The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?

T

The Leader Desk

July 19, 2024 • 3:35 PM

පස්වරක් ගිලිහුණු ආසියාවේ ක්‍රිකට් කිරුළ දිනා ගන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වේවිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියාවේ කාන්තා ක්‍රිකට් කිරුළේ හිමිකාරිණියන් කවුදැයි තීරණය කෙරෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජුලි 19)
  • මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
  • 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ සාර්ථක තරගාවලි කිහිපයකදී ලද ජයග්‍රාහි මානසිකත්වයෙන්ය.
  • ජුලි 19 වෙනිදා සිට ජුලි 28 වෙනිදා දක්වා පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර විස්සයි 20 කාණ්ඩය යටතේ පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 8ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී අනුශුරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ සාර්ථක තරගාවලි කිහිපයකදී ලද ජයග්‍රාහි මානසිකත්වයෙන්ය.

තරගාවලිය පැවැත්වෙන්නේ කොහොමද?

ජුලි 19 වෙනිදා සිට ජුලි 28 වෙනිදා දක්වා පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර විස්සයි 20 කාණ්ඩය යටතේ පැවැත්වේ.

මෙවර තරගාවලියේ දී A කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්ථානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් ද, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල් ද තරග කිරීමට නියමිතය.

අවසන් මහ තරගය ද ඇතුළුව තරග 27ක් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලිය පුරාවට ප්‍රේක්ෂකයින්ට නොමිලේ තරග නැරඹීමේ අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

 

කාන්තා ආසියානු කුසලාන තරග ඉතිහාසය

2004 වසරේදී ආරම්භ කෙරුණු කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

එම තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් දෙක පමණක් වීම විශේෂ සිදුවීමක් විය.

පන්දු වාර 50 එක්දින තරග ලෙස පැවති එම තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

2005 - 2006 වසරේ පැවති කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායමට අමතරව සත්කාරක පකිස්ථාන කාන්තා කණ්ඩායමද ක්‍රීඩා කරන ලදී.

එතැන් සිට මේ දක්වා පැවති කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 8න් තරගාවලි 4ක් පන්දු වාර 50 එක්දින තරගාවලි ලෙසත් 2012 වසරේ සිට මේ දක්වා පැවති තරගාවලි 4ක් විස්සයි 20 තරග ලෙසත් පවත්වා ඇත.

මේ දක්වා පවත්වා ඇති කාන්තා ආසියානු කුසලාන තරගාවලි 8න් තරගාවලි 7ක ශුරතාවය ඉන්දීය කණ්ඩායමත්, 2018 වසරේදී පැවති තරගාවලිය බංගලාදේශ කණ්ඩායමත් වශයෙන් ශුරතාවය දිනා ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේ පැවති තරගාවලියද ඇතුළුව අවස්ථා 05 කදී ආසියානු කුසලාන තරගාවලියේ අනු ශුරියන් වීමට අවස්ථාව උදාකර ගැනීමට සමත්ව සිටියි.

XDFGERT

වැඩි අවධානයක් හිමිවන ක්‍රීඩිකාවන් කවුද?

කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ලෝකයේම අවධානය දිනා සිටිනා ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කිරීමට නියමිත බැවින් මෙවර තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව විශ්වාස කළ හැක.

වත්මන් කාන්තා ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් හි පිතිකරණ අංශයේ 05 වන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායමේ ස්මිත්‍රි මන්දනා, 09 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, 12 වන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රිට් කාවුර් ඉන් ප්‍රධාන තැනක් ගනියි.

එමෙන්ම ICC T20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වලින් පිළිවෙලින් 17 සහ 18 වන ස්ථානයේ පසුවන ෂෆාලි වෙර්මා හා ජෙමීමා රොඩ්‍රිගස් ද, 19 වන ස්ථානයේ පසුවන නයිගර් සුල්තානා සහ 24 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රම ද මෙවර ආසියානු කුසලානයේ දී වැඩි අවධානයක් දිනා සිටින ක්‍රීඩිකාවන් වේ.

පන්දු යැවීමේ අංශයෙන් T20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව 03 වන ස්ථානයේ පසුවන ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා, සිව්වන ස්ථානයේ පසුවන සාදියා ඉක්බාල්, 06 වන ස්ථානයේ පසුවන බංගලාදේශයේ රබේයා ඛාන් සහ 07 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ ඉනොෂි ප්‍රියදර්ශනී සහ 09 වන ස්ථානයේ පසුවන පකිස්ථානයේ නෂ්රා සන්ධු මෙවර තරගාවලියේදී පිතිකාරිණියන්ට ප්‍රබල අභියෝගයක් ගෙන දිය හැකි පන්දු යවන්නියන් ලෙස සැලකේ.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරී, කවීෂා දිල්හාරි යන ක්‍රීඩිකාවන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී දක්ෂතා පෙන්නුම් කරනු ඇති බවට විශ්වාස කෙරෙන ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසුවේ.

වත්මන් කාන්තා ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් හි පිතිකරණ අංශයේ 05 වන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමේ ස්මිත්‍රි මන්දනා ය


xfgertවත්මන් කාන්තා ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් හි පිතිකරණ අංශයේ 5 වන ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමේ ස්මිත්‍රි මන්දනා ය


ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම් සිටින ස්ථාන

කාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම 3 වන ස්ථානයේත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 7 වන ස්ථානයේ පසුවේ.

8 වන සහ 9 වන ස්ථානයන් හි පිළිවෙලින් පකිස්ථානය සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම් පසුවන අතර තායිලන්ත කණ්ඩායම 12 වන ස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම 16 වන ස්ථානයේ පසුවේ.

කාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම 3 වන ස්ථානයේත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 7 වන ස්ථානයේ පසුවේ.

cfgherteකාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම 3 වන ස්ථානයේත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 7 වන ස්ථානයේ පසුවේ


නේපාල කාන්තා කණ්ඩායම 32 වන ස්ථානයේද, මැලේසියානු කාන්තා කණ්ඩායම 43 වන ස්ථානයේ ද සිටී.

මේ අතර මෙවර කාන්තා ආසියානු කුසලාන තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න බීබීසී සිංහල වෙත පැවසුවේ සියලුම ක්‍රීඩා ලෝලීන්ට හොඳ ක්‍රිකට් තරගාවලියක අත්දැකීම් විඳ ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරෝත්තු වන බවය.

"ජාත්‍යන්තර පිටිය දිහා බැලුවම ඔස්ට්‍රේලියාව , නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය කියන රටවල් හැරුණම ආසියාවේ සිටින ප්‍රධාන කණ්ඩායම් සියල්ලම මේ තරගාවලිය නියෝජනය කරනවා."

"මෙවර තරගාවලිය හොඳ අත්දැකීමක් වගේම විවිධ දක්ෂතා තියෙන ක්‍රීඩිකාවන් ගේ හැකියාවන් දැක බලා ගන්න ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවනවා."
"සෑම තරගයක්ම නොමිලේ නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා."

"තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 08 තුළ ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය 180 දෙනෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාට අවශ්‍ය සෑම දෙයක්ම නිසි පරිදි සුදානම් කරලා අවසන් මේ වෙන කොට."

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...