සංකේතවත් කරමින්. සුළු කණ්ඩායමක් විසින් ඉතිහාසය නිර්මාණය කළ අන්දරයකි එය. කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි අවස්ථාවේදී නායක රෂිඩ් ඛාන් ට ටලිබාන් විදේශ කටයුතු ඇමතිවරයාගෙන් වීඩියෝ සුභ පැතුමක් ද ලැබුනා.
රෂිඩ් ඛාන්
මේ සියල්ල සිදුවූයේ ඇෆ්ගනිස්තානයේ ජනගහණයෙන් එක් භාගයකට එරෙහි පසුබිමක. ඒ කාන්තාවන්. ඔවුන්ට උසස් පාසලට යාම සහ ක්‍රීඩා කිරීම ටලිබාන්වරුන් තහනම් කර තිබෙනවා. ආරක්ෂාවට පිරිමියෙක් නැතිව නිවසින් පිටවීම තහනම්. ඔවුන්ගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසුරුවා හැර එහි සාමාජිකාවන්ට රටින් පිටුවහල් කළ පුද්ගලයන් ලෙස ජීවත් වීමට බල කර තිබෙනවා. ලිංගභේදය නොසඟවා ප්‍රදර්ශනය වන්නේ උපරිම මට්ටමෙන්.
බෙනාෆ්ෂා හෂිමි මීට වසර තුනකට පෙර ඇෆ්ගනිස්තානයෙන් පලා ගියේ මැෂින් තුවක්කුවල සෙවණැල්ල යටින්. අඩි පහක් උස මේ ඇෆ්ගන් යුවතිය ඇගේ සහෝදරියන් බඳු අනෙක් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට රට හැර පලා යාමට උපකාර කළේ ටලිබාන්වරු 2021 අගෝස්තුවේ රටේ පාලන බලය අල්ලා ගැනීමත් සමග. ඇය දැන් ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර කල් ගෙවන්නේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව හටගත් පරස්පර හැඟීම් සමග පොරබදිමින්.
බෙනාෆ්ෂා හෂිමි
“එය මගේ රට. ඒ නිසා අපි සතුටු වෙනවා. නමුත් එහි කලකිරීමක්ද කැටිව තිබෙන්නේ අපි මෙහේ ඉඳිද්දී කාටවත් කාන්තා කණ්ඩායමක අවශ්‍යතාවක් පේන්නෙ නැති නිසා” යනුවෙන් බෙනාෆ්ෂා පවසනවා.
රටින් පිටුවහල් වී සිටින ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්, තමන්ගේ දස්කම් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා සරණාගත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ පිහිටුවීමට සහාය වන ලෙසට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ජූනි 29 වැනිදා ඉල්ලීමක් කළා.
ක්‍රීඩාව තෝරා ගත් අනෙක් බොහෝ ඇෆ්ගන් කාන්තාවන් මෙන් බෙනාෆ්ෂා ද ක්‍රීඩාවට පිවිසියේ තම පවුලට එරෙහිව යමින්. එය අවසන් වුනේ තමන්ගේ රටෙන් පලා යාමට කටයුතු සිදුවෙමින්. ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් සහ පාපන්දු කණ්ඩායම්වල බොහෝ ක්‍රීඩිකාවන්ට සරණාගතයින් ලෙස රැකවරණය ලැබුනේ ඔස්ට්‍රේලියාවේ. එහිදී ඔවුන් රැකියාවන් සොයා ගෙන, අධ්‍යාපනය හදාරමින් ක්‍රීඩා සමාජ හා සරසවි මට්ටමින් ක්‍රීඩා කර තිබෙනවා. සමහරු ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කරලා.
ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් සහ පාපන්දු කණ්ඩායම්වල බොහෝ ක්‍රීඩිකාවන්ට සරණාගතයින් ලෙස රැකවරණය ලැබුනේ ඔස්ට්‍රේලියාවේ. එහිදී ඔවුන් රැකියාවන් සොයා ගෙන, අධ්‍යාපනය හදාරමින් ක්‍රීඩා සමාජ හා සරසවි මට්ටමින් ක්‍රීඩා කර තිබෙනවා
බෙනාෆ්ෂාගේ සොයුරිය සෆියා ඒ අයගෙන් කෙනෙක්.
බෙනාෆ්ෂා සිඩ්නි හා කැන්බරා නගරවල දෙවැනි ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. “මට ක්‍රිකට් නැතිව ජීවත් වෙන්න බැහැ” ඇය කියනවා. “ක්‍රීඩා වාරය ආරම්භ වුනාම සතියේ දවස් හතේම පිට්ටනියේ ඉන්න මම ආසයි. දින පහක් පුහුණු වෙලා සෙනසුරාදා හා ඉරිදා දිනවල තරග ක්‍රීඩා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා වගේ තවත් දෙයක් නැහැ.”
