බැඩ්මින්ටන් පුහුණුකරුවෙකු වන ටෝනි වහීඩිම් ට සහ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් ට පහරදීමට තැත් කිරීමක් පිළිබඳව වාර්තා වේ.
ඒ පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ සමබන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත(Rising Stars Badminton Academy) රයිසින් ස්ටාර්ස් බැඩ්මින්ටන් ඇකඩමි පුද්ගලික සමාගමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ටෝනි වහීඩිම් පසුගියදා බස්නාහිර පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ අවසාන එම තරගය නැරඹීමට ගොස් ඇත්තේ, එම ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනකු එම තරගාවලියේ අවසාන වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසාය.
එහි දී මෙරට ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු සහ පෞද්ගලික බැඩ්මින්ටන් ඇකඩමියක හිමිකරුවෙකු වන යුක්ති රංගන නමැත්තා එම ක්‍රීඩාගාරය තුළ දී ටෝනි ට සහ ක්ලැරන්ස්ට මෙම පහරදීමට තැත් කිරීම සිදුකර ඇත.
ඉන්දුනීසියානු බැඩ්මින්ටන් පුහුණුකරුට සහ තමාට පහර දීමට තැත් කිරීම පිළිබඳව යුක්ති රංගන නමැත්තාට එරෙහිව Rising Stars Badminton Academy හි සභාපති සහ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් CIB ¡¡¡ 69/200 යටතේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි වාර්තා වේ.
එසේම මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට ද වර්තාකර ඇතැයි තොරතුරු වාර්තා වේ.



