The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පොරොන්දු ඉටු කරමින් පැරිස් පුරපතිනිය සෙන් ගඟේ පිහිනයි

T

The Leader Desk

July 18, 2024 • 4:32 PM

පොරොන්දු ඉටු කරමින් පැරිස් පුරපතිනිය සෙන් ගඟේ පිහිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තෙත් ඇඳුමක් හා ගොග්ල්ස් ඇස් කන්නාඩි පැළඳ ගත් ඈන් හිඩල්ගෝ පැරිස් පුරපතිනිය සිය ගණන් පැරිස්වාසීන් බලා සිටියදී
  • කැපී පෙනෙන නොපැමිණීමක් වූයේ සෙන් ගංගාවේ පිහිනන බවට පොරොන්දු වූ ප්‍රංශ ජනාධිපති එමෑන්යුඅල් මැක්රොන්.
  • ටිකක් සීතලයි, නමුත් එච්චර නරක නැහැ” යනුවෙන් ඇය පැවසුවා.
  • අද දිනය සිහිනයක් හා ‌ඉතාමත් විශාල කාර්යභාරයක සාර්ථකත්වයක් ලබා ගැනීමක් බව හිඩල්ගෝ ප්‍රකාශ කළේ 2015 වසරේදී දියත් කළ පැරිස් නගරයේ පිහිනුම් සැලසුම සම්බන්ධයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

බදාදා සෙන් ගංගාවේ අපැහැදිලි දියේ බැස පීනා ගියේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින නවයක් තිබියදී සෙන් ජලය ඔලිම්පික් පිහිනුම් ඉසව් පැවැත්වීම සඳහා පිරිසිදුව තිබෙන බවට ලෝකයට ප්‍රදර්ශනය කරමින්.

ඇය දියේ කිමිදුනේ නැත්තේ තුවාල සිදුවීමෙන් වැළකී සිටීමට අවශ්‍ය වූ නිසා. ඒ උදෑසන මෝටර් බයිසිකල් දෙකක් හා ස්කූටරයක් සෙන් ගඟෙන් ඉවතට ගෙනැවිත් තිබුනා.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන සංවිධායක ටෝනි එස්ටොන්ගේ ද නගරාධිපතිනිය සමග පිහිනීමට එක්වුනා. ප්‍රංශයේ ක්‍රීඩා ඇමතිවරිය ද පසුගිය සතියේ සෙන් නදියේ පිහිනුවා.

xfge6345
කැපී පෙනෙන නොපැමිණීමක් වූයේ සෙන් ගංගාවේ පිහිනන බවට පොරොන්දු වූ ප්‍රංශ ජනාධිපති එමෑන්යුඅල් මැක්රොන්. ඔහු පසුගිය මාසයේදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය නිසා හටගත් දේශපාලන අර්බුදයකට මැදිව සිටිනවා.

“වතුර හරිම සුන්දරයි” හිඩල්ගෝ සෙන් ජලයේ සිට කියා සිටියා. දියෙන් එළියට පැමිණි පසුවත් ඇය දිගටම කතා කළේ මහත් උද්යෝගයෙන්. “වතුර ඉතාම ඉතාම හොඳයි. ටිකක් සීතලයි, නමුත් එච්චර නරක නැහැ” යනුවෙන් ඇය පැවසුවා.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පස්සේ සියළු ජනතාවට, පැරිස්වාසීන්ට හා සංචාරකයන් වෙනුවෙන් පිහිනුම් තටාකයක් සෙන් ගඟේ අපට තියේවි” යනුවෙන් හිඩල්ගෝ ඇගේ පිහිනීමෙන් පසුව වාර්තාකරුවන්ට කියා සිටියා.

අද දිනය සිහිනයක් හා ‌ඉතාමත් විශාල කාර්යභාරයක සාර්ථකත්වයක් ලබා ගැනීමක් බව හිඩල්ගෝ ප්‍රකාශ කළේ 2015 වසරේදී දියත් කළ පැරිස් නගරයේ පිහිනුම් සැලසුම සම්බන්ධයෙන්.

xfge45

සෙන් ගංගාවේ දියුණු කෙරුනු පිරිසිදුකම ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක නියැලෙමින් පුරපතිනිය හා ඔලිම්පික් ප්‍රධාන සංවිධායකවරයා නගර ශාලාව හා නොට්‍ර ඩාම් දේවස්ථානය පසුකරමින් විහිදුණු සෙන් දිය මඟේ පීනා ගියා.

ප්‍රධාන වශයෙන් අපද්‍රව්‍ය ගඟට කාන්දු වීම වැළැක්වීම ඇතුළු සෙන් ගංගාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සූදානම් කිරීමේ මෙහෙයුම වෙනුවෙන් ඩොලර් බිලියන 1.4ක මුදලක් ආයෝජනය කර තිබියදීත් මෑතක් වනතුරු ම සෙන් නදිය දිනපතා ජල තත්ත්වය පරීක්ෂා කිරීම්වලින් දිගින් දිගටම අසමත් වුනා. සෙන් ගංගාවේ ජලය ගලා බැසීම හා අපවිත්‍ර වීමේ මට්ටම සම්බන්ධයෙන් ද අවධානය මතුවී තිබෙනවා.

හිඩල්ගෝ සෙන් ගංගාවේ පිහිනීමට මුලින් සැලසුම් කරගෙන සිටියේ ජූනි මාසයේ. නමුත් මලද්‍රව්‍ය තිබෙන බවට අඟවන බැක්ටීරියා මට්ටම සෞඛ්‍ය අනුමැතිය දී තිබෙන මට්ටමට වඩා දහ ගුණයකින් වැඩි වී තිබෙන බවට සොයා ගැනීම හේතුවෙන් ඇයට එය ප්‍රමාද කිරීමට සිදුවුනා.

zdfw4e5

හිඩල්ගෝ මීට පෙර පිහිනීමට යොදා ගෙන තිබූ දිනයේදී “මම සෙන් ගඟේ මලපහ කරනවා” යන සංකේතයක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට හා හිඩල්ගෝ ට විරෝධය පෑමක් වශයෙන් සමහරු සෙන් ගඟේ මලපහ කරන බවට තර්ජනය කරමින්.

එහෙත් ජූලි මාසය ආරම්භයේ සිට අධික වර්ෂාව තුරන්ව ගොස් හිරු එළියෙන් දීප්තිමත් කාලගුණයක් උදා වීම නිසා ජල සාම්පල පෙන්නුම් කළේ සෙන් ගංගාව ඔලිම්පික් පිහිනුම් ඉසව්වලට හා 65 හැවිරිදි ඈන් හිඩල්ගෝගේ පිහිනීමට සුදුසු බව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොරොන්දු ඉටු කරමින් පැරිස් පුරපතිනිය සෙන් ගඟේ පිහිනයි | The Leader