ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා තිබෙනවා.
ඔවුන් ICCයට ලිපියක් යවමින් මේ ඉල්ලීම කර තිබෙන්නේ සුපිරි ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්තාන පිරිමි කණ්ඩායම ඉතිහාසය නිර්මාණය කරමින් ප්‍රථම වතාවට T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව.

ඇෆ්ගනිස්තානය මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාස පොතේ නව පිටුවක් පෙරළීමෙන් පසුව ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් නැවත වරක් ක්‍රීඩාව පාලනය කරන ජාත්‍යන්තර බලධාරීන්ට ලිපියක් යවමින් ඔස්ට්‍රේලියාව කඳවුර කරගත් සරණගාත කණ්ඩායමක් ලෙස යළිත් නැගී සිටීමට උපකාර කරන්නැයි ඉල්ලා තිබෙනවා.
ටලිබාන්වරු රටේ පාලනය අත්කර ගෙන ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩාවට තහංචි පැනවීමෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රමවේදය තුළ සිටි විසිහතර දෙනෙකුට වැඩි ක්‍රීඩිකාවන් 2021 වසරේදී ඔස්ට්‍රේලියාවේ රැකවරණය සොයා ගියා.
මේ ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් පිරිස පළමු වතාවට ICCයෙන් මේ ඉල්ලීම කළේ 2023 වසරේ. මේ පිරිසේ සාමාජිකාවන් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ දේශීය තරගාවලියන්ට ක්‍රීඩා කරමින් සිටිනවා. කෙසේ වෙතත්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියළුම රටවල් පිරිමි මෙන්ම කාන්තා ජාතික කණ්ඩායම්වලට ද සහයෝගය දැක්විය යුතු බවට වන ICCයේ නීතිය මධ්‍යයේත් මේ පිරිසට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ මාර්ගයක් විවර වී නැහැ.

“පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් කාන්තාවන් ලෙස අපටත් අපේ රට නියෝජනය කරන්න බැරිවීම ගැන අපට තිබෙන්නේ අසීමිත දුකක්” යනුවෙන් සඳහන් ලිපියක් මේ කාන්තාවන් විසින් ICC සභාපති Greg Barclay වෙත යවා තිබෙනවා. “අපි ICCයෙන් ඉල්ලන්නේ සරණාගත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ පිහිටුවීම පිණිස අපට සහාය වන ලෙසටයි. මේ කණ්ඩායම මගින්, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිහින මවන එහෙත් ඇෆ්ගනිස්තානයේදී එය කිරීමට නොහැකි සියළුම ඇෆ්ගන් කාන්තාවන් නියෝජනය කිරීම අපේ අරමුණයි.”
සරණාගත කණ්ඩායමට ලබා දෙන ICC සහයෝගයක් මගින් ඇෆ්ගන් සරණාගයින්ට ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය කිරීමේ අවස්ථාවක් දේශ සීමාවන් නැතිව ලබා දිය හැකි වන බවට එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. “මේ කණ්ඩායම නිර්මාණය කිරීම තුළින්, තමන්ගේ රට නියෝජනය කිරීමට උවමනාවෙන් පසුවන සියළුම ඇෆ්ගන් කාන්තාවන්ට එක බැනරයක් යටතේ එකතු වීමට අවස්ථාව උදා වෙනවා” යැයි එම ලිපියේ සඳහන්.

“සරණගාත කණ්ඩායමක් තිබීමේ අපේ ඉලක්කයන් වන්නේ අපේ හැකියාවන් දියුණු කරගෙන ඒවා ප්‍රදර්ශනය කිරීම, ඇෆ්ගනිස්තානයේ තවමත් සිටින කාන්තාවන්ට බලාපොරොත්තුවක් ලබා දීම හා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු කරවා ගැනීමයි. ඇෆ්ගන් පිරිමි කණ්ඩායමට අවස්ථාව ලැබී ඇති පරිදි අපිත් ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ තරග කිරීමයි අපේ ඉලක්කය.”
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය මීට පෙර ඔස්ට්‍රේලියාවේ සිටින ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට සහයෝගය පළකර තිබෙනවා. කාන්තා අයිතීන් පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගන් පිරිමි කණ්ඩායම සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගමාලාවක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළා.
ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇෆ්ගනිස්තානය සමග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග තුනකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය මධ්‍යස්ථ පිටියේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනද පිළිගත නොහැකි අයුරින් ටලිබාන්වරු කාන්තාවන් හා බාලිකාවන්ට සලකන විදියට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම ජාත්‍යන්තර තරග වර්ජනය කළා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-වර්නන් ගුණසේකර



