The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් උළෙලට එන නෙදර්ලන්ත කණ්ඩායමේ ළමා අපයෝජකයෙක්

T

The Leader Desk

June 28, 2024 • 11:18 AM

පැරිස් ඔලිම්පික් උළෙලට එන නෙදර්ලන්ත කණ්ඩායමේ ළමා අපයෝජකයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ තරුණයෙක් නෙදර්ලන්ත ඔලිම්පික් කණ්ඩායමට ඇතුළත්ව සිටීම පිළිබඳව ක්‍රීඩා ලෝකයේ කතාබහක් ඇතිව තිබෙනවා.
  •   ස්ටීවන්ගේ ඉතිහාසය දන්නා බවත් මේ පිළිබඳව නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය හා ස්ටීවන් සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වූ බවත් නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනයේ අධ්‍යක්ෂ මයිකල් එව්රියට් (Michel Everaert) ප්‍රකාශ කරනවා.
  • එතැන් සිට අපි ස්ටීවන් සමග නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යමින් තිබෙන අතර ඔහු දැන් නෙදර්ලන්ත වොලිබෝල් ප්‍රජාවට පූර්ණ වශයෙන් යළි එකතු කරගෙන තිබෙනවා” යැයි එව්රියට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
  • නෙදර්ලන්තයේදී 2017 වසරේදී නිදහස් කෙරුනු ඔහු නැවත ක්‍රීඩාවට පිවිසියා.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී නෙදර්ලන්තය නියෝජනය කිරීමට තෝරා‌ ගෙන තිබෙන මේ තරුණයා මීට වසර දහයකට පෙර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදට සිර දඬුවම් විඳි ලන්දේසි ජාතික වෙරළ වොලිබෝල් ක්‍රීඩකයෙක්. 
 
වයස අවුරුදු 12ක්ව සිටි ළමා දැරිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදට, දැන් 29 වැනි වියේ පසුවන ස්ටීවන් වන් ද වෙල්ඩ (Steven van de Velde) ට 2014 වසරේදී සිවු වසරක සිරදඬුවමක් නියම කෙරුනා. ඔහු 2017දී නිදහස ලැබුවා. මේ වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් (Beach Volleyball) තරගාවලියේදී නෙදර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස ඔහු දැන් සුදුසුකම් ලබා තිබෙනවා.
 
ස්ටීවන්ගේ ඉතිහාසය දන්නා බවත් මේ පිළිබඳව නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය හා ස්ටීවන් සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වූ බවත් නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනයේ අධ්‍යක්ෂ මයිකල් එව්රියට් (Michel Everaert) ප්‍රකාශ කරනවා.
 
GetImage.asmxනෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනයේ අධ්‍යක්ෂ මයිකල් එව්රියට්
“ඔහුව එදා වරදකරු කළේ එංගලන්ත නීතියට අනුව. ඔහු ඔහුගේ සිර දඬුවම විඳ තිබෙනවා. එතැන් සිට අපි ස්ටීවන් සමග නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යමින් තිබෙන අතර ඔහු දැන් නෙදර්ලන්ත වොලිබෝල් ප්‍රජාවට පූර්ණ වශයෙන් යළි එකතු කරගෙන තිබෙනවා” යැයි එව්රියට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

නෙදර්ලන්තය ට මාරු කිරීමට පෙර ස්ටීවන් ඔහුගේ සිරදඬුවමෙන් කොටසක් ගත කළේ එංගලන්තයේ. නෙදර්ලන්තයේදී 2017 වසරේදී නිදහස් කෙරුනු ඔහු නැවත ක්‍රීඩාවට පිවිසියා.
 
2018 වසරේදී ස්ටීවන් වන් ද වෙල්ඩ ජාතික ගුවන්විදුලියෙන් මෙසේ කියා තිබුනා: “මම කළ දේ මම කළා. මට ඒක ආපහු ගන්න බැහැ. ඒ නිසා එහි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න මට සිද්ධ වෙනවා. මම මගේ ජීවිතයේ කළ ලොකුම වරද එයයි.”
 
ඔහු ආදර්ශමත් මිනිසෙකු වන බවට ඔප්පු කරමින් සිටින බවත් ඔහු නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ඔහු ගැන සැකයක් ඇති කර ගැනීමට හේතුවක් තිබී නැති බවත් එව්රියට් වැඩිදුරටත් පවසනවා.

සිය ජීවිතයේ තිබෙන මේ කළු පැල්ලම නැවත මතුවන බව ස්ටීවන් දන්නා බවත් පැහැදිලිවම ඔහු ඒ ගැන සතුටු නොවන බවත් නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනය සඳහන් කරනවා.

