The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

T

The Leader Desk

July 21, 2024 • 6:07 AM

ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් විය.
  • රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.
  • පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත් අතර ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූවෝය.
  • චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස්කළ අතර හර්ෂිතා මාධවවී නොදැවී ලකුණු 33ක් රැස් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජය කරමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.

පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත් අතර ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූවෝය.

චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස්කළ අතර හර්ෂිතා මාධවවී නොදැවී ලකුණු 33ක් රැස් කළාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී යග්‍රාහී සීමාව පසුකර ගියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...