The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

'මුළු තරගාවලියම ඉන්දියාව වෙනුවෙන්මයි. අනෙක් කණ්ඩායම්වලට ලොකු අසාධාරණයක්' -මයිකල් වෝන්

T

The Leader Desk

June 28, 2024 • 4:08 PM

'මුළු තරගාවලියම ඉන්දියාව වෙනුවෙන්මයි. අනෙක් කණ්ඩායම්වලට ලොකු අසාධාරණයක්' -මයිකල් වෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව සියළුම ක්‍රිකට් රටවල පාලකයා වන ජගත් ක්‍රිකට් කවුන්සලය ඉන්දියාවේ ප්‍රබල මූල්‍ය බලය හමුවේ ඔවුන්ට යටත්ව සිටින අයුරු
  • ඉන්දියා කණ්ඩායමේ අවසන් පූර්ව තරගය ගයානා හි පැවැත්වීමට ICCය කළින් ම තීරණය කළේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව ට උදව් කිරීම සඳහා බවට වෝන් චෝදනා කරනවා.
  • මෙවර තරගාවලිය පුරාවට ජගත් ක්‍රිකට් කවුන්සලය ඉන්දියාව ට වාසිය අත්වන පරිදි කටයුතු කරමින් අනෙක් කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුකර ඇතැයි වෝන් පවසනවා.
  • ‘සුපිරි 8’ වටයේ ලබා ගන්නා ස්ථානය කුමක් වූව ද ඉන්දියාව ඔවුන්ගේ දෙවැනි අවසන් පූර්ව තරගය ගයානා හි පැවැත්වීමට තීරණය කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් පැවැත්වෙන 2024 T20 ලෝක කුසලාන තරගාවලියේදී ඉතාම පැහැදිලිව ලෝකයට ප්‍රදර්ශනය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශාරදයින් කිහිප දෙනෙකුම ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විවේචනය කර තිබෙන අතර ඊට අලුතින්ම එක්ව සිටින්නේ හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් (Michael Vaughan).


“මේ මුළු තරගාවලිය ම ඉන්දියාව වෙනුවෙන් ම යි. අනෙක් කණ්ඩායම්වලට කිසිම සාධාරණයක් නැහැ” යනුවෙන් වෝන් ICCය විවේචනයට ලක්කර තිබෙන්නේ දකුණු අප්‍රිකාව විසින් අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානය පරාජය කිරීමෙන් පසුව.


ඉන්දියා කණ්ඩායමේ අවසන් පූර්ව තරගය ගයානා හි පැවැත්වීමට ICCය කළින් ම තීරණය කළේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව ට උදව් කිරීම සඳහා බවට වෝන් චෝදනා කරනවා.

මෙවර තරගාවලිය පුරාවට ජගත් ක්‍රිකට් කවුන්සලය ඉන්දියාව ට වාසිය අත්වන පරිදි කටයුතු කරමින් අනෙක් කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුකර ඇතැයි වෝන් පවසනවා.

ඊයේ පැවති අවසන් පූර්ව තරග දෙකෙන් ටුරුබා හි පැවැත්වූ පළමු තරගය ක්‍රීඩා කළ යුතුව තිබුනේ ‘සුපිරි අට’ 1 කොටසේ පෙරමුණට පිවිසි ඉන්දියාව හා 2 කොටසේ අනුශූරයින් වූ එංගලන්තය අතර වූව ද ඒ වෙනුවට පැවැත්වුනේ 2 කොටසේ ජයග්‍රාහකයන් වූ දකුණු අප්‍රිකාව හා 1 කොටසේ දෙවැනි ස්ථානයට පත්වූ ඇෆ්ගනිස්තානය අතර තරගය බව වෝන් පෙන්වා දෙනවා.

gjkkjwadw

‘සුපිරි 8’ වටයේ ලබා ගන්නා ස්ථානය කුමක් වූව ද ඉන්දියාව ඔවුන්ගේ දෙවැනි අවසන් පූර්ව තරගය ගයානා හි පැවැත්වීමට තීරණය කර තිබුනා. මීට කිසිම නිල හේතුවක් ICCය ලබා නොදුන්න ද එය එසේ සිදුකළේ ඉන්දියාවේ සිටින නරඹන්නන් සඳහා බවට පෙනෙනවා. රාත්‍රී තරගයක් වූ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියා වේලාවෙන් පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිතව තිබුනු අතර එය ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට යෝග්‍ය නොවන වේලාවක්. දිවා තරගයක් වූ දෙවැනි අවසන් පූර්ව තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ ඉන්දියාවේ වේලාවෙන් පස්වරු 8.00 ට. එය ඉන්දියාවේ සිටින ප්‍රේක්ෂකයින්ට ඉතාමත් හොඳ වේලාවක්.

මීට අමතරව, මේ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ සියළුම තරග ක්‍රීඩා කෙරුනේ දිවා කාලයේ. එනම් නවදිල්ලියේ පස්වරු 8.00 ට තරග ආරම්භ වුනේ මේ ප්‍රේක්ෂක හේතුව නිසාමයි. අනෙක් කණ්ඩායම් බොහොමයක් ඔවුන්ගේ තරග ක්‍රීඩා කළේ විදුලි ආලෝක මධ්‍යයේ.

මේ හේතුවෙන් අවසන් පූර්ව තරග දෙකට නිර්මාණය වූයේ වෙනස් ක්‍රීඩා තත්ත්වයන්ගෙන් යුත් අසාමාන්‍ය වාතාවරණයක්. ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු අවසන් පූර්ව තරගය සඳහා අතිරේක දිනයක් නියම කර තිබුන ද, ඉන්දියාව හා එංගලන්තය අතර පැවති දෙවැනි අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් වෙන්කර තිබුනේ නැහැ. ඒ, ගයානා හි අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නොපැවැත්වුනොත් ඉන්දියාව ඔවුන් ‘සුපිරි 8’ වටයේ ලබා ගත් ඉහළ ලකුණු ප්‍රමාණය අනුව අවසන් තරගයට පිවිසෙන බැවින්.

jhzdfw5
“සහතික වශයෙන් ම ගයානා හි ක්‍රීඩා කළ යුතුව තිබුනේ ඇෆ්ගන්-දකුණු අප්‍රිකා තරගය යි. නමුත් මේ මුළු තරගාවලිය ම පවත්වන්නේ ඉන්දියාවේ උවමනාවන්ට අනුව නිසා එයින් අනෙකුත් කණ්ඩායම්වලට ලොකු අසාධාරණයක් සිදුවුනා” යනුවෙන් වෝ්න X සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබෙනවා.


හිටපු එංගලන්ත පිතිකරුවා මෙසේ සටහන් කළේ දකුණු අප්‍රිකාව විසින් T20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක වාර්තා වූ අඩුම මුළු ලකුණු ප්‍රමාණය වන ලකුණු 56කට ඇෆ්ගනිස්තානය ඔ්වර 11.5ක් ඇතුළත දවාලීමෙන් පසුව.

මෙවර T20 ලෝක කුසලානයේ තරග වැඩසටහන පිළිබඳව ප්‍රශ්න මතුකළ පළමු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මයිකල් වෝන් නෙවෙයි. හිටපු එංගලන්ත පිතිකරු ඩේවිඩ් ලොයිඩ් (David Lloyd) ද ICCය ඉන්දියාව ට පක්ෂව කටයුතු කිරීම ගැන චෝදනා කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මුළු තරගාවලියම ඉන්දියාව වෙනුවෙන්මයි. අනෙක් කණ්ඩායම්වලට ලොකු අසාධාරණයක්' -මයිකල් වෝන් | The Leader