The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

යුරෝ පාපන්දු තරගවලට ප්ලාස්ටික් බීර කෝප්ප වැස්සක්

T

The Leader Desk

June 26, 2024 • 4:20 PM

යුරෝ පාපන්දු තරගවලට ප්ලාස්ටික් බීර කෝප්ප වැස්සක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ දැන් පැවැත්වෙන Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය විශේෂයෙන් තරගවලදී ගෝල් ගණනාවක් වාර්තා වීම
  • කෙසේ වෙතත්, මේ තරගාවලියේ ආරම්භක දින 12 තුළ ප්‍රදර්ශනය වූ සංසිද්ධිය වී තිබෙන්නේ ක්‍රීඩා ලෝලීන් ප්ලාස්ටික් බීර කෝප්ප තරග පිටියට සහ අනෙක් ක්‍රීඩා ලෝලීන් වෙත විසිකිරීම යි.
  • “අපි මෙහෙ බියර්වලින් පෙඟෙනවා” යනුවෙන් Murphy කියා සිටි අතර, “අපි හොඳටම තෙමෙනවා” යැයි Pearce ප්‍රකාශ කළා.
  • මේක දිගටම සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා ඔවුන් කීවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුළු විවිධ හේතුන් නිසා සාර්ථක තරගාවලියක් ලෙසින් සැලකෙනවා.

කෙසේ වෙතත්, මේ තරගාවලියේ ආරම්භක දින 12 තුළ ප්‍රදර්ශනය වූ සංසිද්ධිය වී තිබෙන්නේ ක්‍රීඩා ලෝලීන් ප්ලාස්ටික් බීර කෝප්ප තරග පිටියට සහ අනෙක් ක්‍රීඩා ලෝලීන් වෙත විසිකිරීම යි.

ererwfe44

ක්‍රොඒෂියාව හා ඉතාලිය අතර සඳුදා පැවති තරගයේදී ඉතාලි ක්‍රීඩකයන් පිටියේ කොණ සිට පන්දුව එල්ල කිරීමට (Corner Kicks) උත්සාහ කළ අවස්ථාවන්හිදී ක්‍රීඩා මණ්ඩපයේ සිට වැසි මෙන් බීර කෝප්ප වැටෙන්නට වූ අතර ගෝල් ලබා ගැනීමෙන් පසුව ක්‍රීඩා ලෝලීන් සතුටු වෙද්දී මණ්ඩපයේ තට්ටුවෙන් තට්ටුවට පෙළ ගැසුණු ආසන පෙළේ පහළ සිටින ක්‍රීඩා ලෝලීන්ගේ ඇඟට ඉහළ තට්ටුවේ සිට බීර කෝප්ප විසි කෙරුනා.

තවත් තරගයකදී, පිටිය මුල්ලේ කොඩිය තිබෙන ස්ථානයේ (Corner Flag) සිටි ප්‍රංශයේ Antoine Griezmann වෙත නෙදර්ලන්ත ක්‍රීඩා ලෝලීන් කෝප්ප විසි කරද්දී උරණ නොවූ ඔහු එම ක්‍රීඩා ලෝලීන් සමග සිනහව බෙදා ගත්තා. එම ක්‍රියාවන් සැහැල්ලුවට ගත් එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිටිය ද අනෙක් ක්‍රීඩකයින් එම ප්ලාස්ටික් කෝප්ප පිටියෙන් ඉවත් කළේ සතුටකින් නෙවෙයි.

සඳුදා තරගයේදී ඉහළ තට්ටුවේ සිටි ක්‍රොඒෂියානු ක්‍රීඩා ලෝලීන් විසින් බීරවලින් නාවනු ලැබූ පහළ තට්ටුවේ සිටි ඉතාලි ක්‍රීඩා ලෝලීන් කෝපයෙන් කෑගසන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවලින් දැක්වුනා. මේ සිද්ධියට මාධ්‍යවේදීන් ද හසුවුනා.

ජය පැරදුමින් තොරව අවසන් වූ එම තරගයේ විස්තර ප්‍රචාරය ගෙන එමින් සිටි බී.බී.සී.යේ Jonathan Pearce සහ හිටපු එංගලන්ත ජාත්‍යන්තර ක්‍රීඩක Danny Murphy ඔවුන්‌ගේ සජීවී විස්තර විකාශය අතරතුර ඔවුන් වටා සිදුවන සිදුවීම් ගැන මෙසේ පැවසුවා.

