The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

T

The Leader Desk

July 3, 2024 • 5:16 AM

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා
  • ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
  • අරුන් දර්ශන ගැන තීරණය අනිද්දා මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුන් දර්ශන පොරොත්තු ලේඛණයේ පසුවන බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.
  • අනිද්දා (ජුලි 04 වැනිදා) වෙද්දී අපිට එයා සුදුසුකම් ලබනවද නැද්ද කියන එක ගැන අවසන් තීරණය දැනුම් දෙනවා.’ ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංගමයේ ලේකම් සමන් කුමාර ඊයේ (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.

ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.


අරුන් දර්ශන ගැන තීරණය අනිද්දා

මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක අරුන් දර්ශන පොරොත්තු ලේඛණයේ පසුවන බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.


‘අරුන් දර්ශන දැනට වේටින් ලිස්ට් එකේ ඉන්නේ. අනිද්දා (ජුලි 04 වැනිදා) වෙද්දී අපිට එයා සුදුසුකම් ලබනවද නැද්ද කියන එක ගැන අවසන් තීරණය දැනුම් දෙනවා.’ ඔහු කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා විරේන් නෙත්තසිංහ මීට පෙර සුදුසුකම් ලැබීය.

තරුෂි කරුණාරත්න


ස්පාඤ්ඤයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 600 තරග ඉසව්වෙන් නව ආසියානු වාර්තාවකට හිමිකම් කී තරුෂි කරුණාරත්න ගැන මෙරට ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවකින් පසුවේ.

ඒ ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාවෙනි.

සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ෂා වැනි ක්‍රීඩිකාවන් ගෙන් පසුව මෙරට ජනතාවට මලල ක්‍රීඩාව හරහා වඩාත් සමීප වූ ක්‍රීඩිකාවක් ලෙස තරුෂිව හැඳින්විය හැකිය.


මෙවර ඔලිම්පික් තරගාවලිය ජුලි මස 26 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිතයි.

තරුෂිගේ දක්ෂතාවයන්

චීනයේ හැංජෝ නුවර දී තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළාය

 

ස්පාඤ්ඤයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 600 තරග ඉසව්ව විනාඩි 01.24.84කින් නිමා කළ තරුෂි කරුණාරත්න රිදී පදක්කමට හිමිකම් කියනු ලැබිය.

ඒ එම ඉසව්වෙන් ආසියාවේ හොඳම කාලය සටහන් කරමින්ය.

මේ අතර තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්ව තත්ත්පර 52.48ක් ලෙස සනිටුහන් කරමින් තරුෂි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුවාය.

එම තරගාවලියේදීම මීටර් 800 තරග ඉසව්ව විනාඩි 2.05.74 කින් නිමා කරමින් ඇය රන් පදක්කමට හිමිකම් කියනු ලැබීය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ චීනයේ හැංජෝ නුවර දී තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළාය.


ඒ, වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින්ය.

‘තායිවාන් ඉසව්ව අවසන් වෙද්දී තරුෂි ලෝක ශ්‍රේණිගත කිරීම් වල හිටියේ 65 වන ස්ථානයේ.’

‘ඒත් එක්කම මීටර් 600 ඉසව්වෙන් ස්පාඤ්ඤයේ පැවති ඉසව්ව ලොකු උපකාරයක් වුණා එයාට ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට එන්න. ඒ අනුව ඇය 65 වන ස්ථානයේ ඉදලා කෙලින්ම 47 වන ස්ථානයට ආවා.’

‘නමුත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්න මීටර් 800 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු 45 දෙනයි තෝරා ගන්නේ. ඉතුරු තුන්දෙනාට වයිල්කාඩ් ක්‍රමයට අවස්ථාව දෙන්නේ.’


‘ඒ නිසා පළමු 45 දෙනාගෙන් පල්ලෙහා එයා ඉන්න ඕන. මේ සතියේ පැවැත්වෙනවා ජාතික මලල ක්‍රීඩා තරගාවලිය. ඒකේදී ඇයට හොඳ කාලයක් අරන් තරගය නිමා කරන්න අවස්ථාව තියෙනවා.’

‘මීටර් 600 ඉසව්ව මට උදව්වක් වුනා’

 

xfgdrtචීනයේ හැංජෝ නුවර පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී 
ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය ශ්‍රේණිගත කිරීමවල ඉහළට පැමිණෙන්න ස්පාඤ්ඤයේ පැවති මීටර් 600 තරග ඉසව්ව තමන්ට උපකාරී වූ බව තරුෂි කරුණාරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.

