උසුලන්නේ කැටයම් කළ රත්තරං සහ විසිතුරු ස්වර්ණාභරණවලට. නිතර ප්‍රීතියෙන් කල් ගෙවන එනුවර වැසියෝ දැන් ඔවුන්ගේ නගරයේ වීරයාගේ හදිසි මරණයේ වේදනාව විඳ දරා ගැනීමේ අපහසුතාවයට පත්ව සිටිනවා.
“අපි ආවේ කොහෙන්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපි යන්නේ කොහේද කියන එකයි වැදගත්” යන ආදර්ශ පාඨයෙන් යුත් ගොන්ඩොමර් නුවර ඩිඔගෝ ජෝටා පාපන්දු ඇකඩමිය අභියස ඉටිපන්දම්, මල්, උර සළු හා ජෝටා පාපන්දු ක්‍රීඩා කළ විවිධ සමාජවල හා පෘතුගාල ජාතික කණ්ඩායමේ කමිස තැන්පත් කරමින් ජනතාව ඔවුන්ගේ ආදරණීය ක්‍රීඩකයාට ගෞරවය පිරිනමන්නේ නගරයේ වීදි කඳුලින් තෙත් කරමින්.

ඩිඔගෝ ජෝටා ළමා වියේ සිටියදී වසර දහයක් ක්‍රීඩා කළ ගොන්ඩොමර් පාපන්දු සමාජයේ ඇකඩමිය ඔහු 2022 වසරේදී විවෘත කළේ වයස අවුරුදු 6-9 දරුවන් වෙනුවෙන්.
ජෝටා ට ඔහුගේ බිරිඳ රූට් කාඩෝසෝ හමුවුනේ ගොන්ඩොමර් නුවර (Gondomar) උසස් පාසලේ පුස්තකාල කාමරයේ. එකම පංතියේ ඉගෙනුම ලබන අතරතුර 15 වැනි වියේදී මේ දෙදෙන ඔවුන්ගේ ආදර සබඳතාව ආරම්භ කළ අතර පසුව ඇය ඔහුගේ ජීවිතයේ ස්ථම්භය බවට පත්වුණා.

ඔවුන්ට වයස 19දී, ජෝටාව Pacos de Ferreira නමැති කුඩා පෘතුගීසි පාපන්දු සමාජයේ සිට Atletico Madrid නමැති ස්පාඤ්ඤයේ දැවැන්ත ක්‍රීඩා සමාජයට මාරු කෙරුනු අවස්ථාවේදී දෙදෙනා මෙඩ්රිඩ් නගරයට පැමිණියා.
“ඔහුගේ පෙම්වතිය හා හොඳම මිතුරිය වීම හැරුන විට, එයාගෙ අංක එකේ ක්‍රීඩා ලෝලියාත් මමයි” යනුවෙන් කාඩෝසෝ ඒ අවස්ථාවේ කියා තිබුණා.

තමන් පැමිණියේ කොතැනින්ද යන නිහතමානී හැඟීමක් ජෝටා හා කාඩෝසෝ ට සැමවිටම තිබුණා. තමන් වෙත අවධානය හෝ ජනප්‍රියත්වය දිනා ගැනීමේ චේතනාවක් ඔහුට කොහෙත්ම නොතිබුනු අතර ඇයගේ අපේක්ෂාව වී තිබුනේ ඇය ලියාපදිංචිව සිටි වෙළඳ උපාධිය නැවත ආරම්භ කිරීමයි.
මේ ළමා වියේ පෙම් යුවල විවාහ ගිවිස ගත්තේ ජෝටාගේ ඛේදජනක මරණය සිදුවීමට දින කිහිපයකට පෙර.
මේ දෙදෙනාගේ ජීවිත වලාකුලක් නැති අහසක් මෙන් පරිපූර්ණව තිබුනේ අද්විතීය අයුරින්.
පෝටෝ නගරයේ ඩුඔරෝ ගං ඉවුර අසල මීට දින දහයකට පෙර පැහැදිලි ජූනි සැඳෑවක සිදුවූ ඔවුන්ගේ කතෝලික විවාහය සහ ජෝටා සහ ඔහුගේ සොහොයුරාට මරු කැඳවමින් ඇඹරී තැලී පොඩිවී ගිය ලැම්බෝගිනි රථයේ විනාශය අතර තිබෙන්නේ ඉතාමත් නිර්මල ලෙසින් පිංතූරගත කර තිබූු ලෝකයක ප්‍රභේදය යි.
28 හැවිරිදි ජෝටා සහ 25 හැවිරිදි ඔහුගේ සොහොයුරාගේ මේ ශෝකාන්තය අපට ඉතාමත් දරුණු ආකාරයෙන් මතක් කර දෙන්නේ ඔ්නෑම ජීවිතයක් කොතරම් ලෙහෙසියෙන් කැඩෙන බිඳෙන සුලු ද හා අනිස්ථිර ද යන කාරණය යි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



