The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් කුණාටුවෙන් දකුණු අප්‍රිකාවත් විනාශ වේවිද?

T

The Leader Desk

June 26, 2024 • 11:46 AM

ඇෆ්ගන් කුණාටුවෙන් දකුණු අප්‍රිකාවත් විනාශ වේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුළු මහත් ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ කුතුහලයෙන් පිරුණු අවධානය හෙට ජූනි 27 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.00 ට එක ම එක තැනකට යොමුව
  • තමන්ගේ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පූර්ව තරගයකදී අට වැනි වතාවට හෝ වාසනාවන්ත වනු ඇතැයි දකුණු අප්‍රිකානුවන් ප්‍රාර්ථනා කරන්නේ මෙතෙක් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් පූර්ව තරග හතෙන් ම පරාජය වූ බැවින්.
  • පිතිකරු පෙලේ අංක 7 දක්වා ම පහළට ශක්තිමත් ආක්‍රමණශීලී පිතිකරුවන්ගෙන් සහ වේගය හා ප්‍රයෝගය සමානව තිබෙන පන්දු ප්‍රහාරයකින් සන්නද්ධව සිටින දකුණු අප්‍රිකාව විශ්වාස කරනු ඇත්තේ 2024 ඔවුන්ගේ වසර වනු ඇති බවට.
  • මේ තණතීරුවේ ලකුණු ලබා ගැනීම තරමක් අපහසු බව කළින් පැවති තරග හතරේදී තහවුරු වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ට්‍රිනිඩෑඩ් කැරිබියන් දූපතේ බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දෙස.

සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කෙරෙන ක්‍රිකට් ශෛලීන් දෙකේ ලෝක කුසලාන තරගාවලියක අවසාන මහා තරගයකට ප්‍රථම වතාවට පිවිසෙමින් ඉතිහාසය නිර්මාණය කිරීමේ වටිනා අවස්ථාව දකුණු අප්‍රිකාව ට හා ආසියාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය ට ලැබී තිබෙනවා.

 

SF AF ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ට්‍රිනිඩෑඩ් කැරිබියන් දූපතේ බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය

අවස්ථා කිහිපයකදීම ලෝක ක්‍රිකට් ක්‍රීඩාව අභිභවනය කළ ඔස්ට්‍රේලියාව හා නවසිලන්තය ඇතුළු ලොව ඉහළින්ම ශ්‍රේණිගතව සිටින කණ්ඩායම් ඇෆ්ගන් කුණාටුවට හසුවීමෙන් පසුව, ලෝක කුසලාන තරග බිමේ අවසන් පූර්ව වටය දක්වා වූ ඇෆ්ගනිස්තානයේ ප්‍රගමනය කාලයක් තිස්සේ මේ ක්‍රිකට් රටාවේ ඉහළට නගිමින් සිටින කණ්ඩායමක් වෙතින් සටහන් වන සිත්ගන්නා කතාන්දරයක්.

දැන් ඔවුන්ගේ හරහට සිටින්නේ මේ තරගාවලියේ අපරාජිතව සිටින දකුණු අප්‍රිකාව. තමන්ගේ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පූර්ව තරගයකදී අට වැනි වතාවට හෝ වාසනාවන්ත වනු ඇතැයි දකුණු අප්‍රිකානුවන් ප්‍රාර්ථනා කරන්නේ මෙතෙක් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් පූර්ව තරග හතෙන් ම පරාජය වූ බැවින්.

පිතිකරු පෙලේ අංක 7 දක්වා ම පහළට ශක්තිමත් ආක්‍රමණශීලී පිතිකරුවන්ගෙන් සහ වේගය හා ප්‍රයෝගය සමානව තිබෙන පන්දු ප්‍රහාරයකින් සන්නද්ධව සිටින දකුණු අප්‍රිකාව විශ්වාස කරනු ඇත්තේ 2024 ඔවුන්ගේ වසර වනු ඇති බවට.

