The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

යුපුන්ගේ ඔලිම්පික් සිහිනය වැටඋඩ

T

The Leader Desk

June 27, 2024 • 5:45 AM

යුපුන්ගේ ඔලිම්පික් සිහිනය වැටඋඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධාවන පථ­යේදී පාදයේ ආබාධයකට ලක්වූ යුපුන් අබේ­කෝන්
  •   පසුගිය කාලය පුරා යුරෝපයේ රටවල් කීපයකටම ගොස් මීටර් 100 (පිරිමි) ඉසව්වේ තරග වලට සහභාගි වූ යුපුන්ගේ අරමුණ වූයේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමයි.
  • කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ දැනගන්නට ලැබුණේ 30 වැනිදා පැවැත්වෙන විශේෂ තේරීම් තරගයට ඉදිරිපත්වීමට යුපුන් සූදානම් වන බවයි.    “එයාට තියෙන්නේ මස්පිඩු පෙරළීමක් මිසක් මස්පිඬු ඉරීමක් නෙමේ.
  • එහිදී ඔහුගේ දක්ෂතාවය තත්පර 10.32 කට සීමාවීමෙන් ඔහු මූලික වටයෙන්ම ඉවතට ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 අවසන් පූර්ව වටයට ඊයේ (26) පස්වරුවේ සහභාගිවූ ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් තරගය අතරමගදී ධාවනයෙන් ඉවත්වීමෙන් ඔහුගේ ඔලිම්පික් බලාපොරොත්තු අත් හැර ගැනීමට සිදු වී ඇතැයි වාර්තා වේ. 

2024 පැරිස් ඔලිම්පික් ‍උළෙලට සුදුසුකම් ලබා ගැනීම සදහා ලැබුණු අවසන් අවස්ථාව ලෙසින්, ඉතාලියේ සිට පැමිණි යුපුන් අබේකෝන් දියගම තරගාවලියට සහභාගි විය. 

ඔහු ශ්‍රී ලංකාවේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූයේ වසර පහකට පසුවය. 

දියගමදී පැවැත්වෙන ජාතික තරගාවලියේ මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටයේ සිට තරග වැදීමේ අවස්ථාව ලබා ගත් යුපුන් ඊයේ පස්වරුවේදී පැවැති තෙවැනි අවසන් පූර්ව තරගයට ඉදිරිපත් විය. එහිදී ආරම්භය ලබා ගත් යුපුන් මීටර් කීපයක් පමණක් ඉදිරියට දිව ගොස් තරගය අතරමග ඉවත් වූයේය. ඔහුගේ ධාවනය කෙරෙහි එම අවස්ථාවේ තරග නරඹමින් සිටි විශාල  පිරිසකගේ මහත් අවධානයට යොමු විය. 

මෙම සිදුවීමෙන් අනතුරුව යුපුන් ධාවන පඨයේ වැතිර ප්‍රථමාධාර ලබමින් සිටිනු දක්නට ලැබුණි.  

පසුගිය කාලය පුරා යුරෝපයේ රටවල් කීපයකටම ගොස් මීටර් 100 (පිරිමි) ඉසව්වේ තරග වලට සහභාගි වූ යුපුන්ගේ අරමුණ වූයේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමයි. එහෙත් ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුව යුපුන් දියගමදී පැවැති ජාතික තරගාවලියට අවධානය යොමු කර සිටියේය.

යුපුන් අබේකෝන් තරග වැදීමෙන් ඉවත්වීම ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවැසුවේ, පාදයක පවතින මස්පිඩු ආබාධයක් හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත්වූ බවයි. 

 

මෙම තත්ත්වය නිසා පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවසන් උත්සාහය වන ඉරිදා (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සූදානම් කර තිබෙන විශේෂ තේරීම් තරගාවලියෙන්ද යුපුන් ඉවත් වනු ඇතැයි කලින් වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ දැනගන්නට ලැබුණේ 30 වැනිදා පැවැත්වෙන විශේෂ තේරීම් තරගයට ඉදිරිපත්වීමට යුපුන් සූදානම් වන බවයි. 

 

“එයාට තියෙන්නේ මස්පිඩු පෙරළීමක් මිසක් මස්පිඬු ඉරීමක් නෙමේ. ඒ හින්දා එයා 30 වැනිදා තරගයට ඉදිරිපත් වෙනවා“ යයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතයේ උසස් නිලධාරියෙක් කීවේය. 

2022 වසරේදී මීටර 100 ඉසව්වෙන් තත්පර 9.96 ක දක්ෂතාවයක් දක්වමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වූ යුපුන්, මෙවරත් ඔලිම්පික් උළෙල සදහා නිර්දේශ ලබා ගනු ඇතැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය බවට පත්ව තිබුණි. 

29 හැවිරිදි යුපුන් අබේකෝන්  2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත් ශ්‍රී  ල‍‍ංකා ක්‍රීඩකයෙකි. එහිදී ඔහුගේ දක්ෂතාවය තත්පර 10.32 කට සීමාවීමෙන් ඔහු මූලික වටයෙන්ම ඉවතට ගියේය.

නදීෂා දිල්හානි ලේකම්ගේ සහ තරුෂි කරුණාරත්න

 

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් දියගමදී තරග වැදුණු මීටර්  400 ධාවකයන් දෙදෙනා වන යුද හමුදාවේ අනුර දර්ශන හා කාලිංග කුමාරගේ ඊයේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙමින් පිළිවෙලින්  තත්පර 45.51 හා 45.38 ක් වන දක්ෂතා දක්වමින්  පළමු හා දෙවැනි ස්ථාන ලැබූහ.

 

පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමේදී ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ඉදිරියෙන්ම පසු වන්නේ යුද හමුදාවේ නදීෂා දිල්හානි ලේකම්ගේය. ඇය මීටර 55.77කට හෙල්ල විසි කරමින් ඉසව්වෙන් එම ඉසව්වේ පළමු තැන ලැබුවාය. එහිදී ප්‍රාසාද ලකුණු 100 ක් තවත් එකතු කර ගැනීමට සමත්වීමෙන් ඇගේ පැරිස් ඔලිම්පික් අපේක්ෂා ඊයේ තවත් ඉහළ නැංවුණි

 මීටර් 400 ආසියානු රන් පදක්ක්ම්ලාභීණී නදීෂා රාමනායක ඊයේ තත්පර 53.37 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය. 

අද (27 වැනිදා) දියගමදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා  තරගාවලියේ අවසන් දිනයයි. අද දිනයේ  වැඩිම අවධානයක් දිනා ගන්නා ක්‍රීඩිකාව විය හැක්කේ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් ආසියානු රන් පදක්කම් දිනා සිටින තරුෂි කරුණාරත්නය. ඇයද පැරිස්  ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් අද උදෑසන 7.55 ට අවසන් තරගයට සහභාගි වෙයි. 

පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවන ක්‍රීඩිකාවන් අතර තරුෂි කරුණාරත්න දෙවනුව ඉදිරියෙන්ම පසු වන ශ්‍රී  ලාංකික ක්‍රීඩිකාවයි.

(kelimandala.lk - නාමල්  පතිරගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...