පරීක්ෂණවලින් ද තහවුරු වී තිබෙනවා.
ඔලිම්පික් විවෘත ජලයේ පිහිනුම් තරගාවලිය හා තුන්ප්‍රයාම ඉසව්වේ පිහිනුම් අදියර පැවැත්වීමට නියමිත සෙන් ගංගා ජලයේ සිදු කෙරුනු ආසන්නතම පරීක්ෂණයෙන් ද පෙන්නුම් කරන්නේ එම ජලය පිහිනීමට යෝග්‍ය නොවන බව.
පසුගිය සතියේ සම්පූර්ණ කර පැරිස් නගරාධිපති කාර්යාලය විසින් නිකුත් කෙරුනු පරීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කර තිබෙන්නේ සෙන් ගංගා ජලයේ අසූචි ද්‍රව්‍යය දක්වන E.Coli බැක්ටීරියා මට්ටම ක්‍රීඩා සම්මේලන විසින් පනවා ඇති මට්ටමට වඩා බොහෝ ඉහළින් තිබෙන බව.
ජූනි 18 වැනිදා සෙන් ජලයේ E.Coli මට්ටම සටහන්ව තිබුනේ පිළිගත හැකි මට්ටමට වඩා දහ ගුණයක් වැඩියෙන් වූ අතර එය කිසිම අවස්ථාවකදී ලෝක තුන්ප්‍රයාම ක්‍රීඩා සම්මේලනය විසින් භාවිතා කරන ජල තත්ත්වයට වඩා පහළට බැස නැහැ.

“ජලයේ ගුණාත්මක බව පහත් තත්ත්වයක පවතින්නේ අසතුටුදායක භූ ජල විද්‍යාත්මක තත්ත්වයන්, අඩු හිරුඑළිය, සාමාන්‍යයට වඩා අඩු සෘතු උෂ්ණත්වය සහ ගඟේ ඉහළ කොටසේ අපවිත්‍රවීම නිසායි” නගරාධිපති කාර්යාලය නිවේදනයක් මගින් කියා තිබෙනවා.
පැරිසියේ ජලාපවහන පද්ධතිය මෙන්ම අලුත් ජල පවිත්‍ර කිරීම් හා ගබඩා පහසුකම් ද දියුණු කරමින් සෙන් ගංගාව ශුද්ධ කිරීම පිණිස ප්‍රංශ බළධාරීන් පසුගිය දශකය තිස්සේ යුරෝ බිලියන 1.4ක මුදලක් වැයකර තිබෙනවා.
නමුත් මහ වර්ෂාවන් විසින් තවමත් අගනුවර අපවිත්‍ර ජල පද්ධතිය යටකර දමා තිබෙනවා. මෙයින් සමහර පද්ධති 19 වැනි ශතවර්ෂය දක්වා ඈතට දිවෙන පැරණි ඒවා වන අතර මෙමගින් ශුද්ධ නොකළ ජලය කෙළින්ම සෙන් ගංගාවට මුදා හැරෙනවා.
මාස කිහිපයක අසාමාන්‍ය තෙත දේශගුණයකින් පසුව සෙන් ගංගාවේ ජල මට්ටම එහි ඉවුරු දක්වා ඉහළ නැග තිබෙන අතර ජලයේ ගලා යාම තිබෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේ මාසවල තිබෙන සාමාන්‍ය මට්ටමට වඩා හතර පස් ගුණයක් ඉහළින්.
ජූලි මාසයේ ලැබෙන වියලි කාලගුණයක් හා හිරුඑළියෙන් සෙන් නදිය විවෘත පිහිනුම් තරග සඳහා සුදුසු තත්ත්වයට පත්වනු ඇතැයි ඔලිම්පික් සංවිධායකයින් අවධාරණය කරනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-වර්නන් ගුණසේකර