 

battingපිතිකරු පෙලේ අංක 7 දක්වා ම පහළට ශක්තිමත් ආක්‍රමණශීලී පිතිකරුවන්ගෙන් සහ වේගය හා ප්‍රයෝගය සමානව තිබෙන පන්දු ප්‍රහාරයකින් සන්නද්ධව සිටින දකුණු අප්‍රිකාව

නරඹන්නන් 15,000කට අසුන් ගත හැකි බ්‍රයන් ලාරා ඇකඩමි ක්‍රීඩාංගණය හෙට සත්කාරකත්වය දක්වන්නේ මේ තරගාවලියේ පස්වැනි හා අවසාන තරගයට. කළින් පැවති තරග හතර ම ක්‍රීඩා කෙරුනේ ‘සී’ කොටසේ පළමු මූලික වටය යටතේ. මේ තණතීරුවේ ලකුණු ලබා ගැනීම තරමක් අපහසු බව කළින් පැවති තරග හතරේදී තහවුරු වී තිබෙනවා. මේ තරග අතරින් වාර්තා වූ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වන්නේ නවසිලන්තය ට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල ලබා ගත් කඩුලු 9 ට ලකුණු 149.

ඇෆ්ගනිස්තානය මේ තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා ඉදිරියට ඒමේ ප්‍රධාන හේතුව වූයේ ඔවුන් කැන්ගරුවන් ට එරෙහිව ලබා ගත් අතිවිශිෂ්ට ජයග්‍රහණය. කෙසේ වෙතත් ඇෆ්ගන්වරු මේ තරගාවලිය පුරාම විශිෂ්ට ක්‍රීඩාවක නියැලෙමින් සිටි බව අමතක නොකළ යුතු කාරණයක්.

මූලික වටයේදී ඉතාමත් ම අසීරු කොටසකට වැටුනු ඇෆ්ගනිස්තානය මේ දුර පැමිණියේ ඒකාකාරී ලෙසින් දස්කම් දක්වමින් අවසන් පූර්ව වටවලට නිරන්තරයෙන් සුදුසුකම් ලබන කණ්ඩායමක් වන නවසිලන්තය අභිබවා යමින්. ඉන්දියාව ට පරාජය වීමෙන් පසුව ඇෆ්ගන් කණ්ඩායම ඔස්ට්‍රේලියාව අන්දමන්ද කර බංග්ලාදේශය ලකුණු අටකින් පරාජය කළේ ඉතිහාසය නිර්මාණය කර ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පූර්ව ස්ථානයක් හිමිකර ගනිමින්.

 

galhy26abgwhsw803krrවිවිධාකාර දස්කම් තිබෙන රෂිඩ් ඛාන්ගේ කණ්ඩායම හෙට අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අභියෝගය ජය ගනීවිද කියා තරගාවලියේ තවමත් රැඳී සිටින මෙන්ම ඉවතට විසිවුනු කණ්ඩායම් ද නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

විවිධාකාර දස්කම් තිබෙන රෂිඩ් ඛාන්ගේ කණ්ඩායම හෙට අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අභියෝගය ජය ගනීවිද කියා තරගාවලියේ තවමත් රැඳී සිටින මෙන්ම ඉවතට විසිවුනු කණ්ඩායම් ද නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

මේ තරගය වෙනුවෙන් ඉතිහාසය අතින් නම් දකුණු අප්‍රිකාව ට වාසියක් සැලසෙන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලියන්හි පිළිමළුන් පිටුදැකීමේ අදියරවලදී දකුණු අප්‍රිකාව මෙතෙක් ක්‍රීඩා කර තිබෙන තරග දහයෙන් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකි වී තිබෙන්නේ එක් තරගයකින් පමණයි. ඒ විරල ජයග්‍රහණය වාර්තා වූයේ 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ෆෆ් ඩු ප්ලේසිගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිඩ්නි නුවරදී ශ්‍රී ලංකාව පරාජය කළ අවස්ථාවේ.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇෆ්ගන් කුණාටුවෙන් දකුණු අප්‍රිකාවත් විනාශ වේවිද? | The Leader