‘අපි රෑන්ක් එක ඇතුළට එන්න තමයි ට්‍රයි කළේ. කලින්නම් හිතන් හිටියේ ඩිරෙක්ට් කොලිෆයි වෙනවා කියලා.’

‘ඒත් පළවෙනි රේස් දෙක මට හරියට දුවන්න බැරි වුනා. ඊට පස්සේ තායිවාන් එකේදී සහ ස්පාඤ්ඤයේ තිබ්බ තරග දෙක හොඳට කළා.’

‘ස්පාඤ්ඤයේ තිබුණ මීටර් 600 ඉසව්වෙන් විනාඩි 01.24 කින් නිමා කරන්න හැකි වුණා. ඒක හොඳ කාලයක්. මට ඒකෙන් රෑන්කින් වලින් ඉස්සරහට එන්න ගොඩක් උදව් වුණා.’


‘මීටර් 800 තරගයක් දුවන්න ටයිමින් එකකට යන්න නම් හොඳ රේස් එකක් තියෙන්න ඕන. ට්‍රේනින් වලදී මම හොඳට පුහුණු වෙලා තිබ්බ නිසා මිටර් 600 දුවන්න ලොකු ගැටලුවක් වුනේ නැහැ.’

‘ඒ වගේම මේ මාසේ 27 වෙනිදා තියෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය වගේම ලබන 30 වෙනිදා තියෙන ට්‍රයල් තරග දෙකත් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.’ ඇය කියා සිටියාය.

තමන් මේ දක්වා තරග කළ සියලුම තරග පීඩනයකින් තොරව තරග වැදුණු බව පැවසූ තරුෂි කරුනාරත්න, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග දෙක හොඳ කාලයක් සමග අවසන් කිරීමට හැකිවුවහොත් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වේයැයි තමන්ට විස්වාසයක් ඇති බව පැවසුවාය.

'ඔලිම්පික් තරගාවලි කිහිපයකට යන එක බලාපොරොත්තුවක්'

 

image 35edd26c0fසිය පුහුණුවීම් සඳහා මව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින්, පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිස සහ පාසැලේ සියලු ගුරුවරුන් බෙහෙවින් උපකාර කරන බව


මේ අතර ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ලැබුණු ශිෂ්‍යත්වය පිළිබඳව ද තරුෂි කරුණාරත්න මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළාය.

‘ඇමෙරිකාවේ යුනිවර්සිටි එකෙන් ශිෂ්‍යත්වය පිළිඅරන් තියෙනවා. ඒ ගැන වැඩ කරන් යනවා. අගෝස්තු මාසය වෙද්දී මම එහෙට යන්න උත්සහ කරනවා. වීසා ගන්න එහෙම අවශ්‍ය නිසා ඒ ගැන තවම හරියට කියන්න බැහැ.’ ඇය සඳහන් කළාය.


සිය පුහුණුවීම් සඳහා මව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින්, පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිස සහ පාසැලේ සියලු ගුරුවරුන් බෙහෙවින් උපකාර කරන බව ඇය මෙහිදී කියා සිටියාය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා ගැනීම සහ අධ්‍යාපන කටයුතු ද ඒ සමගම හොඳින් නිම කිරිම තමාගේ බලාපොරොත්තුව බව තරුෂි කරුණාරත්න බීබීසී සිංහල වෙත වැඩිදුරටත් පැවසුවාය.

'මේක බාධක මැද්දෙන් ආව ගමනක්'

 

WhatsApp Image 2023 10 04 at 19.25.30 e6e3f253‘ගොඩක් සතුටුයි තරුෂිට ඔලිම්පික් යන්න ලැබීමට අවස්ථාව ලැබීම ගැන.’
මීටර් 800 ඉසව්වෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ තරුෂි කරුණාරත්න ගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙය බාධක මැද්දෙන් පැමිණි ගමනක් බවය.

‘ගොඩක් සතුටුයි තරුෂිට ඔලිම්පික් යන්න ලැබීමට අවස්ථාව ලැබීම ගැන.’

‘මේක ගොඩක් බාධක මැද්දේ ආව ගමනක්.’ සුසන්ත ප්‍රනාන්දු පැවසීය.

 


(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම් | The Leader