එම සම්මේලනය විසින් නිකුත් කර ඇති නිවේදනය මගින් ස්ටීවන් තමාට ලැබුනු මේ අවස්ථාව පිළිබඳව කෘතඥතාව පළ කර තිබෙනවා.
 
Steven van de Velde Espinho 2024
“ලෝකයේ ලොකුම ක්‍රීඩා ඉසව්වට පිවිසීමේදී, මේ ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු විය හැකි බව මට තේරෙනවා” ස්ටීවන් කියනවා
 
“එදා තිබූ මගේ ඉතාම තරුණ ජීවිතයේ මම කරපු ලොකුම වැරැද්දෙන් පසුව මාව ආපහු පිළිගෙන මට දෙවැනි අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම මගේ මවුපියන්ට, මගේ මිතුරන්ට හා මගේ ක්‍රීඩා සගයන් ඇතුළු සියළු දෙනාටම කෘතඥ වනවා.”

“නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනයටත් මම කෘතඥතාව පළ කරන්නේ ඔවුන් මට ඉතාම පැහැදිලි කොන්දේසි හා එකඟතාවන් එක්ක මේ අලංකාර ක්‍රීඩාවේ අනාගතයක් මට නැවත ලබා දුන් නිසා. නමුත් මම නව යොවුන් වියේ සිටි කාලය ගැනත් නැවත මතක් කරනවා. එදා මම සිටියේ අනාරක්ෂිත, ඉහළ ම පෙලේ ක්‍රීඩකයෙකු ලෙස ජීවිතයකට සූදානමක් නැති සහ ඇතුළතින් සතුටක් නැති කෙනෙකු ලෙස. ඒ, මම කවුද කියා හෝ මට උවමනා කුමක්ද කියා හෝ මම නොදැන සිටි නිසා.”
 
ස්ටීවන් ට සහයෝගය දෙන බව පවසන නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනය හා නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් කමිටුව, ස්ටීවන් යළි අපරාධවලට යොමු වීමට තිබෙන අවස්ථාව ශුන්‍ය බවට ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය සමග එක්ව විශාරදයින් හමුවී කරන ලද සාකච්ඡාවලදී තහවුරු වී ඇතැයි ප්‍රකාශ කරනවා.

“සිරදඬුවමෙන් පසුව ස්ටීවන් පුනරුත්ථාපන හා පුහුණු කිරීමේ විශාරද මගපෙන්වීම යටතේ පියවරෙන් පියවර ක්‍රීඩාවේ ඉහළම තලයට නැවත පැමිණ තිබෙනවා. 2017 වසරේ සිට ඔහු නැවතත් ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි වෙමින් සිටිනවා” යනුවෙන් නෙදර්ලන්ත වොලිබෝල් සම්මේලනය පවසනවා.
 
378327edcea146c8c79ec8d6fcd885f1
ස්ටීවන් නැවත වෘත්තීය ක්‍රීඩාවට පිවිසියේ ඉහළම තලයේ සිටින ක්‍රීඩකයෙකු වරදකරුවකු වීමෙන් පසුව යළි තරග බිමට පිවිසිය හැකි  කොන්දේසිවලට අනුව බව නෙදර්ලන්ත ඔලිම්පික් කමිටුව කියා සිටිනවා.

“ස්ටීවන් වන් ද වෙල්ඩ දැන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා අවශ්‍ය සියළුම සුදුසුකම් සපුරා තිබෙනවා. ඒ නිසා ඔහු දැන් නෙදර්ලන්ත කණ්ඩායමේ සාමාජිකයෙක්” කමිටුව ප්‍රකාශ කරනවා.
 
මේ අතර, ආරක්ෂිත ක්‍රීඩාවක් සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානයේ - US Center for SafeSport - ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා Ju’Riese Colon නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, කුඩා දැරියකට ලිංගික අතවර කළ බවට වරදකරු වූ පුද්ගලයෙකුට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට හැකිවීම පිළිබඳව තම සංවිධානය ඉතාමත් සැලකිලිමත්ව සිටින බවයි.
 
“බාලවයස්කාර ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඇතුළත් ලොව පුරා කණ්ඩායම් පැරිසියට එකතු වීමට යන මේ අවස්ථාවේ, මෙයින් යැවෙන පණිවුඩය වන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට වඩා පදක්කම් හා මුදල් වටිනා බවයි. ක්‍රීඩාවට සහභාගි වීම ගෞරවයක් මිස අයිතියක් නෙවෙයි!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...