The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෙමීන් යමාල්: වාර්තා බිඳ දමමින් නැගී එන ස්පාඤ්ඤ පාපන්දු තරුව

T

The Leader Desk

July 10, 2024 • 10:27 AM

ලෙමීන් යමාල්: වාර්තා බිඳ දමමින් නැගී එන ස්පාඤ්ඤ පාපන්දු තරුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ දැන් පැවැත්වෙන Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලියේ ක්‍රීඩා කරන රොනාල්ඩෝලා...බප්පේලා...බෙලිංගම්ලා... කේන්ලා වැනි සුපිරි තරු අතර තරගාවලියේ මුල සිටම බැබලුනු තවත් ක්‍රීඩකයෙකි ස්පාඤ්ඤයේ ලෙමීන් යමාල් (Lamine Yamal).
  • ඔහුගේ අලුත් ම වික්‍රමය වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ පැවති ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර ‘යුරෝ 2024’ පළමු අවසන් පූර්ව තරගයේ.
  • ‘පාපන්දුවේ ආත්මය’ - Soul of Football - යන නම පටබැඳී තිබූ එම තරගයේ 8 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ලබා ගත් ගෝලයෙන් පසුව නැවත තරගයට අවතීර්ණ වූ ස්පාඤ්ඤය ගෝල් 2-1ක ජයග්‍රහණයකින් මෙවර ‘යුරෝ’ තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසියා.
  • ඔහු 21 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළ අතර ඒ පන්නරයෙන් ම ස්පාඤ්ඤය තවත් ගෝලයක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

තවමත් 16 වැනි වියේ පසුවන මේ නැගී එන සුපිරි පාපන්දු ක්‍රීඩකයා දැනටමත් ලෝක වාර්තා ගණනාවක් බිඳ දමා තිබෙනවා. ඔහුගේ අලුත් ම වික්‍රමය වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ පැවති ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර ‘යුරෝ 2024’ පළමු අවසන් පූර්ව තරගයේ.

‘පාපන්දුවේ ආත්මය’ - Soul of Football - යන නම පටබැඳී තිබූ එම තරගයේ 8 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ලබා ගත් ගෝලයෙන් පසුව නැවත තරගයට අවතීර්ණ වූ ස්පාඤ්ඤය ගෝල් 2-1ක ජයග්‍රහණයකින් මෙවර ‘යුරෝ’ තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසියා.
 
 
ප්‍රංශය කළින් ම ලබා ගත් ගෝලයෙන් පසුව ස්පාඤ්ඤය යළි තරගයේ සම තත්ත්වයට ගෙන ආවේ ලෙමීන් යමාල්. ඔහු 21 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළ අතර ඒ පන්නරයෙන් ම ස්පාඤ්ඤය තවත් ගෝලයක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
 
තරගය පැවති ඊයේ ජූලි 9 වැනි දිනය වන විට අවුරුදු 16 යි දවස් 362ක් වයසැතිව සිටිමින් යමාල් Euro හෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයක ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වුනා.
 
රටකට වඩා ලොකු මිනිස්සු බිහිවෙන්නේ කලාතුරකින්...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)ඔහු අභිබවා ගියේ බ්‍රසීලයේ පේලේ වයස අවුරුදු 17යි දවස් 244ක්ව සිටියදී 1958 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සහභාගි වෙමින් පිහිටුවා තිබූ වාර්තාව.
 
ඔහු අභිබවා ගියේ බ්‍රසීලයේ පේලේ වයස අවුරුදු 17යි දවස් 244ක්ව සිටියදී 1958 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සහභාගි වෙමින් පිහිටුවා තිබූ වාර්තාව. පේලේ‌ එදා එම වාර්තාව තැබුවේත් ප්‍රංශය ට එරෙහිව වීම දෛවෝපගත සිදුවීමක්.

Euro අවසන් පූර්ව හෝ අවසාන තරගයක යමාල් ට පෙර ළාබලතම ගෝල්ලාභියා බවට පත්ව සිටියේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. 2004 ජූනි 30 වැනිදා පැවති අවසන් පූර්ව තරගයේදී නෙදර්ලන්තය ට එරෙහිව පෘතුගාලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරන විට රොනාල්ඩෝගේ වයස වී තිබුනේ අවුරුදු 19යි දවස් 146ක්.
 
