The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවේ ආශ්ඩීප් සිං පන්දුව පළුදු කරන බවට හිටපු පාකිස්තාන් නායකයන්ගෙන් චෝදනා

T

The Leader Desk

June 27, 2024 • 3:41 PM

ඉන්දියාවේ ආශ්ඩීප් සිං පන්දුව පළුදු කරන බවට හිටපු පාකිස්තාන් නායකයන්ගෙන් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ආශ්ඩීප් සිං (Arshdeep Singh) පන්දුවේ ස්වභාවය වෙනස් කරන බවට
  • ඔස්ට්‍රේලියාව සමග පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි 8’ තරගයේදී ආශ්ඩීප් සිං හා ඉන්දියා කණ්ඩායම පන්දුවේ හැඩය වෙනස් කළ බව හිටපු පාකිස්තාන නායකයන් දෙදෙනාගේ දෝෂාරෝපණය වී තිබෙනවා.
  • ආශ්ඩීප් ට අලුත් පන්දුවෙන් පැද්දෙන වේගී රිද්මයක් (රිවර්ස් ස්වින්ග් - Reverse Swing) ලබා ගැනීමට උපකාරී වීම පිණිස තරගයේ මැද ඔ්වරවලදී ඉන්දියාව පන්දුව පළුදු කරන්නට ඇතැයි ඉන්සමාම් පවසනවා.
  • තරග නිලධාරීන් සමහර කණ්ඩායම්වලට උදව් කරන බවත් ඉන්දියාව ඒ එක කණ්ඩායමක් බවත් මලික් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් චෝදනා කරනවා.

මේ චෝදනාව නගන්නේ ඉන්සමාම් උල් හක් (Inzamam-ul-Haq) හා සලීම් මලික් (Saleem Malik).

xcgrtt345
ඔස්ට්‍රේලියාව සමග පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි 8’ තරගයේදී ආශ්ඩීප් සිං හා ඉන්දියා කණ්ඩායම පන්දුවේ හැඩය වෙනස් කළ බව හිටපු පාකිස්තාන නායකයන් දෙදෙනාගේ දෝෂාරෝපණය වී තිබෙනවා.

ආශ්ඩීප් ට අලුත් පන්දුවෙන් පැද්දෙන වේගී රිද්මයක් (රිවර්ස් ස්වින්ග් - Reverse Swing) ලබා ගැනීමට උපකාරී වීම පිණිස තරගයේ මැද ඔ්වරවලදී ඉන්දියාව පන්දුව පළුදු කරන්නට ඇතැයි ඉන්සමාම් පවසනවා.

මේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් නොසිටීම ගැන ඉන්සමාම් හා මලික් තරග විනිසුරුවන්ටද දොස් නගා තිබෙනවා.

තරග නිලධාරීන් සමහර කණ්ඩායම්වලට උදව් කරන බවත් ඉන්දියාව ඒ එක කණ්ඩායමක් බවත් මලික් ප්‍රකාශ කරනවා.

පන්දුවේ ස්වභාවය වෙනස් නොකර නව පන්දුවකින් රිවර්ස් දෝලනයක් ලබා ගැනීම අපහසු බව ඉන්සමාම් පෙන්වා දෙනවා.

7688dker
“ආශ්ඩීප් සිං 15 වැනි ඔ්වරය යවද්දී පන්දුවේ රිවර්ස් ස්වින්ග් එකක් තිබුනා. අලුත් පන්දුවකින් මෙතරම් ඉක්මනට එවැන්නක් සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ රිවර්ස් ස්වින්ග් ලබා ගැනීම සඳහා 12 හෝ 13 වැනි ඔ්වරයේදී පන්දුව පළුදු කළ බවයි. එබැවින්, තරග විනිසුරුවන් මේ ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි” ඉන්සමාම් කියා සිටිනවා.

“සමහර කණ්ඩායම් වෙනුවෙන් තරග විනිසුරුවන් ඔවුන්ගේ දෑස් වසාගෙන සිටින බවට කතාවක් තියෙනවා. ඉන්දියාව එවැනි එක් කණ්ඩායමක්. පාකිස්තානයට එරෙහිව පැවති තරගයකදී මේ හා සමාන සිද්ධියක් ගැන වාර්තා කිරීම නිසා දඩ කන්න සිද්ධ වුනු අවස්ථාවක් ගැන මට මතකයි” මලික් පෙන්වා දී තිබෙනවා.

පාකිස්තාන ක්‍රීඩකයෙක් මෙවැනි දෙයක් කළා නම් තරග විනිසුරුවන් දැඩි පියවර ගැනිමට ඉඩ තිබූ බව ඉන්සමාම් සඳහන් කරනවා.

“පාකිස්තාන් පන්දු යවන්නන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වුනා නම්, ඒ ගැන ගොඩක් සාකච්ඡා තියේවි. ආශ්ඩීප්ගේ පන්දුව 15 වැනි ඕවරයේදී රිවර්ස් වෙනවා නම්, පන්දුවට මොනවා හරි කළ බව පැහැදිලි යි” ඉන්සමාම් වැඩිදුරටත් කියා සිටිනවා.

දැන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටින්නේ ආශ්ඩීප් සිං. ලකුණු 37කට කඩුලු 3ක සුවිශේෂී පන්දු යැවීමක්ද සමග ඔහු තරග හයකින් කඩුලු 15ක් ලබා ගෙන සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...