The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

'ලාරා කීවා මම එයාගෙ වාර්තාව බිඳ දැමිය යුතුව තිබුනා කියලා' - මල්ඩර්

T

The Leader Desk

July 11, 2025 • 12:18 PM

'ලාරා කීවා මම එයාගෙ වාර්තාව බිඳ දැමිය යුතුව තිබුනා කියලා' - මල්ඩර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාර්ථකව ක්‍රීඩා කරමින් සිටි ඉනිම නතර කරනවා වෙනුවට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම පෞද්ගලික ලකුණු වාර්තාව බිඳ දැමීමට උත්සාහ කළ යුතුව තිබූ බව බ්‍රයන් ලාරා දකුණු අප්‍රිකාවේ විආන් මල්ඩර් ට පවසා තිබෙනවා.
  • සිම්බාබ්වේ තරගය ජය ගැනීමෙන් පසුව මල්ඩර් මෙසේ ප්‍රකාශ කළා: “මම ලාරා එක්ක ටිකක් ‘චැට්’ කළා.
  • ඒ, ටෙම්බා බවුමා සහ කේශව් මහරාජ් ආබාධවලට ලක්වීමෙන් පසුව.
  • ඔහු සිය ඉනිම නතර කිරීමට තීරණය කළේ පුහුණුකරු ෂුක්රි කොන්රෑඩ් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව මල්ඩර් කියා තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 මල්ඩර්ගේ පාඩම...| Mahesh Hapugoda

දකුණු අප්‍රිකානු නායක මල්ඩර් සිම්බාබ්වේ ට එරෙහිව නොදැවී ලකුණු 367ක් ලබා ගත්ත ද, ඔහු ලාරා 2004 වසරේ එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් නොදැවී වාර්තා කළ ලකුණු 400 ට ලකුණු 33ක් අඩුවෙන් සිටියදී තම ඉනිම නතර කිරීමට තීරණය කළා.

“බ්‍රයන් ලාරා ඒ වාර්තාව තවදුරටත් තබා ගැනීම විය යුතුව තිබූ නියම දෙයයි” මල්ඩර් ඒ අවස්ථාවේ කියා සිටියා.

සිම්බාබ්වේ තරගය ජය ගැනීමෙන් පසුව මල්ඩර් මෙසේ ප්‍රකාශ කළා: “මම ලාරා එක්ක ටිකක් ‘චැට්’ කළා. මම මගේම ලෙගසිය නිර්මාණය කරමින් සිටින නිසා මම ඒ වාර්තාව හඹා යා යුතුව තිබිනැයි ඔහු මට කීවා.”

 



“වාර්තා තියෙන්නේ බිඳ දැමීමට බවත් මම නැවත කවදා හරි එවැනි තත්ත්වයකට ආවොත් එදාට මම නොනැවතී ඉදිරියටම ගිහිං එයාට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරනු ඇති බවට ඔහු ප්‍රාර්ථනා කරන බවත් ලාරා මට පැවසුවා.”

මල්ඩර් මේ තරගයේදී දකුණු අප්‍රිකාව ට නායකත්වය දෙමින් සිටියේ ප්‍රථම වතාවට. ඒ, ටෙම්බා බවුමා සහ කේශව් මහරාජ් ආබාධවලට ලක්වීමෙන් පසුව. ඔහු සිය ඉනිම නතර කිරීමට තීරණය කළේ පුහුණුකරු ෂුක්රි කොන්රෑඩ් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව මල්ඩර් කියා තිබුණා. “ලොකු ලකුණු ප්‍රමාණයන් ලෙජන්ඩ්ස්ලා තියා ගත්තාවේ” කියා ෂුක්රි තමාට කී බව මල්ඩර් සඳහන් කර තිබුණා.

බ්‍රයන් ලාරා ඔහුගේ වාර්තාව බිඳ දැමීම සම්බන්ධයෙන් එසේ කීවද තමා තමාගේ තීරණය වෙනස් කිරීමට ඉඩ නොතිබුනු බව මල්ඩර් පැවසුවා.
“එයාගෙ පැත්තෙන් ඒක ඉතා හොඳ අදහසක්. නමුත් මම කළේ හරි දේ කියලා මම තවමත් විශ්වාස කරනවා. ක්‍රීඩාවට ගරු කිරීම තමයි මට තියෙන වැදගත්ම කොටස.”



ඇන්ටීගා කොදෙව් දූපතේදී මීට වසර 21කට පෙර බ්‍රයන් ලාරා‌ගේ ප්‍රයත්නය ඔහු වාර්තාව බිඳ දැමූ දෙවැනි අවස්ථාව වී තිබුනා. ඔහු එංගලන්තය ට ම එරෙහිව 1994 වසරේදී ද ලකුණු 375ක් රැස්කළ අතර ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් 2003 වසරේ පර්ත් හිදී සිම්බාබ්වේ ට එරෙහිව ලකුණු 380ක් ලබා ගනිමින් ඒ වාර්තාව මකා දැමුවා.

මල්ඩර් ට ඉදිරියෙන් තිබෙන අනෙක් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන්නේ මහේල ජයවර්ධන 2006 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ ලකුණු 374.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි ලිපි :

බ්‍රයන් ලාරා ට ඇති ගෞරවය මල්ඩර්ගේ නව ලෝක වාර්තාවට හරස් වෙයි

මල්ඩර්ගේ පාඩම...|  Mahesh Hapugoda


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...