(Immigration and Customs Enforcement - ICE) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පියා විවිධ අංශ බොක්සිං ශූරයෙක්.
ෆෙඩරල් ආගමන නිලධාරීන් බදාදා චාවේස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලොස් ඇන්ජලීස් වටපිටාවේ තිබෙන ස්ටූඩියෝ සිටි නගරයේ පිහිටි ඔහුගේ නිවස අසලින්.
මෙක්සිකෝවේ තිබෙන අත්අඩංගුවට ගැනීමේ සක්‍රිය වරෙන්තුවක් සම්බන්ධයෙන් මේ බොක්සිං සටන්කරුවා ICE නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව අමෙරිකාවේ මව්බිම ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security - DHS) ප්‍රකාශ කර තිබෙනවා.
ලෝක බොක්සිං කවුන්සලයේ (WBC) හිටපු මිඩ්ල්වේට් ලෝක ශූරයා වන 39 හැවිරිදි චාවේස් සංවිධානාත්මක අපරාධ සහ ගිනිඅවි, පතරොම් හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ බවට DHS චෝදනා කරනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන සිනලොවා කාටලයට (Sinaloa Cartel) චාවේස් සම්බන්ධ බවට විශ්වාස කරන බව ද ඔවුන් කියනවා.

කාටල චෝදනා “ප්‍රජාව බිය වැද්දීම සඳහා පමණ ඉක්මවා කරන තවත් සිරස්තලයක් පමණක්” යැයි චාවේස්ගේ නීතිඥ මයිකල් ඒ. ගෝඩ්ස්ටීන් (Michael A. Goldstein) ප්‍රකාශ කරනවා. චාවේස් සම්බන්ධයෙන් කාටල චෝදනාව තමා අසන්නේ ප්‍රථම වතාවට බව ද ඔහු සඳහන් කරනවා.
ගෝඩ්ස්ටීන් ට අනුව ෆෙඩරල් ඒජන්තවරුන් 25ක් පමණ චාවේස්ගේ නිවස වටලා තිබෙනවා. “ඔවුන් ඔහුගේ පවුලට නොදන්වා ඔහුගේ නිවස තිබෙන මාර්ගය අවහිර කර ඔහුව අත්අඩංගුවට ගත්තා” යනුවෙන් නීතිඥවරයා නිවේදනයක් මගින් කියා තිබෙනවා.
චාවේස් අමෙරිකාවෙන් පිටමං කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරමින් තිබෙන බව DHS පවසනවා.
මෙක්සිකෝවේ සිනලොවා ප්‍රාන්තයේ උපන් චාවේස් අත්අඩංගුවට ගනු ලැබුවේ කැලිෆෝනියාවේ ඇනහයිම් නගරයේ හොන්ඩා මධ්‍යස්ථානයේදී ජේක් පෝල් සමග පැවති බොක්සිං තරගයෙන් දින හතරකට පසුව. යූටියුබ කෙනෙකුව සිට දැන්බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ජේක් පෝල් කෲසවේට් බර පංතියේ පැවති එම තරගය ජය ගත්තා.

2011 වසරේ ජූනි මාසයේදී මිඩ්ල්වේට් බොක්සිං කිරුළ හිමිකර ගත් කණිෂ්ඨ චාවේස් තෙවතාවක් ම එම ශූරතාව රැක ගැනීමට සමත් වුණා. ඔහු ප්‍රථම වරට බොක්සිං වළල්ලට පා තැබුවේ 2002 සැප්තැම්බරයේ.
චාවේස් 2023 වසරේ අගෝස්තු මාසයේ අමෙරිකාව ට ඇතුළු වූයේ 2024 වසර දක්වා වලංගු B2 සංචාරක වීසාවක් සමග බව DHS පෙන්වා දෙනවා. අමෙරිකානු පුරවැසියෙකු විවාහ කර ගැනීමේ පදනම මත ඔහු නිත්‍යානුකූල ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ අතර එම පුරවැසියා ට ද, කුප්‍රකට කාටල නායක Joaquin ‘El Chapo’ Guzman ගේ මිය ගිය පුතා සමග කළින් තිබූ ඇසුරක් මාර්ගයෙන් සිනලොවා කාටලය සමග සම්බන්ධකම් තිබෙන බවට ආරක්ෂක නිලධාරීන් චෝදනා නගා තිබෙනවා.
අමෙරිකානු පුරවැසිභාවය හා ආගමන සේවය චාවේස් පිළිබඳ කරුණු දෙසැම්බර් මාසයේදී ICE ට යොමු කරමින් ඔහු ‘පැහැදිලිවම මහජන ආරක්ෂාවට තර්ජනයක්’ බවට දැන්වූ බව DHS සඳහන් කරනවා. එහෙත් ජනවාරි මාසයේදී චාවේස් ට නැවත අමෙරිකාව ට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.
DHS ට අනුව, චාවේස් නිත්‍යානුකූල ස්ථිර පදිංචිය ඉල්ලමින් ඉදිරිපත් කළ අයැදුම් පතේ වංචනික ප්‍රකාශ ගණනාවක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඔහුව ජූනි 27 වැනිදා අමෙරිකාවෙන් නෙරපා දැමීමට තීරණය වී තිබෙනවා.
ප්‍රහාරක රයිෆලයක් ළඟ තබා ගෙන 2024 ජනවාරි මාසයේ අත්අඩංගුවට පත්වීම ඇතුළුව අමෙරිකාව තුළ නීතිමය කරදර කිහිපයකටම කණිෂ්ඨ චාවේස් මීට පෙරත් මුහුණ දී තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



