The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් රන් පදක්කම්ලාභී රග්බි ක්‍රීඩිකාව සංක්‍රාන්ති පිරිමියෙකු ලෙස නැවත ක්‍රීඩාවට

T

The Leader Desk

June 22, 2025 • 3:01 PM

ඔලිම්පික් රන් පදක්කම්ලාභී රග්බි ක්‍රීඩිකාව සංක්‍රාන්ති පිරිමියෙකු ලෙස නැවත ක්‍රීඩාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් රග්බි රන් පදක්කම්ලාභී එලියා ග්‍රීන් (Ellia Green) ලිංගික සංක්‍රාන්තියකින් පසුව පිරිමියෙකු ලෙස නැවත ක්‍රීඩාවට පිවිස සිටිනවා.
  • ඊට හේතු වූයේ ජීවිතය කඩා වැටෙන සිද්ධි මාලාවක් බව 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා රග්බි සෙවන්ස් ශූරිය කියනවා.
  • New Zealand Warriors කණ්ඩායම සමග 2020 වසරේ NRLW තරගාවලියේ ක්‍රීඩා කර තිබියදීත්, එම වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරා නොගැනීමෙන් ග්‍රීන් මහත් කම්පාවට පත්වුනා.
  • ඔස්ට්‍රේලියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ ට්‍රයි 141ක් ලබා ගෙන වැඩිම ට්‍රයිලාභිනිය හා වැඩිම ලකුණුලාභිනිය (739) ලෙසිනුයි ග්‍රීන් 2022 වසරේදී වෘත්තීය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට තෙවසරකට ඉහතදී කාන්තාවකව සිට පිරිමියෙකු දක්වා සංක්‍රාන්ති වීමෙන් පසුව ක්‍රීඩාවේ විශ්‍රාමයෙන් මිදී මේ වසරේදී නැවත ක්‍රීඩාවට පැමිණීමට තීරණය කිරීමට පෙර තමා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව ඔස්ට්‍රේලියාවේ එලියා ග්‍රීන් කියා සිටිනවා. ඊට හේතු වූයේ ජීවිතය කඩා වැටෙන සිද්ධි මාලාවක් බව 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා රග්බි සෙවන්ස් ශූරිය කියනවා.

cbsdgs
බ්‍රසීලයේ සිට නැවත පැමිණීමෙන් පසුව පිළිකාවකට ගොදුරු වූ ග්‍රීන්ගේ මව ඊට එරෙහි සටනින් පැරදුනා. එහි වේදනාව වැඩි කරමින්, සිවු වසරකට පෙර රන් පදක්කම දිනා ගත් තරගයේ ගෝලයක් ලබා ගත් මේ රග්බි සෙවන්ස් සුපිරි ක්‍රීඩිකාව ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන සංචිතයට නම් කෙරුනේ නැහැ.

New Zealand Warriors කණ්ඩායම සමග 2020 වසරේ NRLW තරගාවලියේ ක්‍රීඩා කර තිබියදීත්, එම වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරා නොගැනීමෙන් ග්‍රීන් මහත් කම්පාවට පත්වුනා.

ඔස්ට්‍රේලියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ ට්‍රයි 141ක් ලබා ගෙන වැඩිම ට්‍රයිලාභිනිය හා වැඩිම ලකුණුලාභිනිය (739) ලෙසිනුයි ග්‍රීන් 2022 වසරේදී වෘත්තීය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ.

fgerwerj

“මාව සංචිතයට තෝරා නොගත් අවස්ථාවේ මට දැනුනේ මම ඉතාමත් අසාර්ථක කෙනෙක් කියලයි” ග්‍රීන් පවසනවා.

“වෘත්තීය ක්‍රීඩිකාවක වීමේ පීඩනයට අමතරව මම, මාරාන්තික රෝගයකින් පෙළෙමින් සිටි මගේ මවත් රැක බලා ගත්තා.”

“මම මා ගැන ප්‍රමුඛතාව දිය යුතු බවට සිතන්න මාව යොමුකළේ මගේ ජීවිතය අවසන් කිරීමට මා ගත් උත්සාහයන්.”


ග්‍රීන් ඇගේ සහකාරිය වන Vanessa Turnbull-Roberts සමග ඔවුන්ගේ දියණිය Waitui ලෝකයට පිළිගැනීමට සූදානම් වෙමින් සිටියේ මේ කාලයේ.

xfbdrgfvg
පිරිමියෙකු වශයෙන් සංක්‍රාන්ති වීමට ග්‍රීන් එම වසරේ තීරණය කළ ද අවාසිදායක ප්‍රතික්‍රියාවන්ට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ කීමට 2024 වසර එළඹෙන තුරු බලා සිටියා.

ඉක්බිති 32 හැවිරිදි ග්‍රීන් ගෝලීය සිරස්තල මැවුවේ ලිංගික සංක්‍රාන්තියක යෙදුනු පළමු ජනප්‍රිය ඔලිම්පික් ක්‍රීඩා චරිතය වෙමින්.


“ලිංගිකව සංක්‍රාන්ති වන පුද්ගලයින්ව බොහෝ තැන්වල පිළිගැනෙන්නේ නැහැ. ඔවුන්ට හිරිහැර කරනවා. මම ජනතාවට මේ බව කියා සිටීම යනු මේ අනතුරට මුහුණ පාන ඊළඟ පුද්ගලයා මම වීමයි.”


වසර හතරක විශ්‍රාමයකින් පසුව නැවත බූට්ස් පැළඳීමට කාලය පැමිණ ඇති බවට ග්‍රීන් මේ වසරේ මාර්තු මාසයේ තීරණය කළා.

පසුගිය වසරවල මුහුණ දුන් කරදරවලින් පසුව, පිරිමි NSW උපනාගරික රග්බි තරගාවලියේ Sydney Convicts කණ්ඩායම සමග එක්වීම තමාගේ දෙවැනි ක්‍රීඩා දිවියකට මෙන්ම තමා රන් පදක්කමක් දිනා ගත් ඔලිම්පික් තරගයට ද සමාන බව ග්‍රීන් පවසනවා.

“මෙය මම මගේ බලය නැවත ලබා ගැනීමක් හා මම කවුද කියා මට මතක් කර දෙමින්, මම දක්ෂයෙකු වන ක්‍රීඩාවේ නැවත නියැලීමක්” යැයි ග්‍රීන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ධනාත්මක වූවත්, ක්‍රීඩාවේ සිටින සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ව තේරුම් ගැනීම හා පිළිගැනීමේ ආවේණික අඩුවක් තවමත් තිබෙන බව ග්‍රීන් කියනවා.

“සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ගැන වැඩි අමාරුවක් තිබෙන්නේ ඔන්ලයින් පුද්ගලයන්ට බව මට පෙනී ගොස් තිබෙනවා” ග්‍රීන් සඳහන් කරනවා.

“මෙයින් වැඩි හානියක් එන්නේ කොහෙන්ද කියායි කවුරුත් නොදන්නේ.”

“ජනතාවට ඔවුන්ගේ මතයන් තියාගන්න පුළුවන්. නමුත් එයින් තවත් කෙනෙකුගේ ජීවිතය, අනන්‍යාතාව හා ආත්මය නැතිවෙනවා නම් එයින් සිදුවන හොඳක් තියෙනවාද?”

“ඔව්, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබිය යුතුයි!”


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...