් නැති බව ඇත්ත. මිනිස්සු මෙහෙ ඇවිත් පුහුණු වෙනවා නම්, ඔවුන් කරන්නේ ගුවන් තොටුපලේ පුහුණු වෙන එකයි” ටූවලූ ඔලිම්පික් කමිටුවේ ලේකම් Melei Melei පවසනවා.

346626893 975571717197965 2726559017458843202 nඔවුන් කරන්නේ ගුවන් තොටුපලේ පුහුණු වෙන එකයි

 

ටූවලූ දේශය ප්‍රථම වතාවට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වූයේ 2008 වසරේ චීනයේ බෙයිජිං හි දී. එම රට මේ දක්වා මලල ක්‍රීඩා හා බරඉසිලීම යන ඉසව්වලින් තරගකරුවන් හය දෙනෙකු ඔලිම්පික් තරග බිමට යවා තිබෙනවා. නමුත් ටූවලූ තවමත් පදක්කමක් දිනා ගෙන නැහැ.

මලල ක්‍රීඩා ධාවන පථයක් නැති නිසා තමන්ගේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පුහුණුව සඳහාත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක තරග කිරීමේ සිහින සැබෑ කර ගැනීම සඳහාත් විදෙස් රටවලට යාමට සිදුව ඇතැයි Melei කියනවා.

උසස් මට්ටමේ පහසුකම් නැති විට, අභියෝගය වී තිබෙන්නේ තම මලල ක්‍රීඩකයන් ඒ උසස් තත්ත්වයට ගෙන ඒම බව ඔහු සඳහන් කරනවා.

 

tu7මේ මස මුල පැවති Oceania මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග කළ ටූවලූ කුඩා කණ්ඩායමේ බොහෝ දෙනෙක් පුහුණු වූයේ ගුවන් තොටුපලේ.
මේ මස මුල පැවති Oceania මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග කළ ටූවලූ කුඩා කණ්ඩායමේ බොහෝ දෙනෙක් පුහුණු වූයේ ගුවන් තොටුපලේ.

ෆිජි දූපත්වල ඉගෙනුම ලබමින් පුහුණු වන කැරලෝ මේබුකා මෙවර සහභාගි වන්නේ ඔහුගේ දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට යි. මීට තෙවසරකට පෙර ටෝකියෝ හි දී ඔහු මීටර් 100 ධාවනයේ යෙදුනා.

තම ඉසව්වේ අන්තිමයා ලෙස තරගය නිම කළ ඔහුට මූලික වටයෙන් ඉදිරියට යාමට නොහැකි වූව ද තත්පර 11.42ක ටූවලූ දේශයේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුනා. පැරිසියේ දී එම කාලය දියුණු කර ගැනීමට මේබුකා අපේක්ෂා කරනවා.

tulu6786“දැනට තිබෙන මගේ ඉලක්කය එය යි... පැරිසියේදී අලුත් පෞද්ගලික දක්ෂතාවක් ලබා ගැනීම!”

 

අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් ‌ෆිජි දූපත්වල Suva අගනුවර පිහිටි දකුණු පැසිෆික් සරසවියට ගිය ඔහු එහිදී ඔලිම්පික් සඳහා පුහුණු වූයේ අසල තිබෙන ක්‍රීඩාංගණයේ.

පැරිසියේදී ඔලිම්පික් පදක්කමක් සමීපයට පැමිණීමට ඔහුට හැකියාවක් නැතත් Stade de France ක්‍රීඩාංගණයේ 80,000ක් නරඹන්නන් ඉදිරියේ දුවමින් තමාගේ ජාතික වාර්තාව ඉහළට ගෙන ඒම මේ ක්‍රීඩකයාගේ උවමනාව වී තිබෙනවා.

ඈත පැසිෆික් ධාවන පථයක සිට උත්කෘෂ්ට ඔලිම්පික් වේදිකාවට එන මේ දිරිය ක්‍රීඩකයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙසේ සඳහස් කරනවා

“දැනට තිබෙන මගේ ඉලක්කය එය යි... පැරිසියේදී අලුත් පෞද්ගලික දක්ෂතාවක් ලබා ගැනීම!”

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...