The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ හා මෙසී අතර අවසන් නර්තනයක් තිබේවිද?

T

The Leader Desk

June 29, 2024 • 10:38 AM

රොනාල්ඩෝ හා මෙසී අතර අවසන් නර්තනයක් තිබේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ලිඅනල් මෙසී යනු එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක්.
  • අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ අතර සෞදි අරාබියේ ‘අල් නසර්’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝගේ වයස අවුරුදු 39ක්.
  •   අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා කිහිප වතාවකම ඔවුන්ගේ විශ්‍රාම යාම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
  • අවශ්‍ය තරමට වඩා වැඩි කාලයක් තමා ක්‍රීඩා නොකරණ බව මෙසී පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වාර්තා හා කීර්තියෙන් පිරුණු මේ දෙදෙනාගේ අතිවිශිෂ්ට ක්‍රීඩා දිවියට සමුදීමට පෙර දෙදෙනා එක් අවසන් වතාවකට එකිනෙකාට එරෙහිව තරග කරනු දැකීම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ මහත් අශාවක් බවට සැකයක් නැහැ.

අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ අතර සෞදි අරාබියේ ‘අල් නසර්’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන රොනාල්ඩෝගේ වයස අවුරුදු 39ක්.

 

අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී මේ සතියේදී 37 වැනි වියට පා තැබූ

මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා කිහිප වතාවකම ඔවුන්ගේ විශ්‍රාම යාම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අවශ්‍ය තරමට වඩා වැඩි කාලයක් තමා ක්‍රීඩා නොකරණ බව මෙසී පවසා තිබෙනවා. මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තමා ක්‍රීඩා නොකරණ බවක් රොනාල්ඩෝ අඟවා තිබෙනවා.

මෙසී අමෙරිකාවේ ප්‍රධාන පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන අතර රොනාල්ඩෝ ක්‍රීඩා කරන්නේ සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ. මේ දෙදෙනා එකිනෙකට වෙනස් ලීගයන්හි ක්‍රීඩා කළ ද ඔවුන් අතර තවත් එක් අවසාන නර්තනයකට ඉඩ තිබෙනවා.

මේ දෙදෙනා ජාත්‍යන්තර පාපන්දු වේදිකාවේ අවසාන වතාවට එකිනෙකාට එරෙහිව තරග කළ හැකි එක් අවසන් අවස්ථාවක් තවමත් ඉතිරිව තිබෙනවා.

 

messi මේ තරගාවලියන් දෙකේ ජයග්‍රාහකයන් වුවහොත් පමණක් මේ සුපිරි පාපන්දු තරු දෙක Finalissima 2025 තරගාවලියේ ක්‍රීඩා කරනු දැක ගැනීමට පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක්

නමුත් එය සිදුවීමට නම් මේ දෙදෙනා මේ දිනවල ක්‍රීඩා කරමින් සිටින තරගාවලියන්හි ශූරයින් විය යුතුයි. රොනාල්ඩෝගේ පෘතුගාලය යුරෝපීය රටවල ජාතික පාපන්දු කණ්ඩායම් අතර පැවැත්වෙන Euro 2024 තරගාවලිය ජය ගත යුතු වන අතර මෙසීගේ ආජන්ටිනාව දකුණු අමෙරිකානු රටවල ජාතික පාපන්දු කණ්ඩායම් අතර පැවැත්වෙන Copa America 2024 තරගාවලිය ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු වනවා.


ආජන්ටිනාව හා පෘතුගාලය ඔවුනොවුන්ගේ මේ තරගාවලියන් දෙකේ ජයග්‍රාහකයන් වුවහොත් පමණක් මේ සුපිරි පාපන්දු තරු දෙක Finalissima 2025 තරගාවලියේ ක්‍රීඩා කරනු දැක ගැනීමට පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අනගි අවස්ථාවක් ලැබෙනවා.

Finalissima යනු අලුතින් හඳුන්වා දුන් තරගාවලියක්. එය ක්‍රීඩා කෙරෙන්නේ Copa America හා Euros ජයග්‍රාහකයන් අතර.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-වර්නන් ගුණසේකර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...