Euro ඉතිහාසයේ වයසින් අඩුම පිරිමි ගෝල්ලාභියා බවට ද යමාල් පත්ව සිටිනවා. මීට කළින් ළාබාලතම පීරිමි ගෝල්ලාභියා බවට පත්ව සිටියේ ස්විට්සලන්තයේ Johann Vonlanthen. ඔහු ද ප්‍රංශය ට එරෙහිව 2004 ජූනි 21 වැනි දිනයේ මූලික වට තරගයකදී ගෝලයක් වාර්තා කරන විට වයස අවුරුදු 18ක් හා දවස් 141ක් වී තිබුනා. එදා මෙදා තුර ‘යුරෝ’ පාපන්දු ඉතිහාසයේ පිරිමි හෝ කාන්තා ළාබාලතම ගෝල්ලාභියා බවට පත්ව සිටින්නේ නෝවේ රටේ Isabell Herlovsen. දහසය වියැති ක්‍රීඩිකාවක ලෙසින් ඇය 2005 Euro ශූරතාවලියේ දෙවතාවක් ගෝල් ලබා ගත්තේ යමාල් ට වඩා වයස ටිකක් අඩුවෙන් අවුරුදු 16යි දවස් 351ක් හා අවුරුදු 16යි දවස් 358ක්ව සිටියදී.
yamal1යමාල් ඊයේ ගෝලය වාර්තා කළේ මීටර් 26.3ක් දුර සිට.
 
යමාල් ඊයේ ගෝලය වාර්තා කළේ මීටර් 26.3ක් දුර සිට. මෙය ‘යුරෝ’ තරග බිමේ ස්පාඤ්ඤය වෙනුවෙන් වැඩිම දුරක සිට ලබා ගත් ගෝලය යි. මීට කළින්, වඩාත් ඈතින් ගෝලයක් ලබා ගෙන තිබුනේ Rafael Gordillo. නෙදර්ලන්තය ට එරෙහිව 1988 වසරේදී ඔහු එම ගෝලය වාර්තා කර තිබුනේ මීටර් 33.5ක් ඈත සිට.

ස්පාඤ්ඤය ‘යුරෝ’ පාපන්දු ශූරතාවලියේ අවසාන තරගයට පස්වැනි වතාවටත් මෙවර පිවිස සිටින්නේ පිට පිට තරග හයක් ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළමු කණ්ඩායම ලෙසින්.
 
ප්‍රංශයට එරෙහිව අඟහරුවාදා රාත්‍රියේ ලෙමීන් යමාල් විස්මිත ගෝලය ලබා ගත් පසුව ඔහුගේ පවුලේ අයගේ දෑස් කඳුලින් පිරී තිබුනා. ගෝලය ලබා ගෙන ‘යුරෝ’ ඉතිහාසයේ ළාබාලතම ගෝල්ලාභියා බවට පත්වීමෙන් පසුව යමාල් උන්මාදයෙන් යුතුව ප්‍රීති වෙද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිට තරගය නරඹමින් සිටි ඔහුගේ පවුලේ උදවිය ද හැඟීම්බර වුනා.
 
ස්පාඤ්ඤය තරගයේ සම තත්ත්වයට ගෙන ආ යමාල්ගේ අතිවිශිෂ්ට ගෝලයෙන් පසුව ඔහුගේ සොයුරිය Baraa හඬන අයුරු සහ ඇගේ මව Sheila Ebana තවත් පවුලේ සාමාජිකයෙකුට හාද්දක් දෙන වීඩියෝ දර්ශන මතුවී තිබෙනවා.

තරගයේ අවසාන විසිල් නාදයෙන් පසුව, යමාල්ගේ පියා කාන්තිමත් බැල්මකින් යුතුව ආඩම්බරයෙන් සිටින ඡායාරූපයක පෝස්ටුවක් ‘ඉන්ස්ටග්‍රෑම්’හි තබමින් මෙසේ සටහන් කර තිබුනා.

“තාත්තා කෙනෙක් සහ පුද්ගලයෙක් වශයෙන් මම Don Lamine Yamal වන ඔබට ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි ඔබට මගේ පුතා.”

තරගයෙන් පසුව යමාල්ගේ පවුලේ අය හා මිතුරන් ඔහු සමග එක්වී ස්පාඤ්ඤයේ ජයග්‍රහණය භුක්ති වින්දා. 
 
යමාල් මේ තරගයට පෙර ද, මෙවර ‘යුරෝ’ තරගාවලියේ ස්පාඤ්ඤයේ ආරම්භක තරග පහේදී ගෝල් ලබා ගැනීමේ සහාය වීම් තුනක් වාර්තා කර තිබුනා. නමුත් ඔහු ඇත්ත වශයෙන් වේදිකාවේ ප්‍රධාන රංගනයේ යෙදුනේ ඊයේ අවසන් පූර්ව තරගයේ. ඔහු එම ‘තරගයේ වීරයා’ ලෙස නම් කිරීම අරුමයක් නෙවෙයි.
628f4dc14e38d5f8ebd4eb1e68083ed4සිය 17 වැනි උපන්දිනයට එක දිනයකට පසුව එළඹෙන ඉරිදා යුරෝපීය ශූරයෙකු වීමේ අවස්ථාව ලෙමීන් යමාල් ට උදාවී තිබෙනවා.
 