“අපි මෙහෙ බියර්වලින් පෙඟෙනවා” යනුවෙන් Murphy කියා සිටි අතර, “අපි හොඳටම තෙමෙනවා” යැයි Pearce ප්‍රකාශ කළා.

“ක්‍රීඩා මණ්ඩපයේ ඉඳන් මෙහෙම කෝප්ප විසිකරන එක දිගටම සිද්ධ වෙන්න බැහැ. පිට්ටනියට ප්ලාස්ටික් කෝප්ප විසි කිරීමෙන් ක්‍රීඩකයන් අසීරුතාවට පත්ව සිටිනවා. එය තව තවත් වැඩියෙන් සිදුවනවා” Pearce කියා සිටියා.

“මම ජර්මන් බළධාරීන් කිහිප දෙනෙකුට කතා කළා. මේක දිගටම සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා ඔවුන් කීවා. මිනිස්සු බොන එක නතර කරනවා කියල ඔවුන් පැවසුවා.”

xdfgt345

මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට පෙර තරගයේ වාර්තාවක් ලැබෙන තුරු සිය විනය කමිටුව බලා සිටින බව යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය වන UEFA කියා තිබෙනවා. ඉදිරි තරගවලදී බීර කෝප්ප විසි කිරීම පිළිබඳව ක්‍රියා කිරීමක් ගැන ඔවුන්ගෙන් තවමත් ප්‍රකාශයක් නැහැ.

බීරවලට පමණක් යුරෝ 6ක (ඩොලර් 6.44) අවම තැන්පතුවකට අමතරව කෝප්පයකට තැන්පතුවක් වශයෙන් යුරෝ 3ක් (ඩොලර් 3.22) ක්‍රීඩා ලෝලීන් විසින් ගෙවිය යුතුව තිබෙන බවට වාර්තා වනවා.

ක්‍රීඩා මණ්ඩපයේ මත්පැන් පානය කිරීම ලෝක පාපන්දුවේ විශාල ලෙස සිදුවන දෙයක් නෙවෙයි. එංගලන්තයේදී එය සම්පූර්ණයෙන් තහනම් වන අතර මත්පැන් පානය කිරීමට අවසර දී තිබෙන්නේ පොදු ගොඩනැගිල්ලේ ඉදිරිපස බිමේ පමණයි.

මේ අතර, මෙවර යුරෝ තරගාවලිය ජයග්‍රහණය කරනු ඇති බවට අනුමාන කෙරෙන ජනප්‍රිය ම කණ්ඩායම වන එංගලන්තය මෙතෙක් ක්‍රීඩා කර තිබෙන ආකාරය පිළිබඳව එරට ක්‍රීඩා ලෝලීන් තුළ පැහැදීමක් ඇති වී නැහැ. ඒ අනුව, ස්ලොවේනියාව ට එරෙහිව ඔවුන් වාර්තා කළ සිත් නොගන්නා ජය පැරදුමින් තොර තරගයෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරත් සවුත්ගේට් වෙත බීර කෝප්ප දෙකක් විසි කෙරුනා.

xfgert345

යුරෝපයේ සුළු කණ්ඩායමක් වන ස්ලෝවේනියාව යුරෝපයේ යෝධ කණ්ඩායමක් වන එංගලන්තය ජය පරාජයක් නැති අවසානයකට ගෙන ඒමට සමත් වූව ද තමන් අයත් ‘සී’ කොටසේ පෙරමුණ ගැනීමට එංගලන්තය ට හැකිවුනා.

පළමු තරගයේදී ඉතාමත් අපහසුවෙන් සර්බියාව ගෝල් 1-0කින් පරාජය කළ එංගලන්තය දෙවැනි තරගයේදී ඩෙන්මාර්කය ට ගෝල් 1-1කින් සම වුනා.

නමුත් තෙවැනි තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වනවාත් සමග උතුරා ගිය එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ ඉච්ඡා භංගත්වයේදී ප්‍රදර්ශනය වූයේ මහා “හූ” හඬක්. සවුත්ගේට් වෙත බීර කෝප්ප දමා ගැසුනේ මේ අතරතුර.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...