The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තා පිට වාර්තා

T

The Leader Desk

June 30, 2024 • 7:40 AM

ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තා පිට වාර්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතකයක් හා ටෙස්ට් තරගයක එක දිනයකදී වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් වෙමින් චෙන්නායිහිදී ඊයේ ආරම්භ වූ දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර කාන්තා ටෙස්ට් ගැටුමේදී ඉන්දියාව වාර්තා ගණනාවක්ම බිඳ දැමුවේ අනුකම්පා විරහිතව.
  • ෂෆාලි වර්මා (Shafali Verma)   දිනයක් ඇතුළත ලබා ගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස මීට කළින් වාර්තා වී තිබුනේ එංගලන්තයේ Betty Snowball රැස් කළ ලකුණු 189.
  • ඇය මේ ලකුණු ප්‍රමාණය වාර්තා කළේ නවසිලන්තය ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී 1935 වසරේ පැවති ටෙස්ට් තරගයේ පළමු දිනයේ.
  • ෂෆාලි හා 27 හැවිරිදි ස්ම්රිටී මන්ධනා (Smriti Mandhana) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 292ක් රැස් කළ අතර මෙය කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගවල මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භක කඩුලු සබඳතාව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විසි හැවිරිදි ඉන්දියා ආරම්භක පිතිකාරිනී ෂෆාලි වර්මා (Shafali Verma) ටෙස්ට් තරගයක එක් දිනයක ක්‍රීඩාවේදී ලකුණු 200ට වැඩියෙන් රැස්කර ගත් පලමු කාන්තාව බවට ඊයේ ඉතිහාසගත වුනා.

warma1ෂෆාලි වර්මා (Shafali Verma)

 

දිනයක් ඇතුළත ලබා ගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස මීට කළින් වාර්තා වී තිබුනේ එංගලන්තයේ Betty Snowball රැස් කළ ලකුණු 189. ඇය මේ ලකුණු ප්‍රමාණය වාර්තා කළේ නවසිලන්තය ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී 1935 වසරේ පැවති ටෙස්ට් තරගයේ පළමු දිනයේ.

ෂෆාලි හා 27 හැවිරිදි ස්ම්රිටී මන්ධනා (Smriti Mandhana) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 292ක් රැස් කළ අතර මෙය කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගවල මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භක කඩුලු සබඳතාව යි. මේ දෙදෙනා මකා දැමුවේ 2004 වසරේ කරච්ච්හිදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පාකිස්තානයේ කීරන් බැලික් (Kiran Baluch) හා සජ්ජිඩා ෂා (Sajjida Shah)ගේ ලකුණු 241ක වාර්තාව.

 

shafaෂෆාලි හා මන්ධනා පිතිකාරිනියන් දෙදෙනා ලකුණු 354ක් ඉන්දියා ලකුණු පුවරුවට එක් කළා

ෂෆාලි හා මන්ධනා පිතිකාරිනියන් දෙදෙනා ලකුණු 354ක් ඉන්දියා ලකුණු පුවරුවට එක් කළ අතර මෙය ද කාන්තා ටෙස්ට් තරග බිමේ ආරම්භක පිතිකාරිනී යුගලයක් විසින් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ නව වාර්තාවක්. කීරන් හා සජ්ජිඩා රැස් කළ ලකුණු සංඛ්‍යාවන්ගේ මුළු ගණන වී තිබුනේ 340ක්.

කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ෂෆාලි හා මන්ධනා වාර්තා කළ ලකුණු 292ක සබඳතාවට වඩා ඉහළින් තිබෙන්නේ එක් කඩුලු සබඳතාවක් පමණයි. ඒ, 1987 වසරේදී එංගලන්තය ට එරෙහිව ඔස්ට්‍රේලියාවේ Denise Annetts හා Lindsay Reeler තෙවැනි කඩුල්ල වෙනුවෙන් බෙදා ගත් ලකුණු 309.

 

wom1
ලකුණු 292 සබඳතාව ඉන්දියාවේ වැඩිම ටෙස්ට් කඩුලු සබඳතාවයි. බිඳ දැමුනේ Thirush Kamini හා Punam Raut දකුණු අප්‍රිකාව ට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 2024 වසරේ පිහිටුවූ ලකුණු 275ක සබඳතාව.

ෂෆාලි වර්මා ට ඇගේ ද්විත්ව ශතකය ලබා ගැනීම සඳහා පන්දු 194ක් අවශ්‍ය වුනා. මෙය කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකය යි. මීට පෙර වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා වී තිබුනේ ඔස්ට්‍රේලියාවේ Annabel Sutherlandගෙන්. ඇය මේ වසර මුලදී දකුණු අප්‍රිකාව ට එරෙහිව ලබා ගත් ද්විත්ව ශතකය වෙනුවෙන් පන්දු 248කට මුහුණ දුන්නා. 

කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරග බිමේ එක ම ඉනිමකදී ශතක වාර්තා කළ දෙවැනි ආරම්භක පිතිකාරිනී යුගලය බවට ෂෆාලි හා මන්ධනා පත්වුනා. මීට පෙර එංගලන්තයේ Charlotte Edwards හා Laura Newton නවසිලන්තය ට එරෙහිව 2014 වසරේදී ශතක වාර්තා කළා.

ෂෆාලි දැන් කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මිතාලි රාජ් (Mithali Raj) ට පසුව ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි ඉන්දියානුවා බවට පත්ව සිටිනවා. මිතාලි 2002 වසරේ ටෝන්ටන්හිදී එංගලන්තය ට එරෙහිව ලකුණු 214ක් ලබා ගත්තා.

 

shaf 6ෂෆාලි ඊයේ ද්විත්ව ශතකය වාර්තා කරන විට ඇගේ වයස වූයේ අවුරුද 20 යි දවස් 152ක්.
ෂෆාලි ඊයේ ද්විත්ව ශතකය වාර්තා කරන විට ඇගේ වයස වූයේ අවුරුද 20 යි දවස් 152ක්. මේ අනුව ඇය කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ද්විත්ව ශතකයක් ලබා ගත් දෙවැනියට වයසින් බාල පිතිකාරිනිය බවට පත්වනවා. 2002 වසරේ එංගලන්තයේ ටෝන්ටන් නුවරදී ටෙස්ට් තරගය ආරම්භ වන විට මිතාලිගේ වයස අවුරුදු 19 යි දවස් 254ක් වී තිබුනා.

ලකුණු 205ක ඉනිමේදී ෂෆාලි හයේ පහර 8ක් එල්ල කළා. මීට පෙර කාන්තා ටෙස්ට් ඉනිමක කිසිම පිතිකාරිනියක් හයේ පහර දෙකකට වැඩියෙන් එල්ල කර නැහැ. මීට කළින් කිසිම කාන්තාවක් ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ හයේ පහර තුනකට වඩා එල්ල කර නැහැ. ෂෆාලි ට දැන් හයේ පහර 13ක ටෙස්ට් දිවියක් තිබෙන අතර මෙය අනෙක් ඔ්නෑම ක්‍රීඩිකාවකගේ හයේ පහරවලට  වඩා දහයක වැඩිවීමක්.

පළමුව පන්දුවට පහර දෙමින් ඉන්දියාව ඊයේ පළමු දින තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව ට එරෙහිව කඩුලු 4 ට ලකුණු 525ක් රැස් කර සිටි අතර මෙය ඉන්දියාවේ කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය යි. මීට කළින් ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තා වී තිබූ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වූයේ 2002 වසරේ ටෝන්ටන් හි පැවති ටෙස්ට් ගැටුමේදී එංගලන්තය ට එරෙහිව සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 467.

 

qrqrඉන්දියාව පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ මුළු ලකුණු 600ක් පසු කළ පළමු කණ්ඩායම බවට ද පත්වුනා.
චෙන්නායි ටෙස්ට් ගැටුමේ ආරම්භක දිනයේ ඉන්දියාව ලබා ගත් 525 මුළු ලකුණු ප්‍රමාණය පිරිමි හෝ කාන්තා ඔ්නෑම කණ්ඩායමක් ටෙස්ට් ඉතිහාසයේ එක් දිනයක් තුළ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා. කළින් තිබූ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය වූයේ 2002 වසරේ කොළඹදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම බංග්ලාදේශය ට එරෙහිව දෙවැනි දිනයේදී වාර්තා කළ කඩුලු 9 ට ලකුණු 509.

කඩලු 6ක් දැවී ලකුණු 603ක් රැස්කර ගෙන ඉන්දියාව අද ඔවුන්ගේ පළමු ඉනිම නතර කළා. මෙය කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායමක වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව යි. ඒ සමග ඔවුන් ඔස්ට්‍රේලියාව මේ වසර මුල දකුණු අප්‍රිකාව ට එරෙහිව ලබා ගත් කඩුලු 9 ට ලකුණු 575 අභිබවා ගියා. 

මේ අනුව ඉන්දියාව පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ මුළු ලකුණු 600ක් පසු කළ පළමු කණ්ඩායම බවට ද පත්වුනා. මීට පෙර වාර්තා වී තිබූ වැඩිම මුළු ලකුණු ප්‍රමාණය වූයේ 1998 වසරේදී එංගලන්තය ට එරෙහිව ඔස්ට්‍රේලියාව සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 595.  

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...