The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩේවිස් කුසලාන ටෙනිස් උසස් වීමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් කාම්බෝජියාවේ

T

The Leader Desk

July 8, 2024 • 10:37 AM

ඩේවිස් කුසලාන ටෙනිස් උසස් වීමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් කාම්බෝජියාවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩේවිස් කුසලාන ආසියා/ඕෂනියා සිවුවැනි කොටසේ සිට තෙවැනි කොටස දක්වා උසස් වීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම දැන් කාම්බෝජියාවට ගොස් සිටිනවා.
  • එම තරගවලින් පසුව තෝරා ගැනුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ හර්ෂන දිනුක ගොඩමාන්න ට.
අකුරු ප්‍රමාණය (Font Size):

Davis Cup Asia/Oceania ටෙනිස් සිවුවැනි කොටසේ තරගාවලිය අද (8) සිට ලබන 14 දක්වා කාම්බෝජියාවේ Phnom Penh අගනුවර පිහිටි Morodok Techo ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙනවා. 

ශ්‍රී ලංකාව ට අමතරව ඉරාකය, කුවේට්, කිර්ගිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය, කටාර් හා කාම්බෝජියාව යන රටවල ක්‍රීඩකයන් ද මේ තරගාවලියට සහභාගි වීමට නියමිතයි.

මේ තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීමේ තරග මේ වසරේ අප්‍රේල් 30 සිට ජූනි 10 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් - SLTA - පිටියේදී පැවැත්වුනා.

එම තරගවලින් පසුව තෝරා ගැනුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබෙන්නේ හර්ෂන දිනුක ගොඩමාන්න ට. අශේන් මිනෝජ් ජුලාන් සිල්වා, අප්නා ලිනිත් පෙරේරා, තෙහාන් සන්ජය විජේමාන්න හා කනික ජයතිලකණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්. 

පුහුණුකරු ලෙස සන්ඛ අතුකෝරළ ද, කළමනාකරු වශයෙන් රුක්මාල් කුරේ ද කටයුතු කරනවා. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...