The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලිය: ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට

T

The Leader Desk

July 1, 2024 • 10:42 AM

ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලිය: ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම දැන් චීනයේ Chingquon නුවරට ගොස් සිටිනවා.
  •   ආසියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලක හා බාලිකා කණ්ඩායම් දෙකේ ම නායකත්වය මහනුවරට හිමිව තිබීම විශේෂත්වයක්.
  • බාලිකා කණ්ඩායමේ නායිකාව වන්නේ සිවු වතාවක් ජාතික ශූරිය වූ මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දී බණ්ඩාර.
  • මීට අමතරව වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ ද මහනුවර ට.
අකුරු ප්‍රමාණය (Font Size):


ජූලි 6 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ආසියානු කලාපයේ රටවල් 30ක වයස අවුරදු 15න් හා 19න් පහළ කණ්ඩායම් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ ශූරතාවලියට සුදුසුකම් ලැබුවේ මහනුවරදී පසුගියදා පැවති දකුණු ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් මත.

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතාවලියට සූදානම් වීමට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අම්බලන්ගොඩදී සතියක නේවාසික ප්‍රබල පුහුණු කඳවුරකට සහභාගි වුනා. පුහුණුකරු චතුර දුෂාන් සහ භෞත චිකිත්සක රවින්ද්‍ර ජීවන්තගේ සුපරීක්ෂාව යටතේ මේ කඳවුර සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය.

 

449285939 808334551423566 3457453330097805486 n

ආසියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලක හා බාලිකා කණ්ඩායම් දෙකේ ම නායකත්වය මහනුවරට හිමිව තිබීම විශේෂත්වයක්.

බාලක කණ්ඩායමේ නායකත්වය දරන්නේ මහනුවර ත්‍රිත්ව විදුහලේ සයිෆුල්ලා අක්රම්. බාලිකා කණ්ඩායමේ නායිකාව වන්නේ සිවු වතාවක් ජාතික ශූරිය වූ මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දී බණ්ඩාර.


මීට අමතරව වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ ද මහනුවර ට. ඇය මහනුවර මහමායා විදුහලේ යෝෂිනි ජයවර්ධන.

අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමේ නායකයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ අකේන් බෝජිත් නම් කර තිබෙනවා.

මහනුවරදී පැවති දකුණු ආසියානු යොවුන් ටේබල් ටෙනිස් ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දක්ෂතා අගය කිරීමක් ලෙසින් ක්‍රීඩා අමාත්‍යංශය මේ චීන සංචාරයේ සියළු වියදම් දරා තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.

අවුරුදු 15න් පහළ බාලක - අකේන් බෝජිත්, නෙවිරු නෙත්සිත, අගස්තියා ආනන්දිත, සෙනුල් රත්නායක
අවුරුදු 15න් පහළ බාලිකා - යෝෂිනි ජයවර්ධන, මුතුලි සහන්යා, සමින්දි වීරසූරිය, මිකයිලා ප්‍රනාන්දු
අවුරුදු 19න් පහළ බාලක - සයිෆුල්ලා අක්රම්, ජනිත් බටුගෙදර, සාලුක ප්‍රේමචන්ද්‍ර, ඩිරාන් හාම
අවුරුදු 19න් පහළ බාලිකා - බිමන්දී බණ්ඩාර, තමාදි කාවින්දියා, දිව්‍යා දෙරානි චන්ද්‍රගුප්ත, ලෙසන්යා සෙතුම්දි
පුහුණු මණ්ඩලය - චතුර දුෂාන් ද සිල්වා (පුහුණුකරු), රවීන්ද්‍ර ජීවන්ත (භෞත චිකිත්සක), රුහන්සි විජේකෝන් (කළමනාකාරිනී)

 

Youth TT 2

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...