2022දී බෙනාෆ්ෂා සහ ඇගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් කැන්බරා නුවර Tuggeranong Valley ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරමින් ‘දේශසීමා නැති ක්‍රිකට්’ – Cricket Without Borders - වැඩසටහන යටතේ ෆිජී දූපත්වල සංචාරය කළා.
‘දේශසීමා නැති ක්‍රිකට්’ – Cricket Without Borders - වැඩසටහන යටතේ ෆිජී දූපත්වල සංචාරය කළා.
“ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙතන ඉන්නේ පිරිමි කණ්ඩායම නිසා කියල හැමෝම කියනවා. නමුත් කාන්තා කණ්ඩායම නැත්නම් ඇෆ්ගනිස්තානය ICC පූර්ණ සාමාජික තත්ත්වයෙන් පහ කරනවා. එවිට පිරිමි කණ්ඩායමට සිදුවන්නේ කුමක්ද?” බෙනාෆ්ෂා ප්‍රශ්න කරනවා.
ICC සාමාජිකත්වය සඳහා නිර්ණායකයක් වන කාන්තා කණ්ඩායමක් නැති එක ම ICC පූර්ණ සාමාජික රට ඇෆ්ගනිස්තානය යි.
ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙතන ඉන්නේ පිරිමි කණ්ඩායම නිසා කියල හැමෝම කියනවා. නමුත් කාන්තා කණ්ඩායම නැත්නම් ඇෆ්ගනිස්තානය ICC පූර්ණ සාමාජික තත්ත්වයෙන් පහ කරනවා. එවිට පිරිමි කණ්ඩායමට සිදුවන්නේ කුමක්ද?
“මේක හරිම කනගාටුදායකයි. කාන්තාවන් හා කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ICCය දිගින් දිගටම කියා සිටියත් ඔවුන් අපි යවන පණිඩුඩ ගණන් ගන්නේ නැති එක ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු අවුලක්. අපේ අයිතීන් තියෙන්නේ කොහේද?”
2020 වසරේදී, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට මධ්‍යම කොන්ත්‍රාත්තු පිරිනැමුවා. බෙනාෆ්ෂා ද ඉන් කෙනෙක්. කුසලතා හා ශරීර යෝග්‍යතා කඳවුරක් කාබුල් නුවර පැවැත්වුනා. වසරකට අඩු කාලයකට පසුව, කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් දැඩි මුරකාවල් යොදා තිබූ මාර්ග බාධක හරහා තමන් උපන් රට අතහැර යමින් සිටියේ ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු සුන්කර ගනිමින්.
“මම හිතන්නේ 2050 අවුරුද්ද වන විටත් අපි මේ දේවල් ගැන ම කතා කර කර ඉඳීවි. ඒ වන විටත් වෙනස් වී තිබෙනු ඇත්තේ බොහොම පොඩි දේවල් පමණයි” යනුවෙන් ඇය සඳහන් කරන්නේ බලාපොරොත්තු රහිතව.
ටලිබාන් නැවත බලයට පැමිණ සිටින අතර ඇෆ්ගන් කාන්තාවන් අඳුරේ අනාථ වී සිටිනවා
රටින් පලා එන ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට ඔස්ට්‍රේලියාව කැමැත්තෙන් ම රැකවරණ ය ලබා දී තිබෙන මේ මොහොතේදී එරට හමුදාවන් ඇෆ්ගනිස්තානයේ සිදුකළ මැදිහත්වීම පිළිබඳවද මෙහිදී මතක් කළ යුතුව තිබෙනවා. 2001 වසරේ අමෙරිකාව ට එල්ල වූ 9/11 ප්‍රහාරවලින් පසුව ඔසාමා බින් ලාඩන් දඩයම් කර ටලිබාන් රජය ඉවත් කිරීම පිණිස එරට ආක්‍රමණය කිරීමට ගිය අමෙරිකානු හමුදා සමග ඔස්ට්‍රේලියානු හමුදාවන්ද ඇෆ්ගනිස්තානය ට ගියා. එය අවසන් වී තිබෙන්නේ කෙසේද කියා දැන් සියළු දෙනාටම පෙනෙන්නට තිබෙනවා. ටලිබාන් නැවත බලයට පැමිණ සිටින අතර ඇෆ්ගන් කාන්තාවන් අඳුරේ අනාථ වී සිටිනවා. ටලිබාන්වරු 2021 වසරේදී නැවත බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික තරග ක්‍රීඩා නොකිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ප්‍රතිහාර්යයක් බලාපොරොත්තුවෙන් බෙනාෆ්ෂා ඉහළට ගත් හුස්ම හිරකර ගෙන සිටින්නේ නැහැ. අන් සියළු දේවලට වඩා ඇය ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ කතන්දර අමතක නොවී ඔවුන්ගේ අනන්‍යතාවන් මකා නොදැමේවි කියලයි.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