සිය 17 වැනි උපන්දිනයට එක දිනයකට පසුව එළඹෙන ඉරිදා යුරෝපීය ශූරයෙකු වීමේ අවස්ථාව ලෙමීන් යමාල් ට උදාවී තිබෙනවා. ඒ, අද රාත්‍රියේ එංගලන්තය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයාට එරෙහිව පැවැත්වෙන අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා ගෙන යමින්.
 
වයස අවරුදු 16යි දවස් 338ක්ව තිබියදී ක්‍රොඒෂියාව සමග මෙවර ‘යුරෝ’ තරගාවලියේ ස්පාඤ්ඤයේ ආරම්භක තරගයට සහභාගි වෙමින් ‘බාසිලෝනා’ ක්‍රීඩක යමාල් යුරෝපීය පාපන්දු ශූරතාවලියක ක්‍රීඩා කළ වයසින් අඩුම ක්‍රීඩකයා බවට පත්වුනා. මේ වාර්තාව කළින් හිමිකර ගෙන තිබුනේ පෝලන්තයේ Kacper Kozlowski. ඔහු 2020 Euro තරගාවලියේදී ස්පාඤ්ඤය ට එරෙහිව ක්‍රීඩා කළේ වයස අවුරුදු 17යි දවස් 246ක්ව සිටියදී.
 
‘2024 යුරෝ’ තරගාවලියේදී සිය රට නියෝජනය කිරීම සමග තමන්ගේ අධ්‍යාපනය සම්බන්ධ කර ගනිමින්, පාසලේ ගෙදර වැඩ ජර්මනියට රැගෙන විත් මාර්ග ගත පංතිවලට සහභාගි වෙමින් සිටි යමාල් ට ඔහු විභාගයෙන් සාර්ථකව සමත් වීමේ සුභ ආරංචිය ලැබුනේ ජෝජියාව ට එරෙහිව ස්පාඤ්ඤයේ ’16 දෙනාගේ වටයේ’ තරගයට සූදානම් වෙමින් සිටි අවස්ථාවේ.
 
2160764896.0“අපි අවසාන තරගයට ආවොත් මම ආයේ එන්නේ නැහැ. මම නිවාඩුවකට යනවා”
Euro 2024 තරගාවලියේ අවසාන තරගයට ස්පාඤ්ඤය පිවිසියහොත් තමා නැවත පාසල් නොයන බව මේ පෙරලිකාර ක්‍රීඩකයා තරගාවලිය මුලදී කියා තිබුනා. “අපි අවසාන තරගයට ආවොත් මම ආයේ එන්නේ නැහැ. මම නිවාඩුවකට යනවා” යමාල් පවසා තිබුනා.
 
පාසල වැදගත් වනවා සේ ම යමාල්ගේ අනාගතය ද දැන් ඉතාමත් සුරක්ෂිත වී තිබෙනවා. ඔහු දැනටමත්, එක් ක්‍රීඩා වාරයකට ඩොලර් මිලියන 4කට වඩා වැඩි මුදලක් තමාට ගෙවන තෙවසරක කොන්ත්‍රාත්තුවක් සඳහා බාසිලෝනා ක්‍රීඩා සමාජය සමග එකඟ වී සිටිනවා. වයස් බාධක ඉවත් වීමෙන් පසුව ඔහු එම ගිවිසුම නැවත දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
main qimg 1d9a7e1e9b0fd08e5f627f52bc154f3fජාතික මට්ටමෙන් ඔහුගේ දස්කම් කොතරම් අද්විතීය වූවා ද කිවතොත් යමාල්ව ජර්මනියට ගෙන ඒම හැර වෙනත් විකල්පයක් එරට ප්‍රධාන පාපන්දු පුහුණුකරුට තිබුනේ නැහැ.
 
යමාල්ව නිදහස් කිරීමේ වගන්තියක් ක්‍රියාත්මක කිරීමට තවත් ක්‍රීඩා සමාජයකට අවශ්‍ය නම්, යමාල්ගේ අයිතීන් මාරු කිරීම වෙනුවෙන් බාසිලෝනා සමාජයට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙවීමට එම සමාජයට සිදු වෙනවා.

කළින් ප්‍රකාශ වී තිබුනේ ලෙමීන් යමාල් මේ මස අග පැරිසියේ ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අවුරුදු 23න් පහළ ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ඇති බව. නමුත් ජාතික මට්ටමෙන් ඔහුගේ දස්කම් කොතරම් අද්විතීය වූවා ද කිවතොත් යමාල්ව ජර්මනියට ගෙන ඒම හැර වෙනත් විකල්පයක් එරට ප්‍රධාන පාපන්දු පුහුණුකරුට තිබුනේ නැහැ.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෙමීන් යමාල්: වාර්තා බිඳ දමමින් නැගී එන ස්පාඤ්ඤ පාපන්දු තරුව | The Leader