The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ලාරාගේ වාර්තාව හඹා නොගිය මල්ඩර් ගැන ක්‍රිස් ගේල් ඉන්නේ කලකිරීමෙන්

T

The Leader Desk

July 11, 2025 • 1:28 PM

ලාරාගේ වාර්තාව හඹා නොගිය මල්ඩර් ගැන ක්‍රිස් ගේල් ඉන්නේ කලකිරීමෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ විආන් මල්ඩර් පිතිකරුවා බ්‍රයන් ලාරාගේ ටෙස්ට් වාර්තාව හඹා නොයාමට ගත් තීරණය පිළිබඳව හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ඔහුගේ කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා.
  • එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරණයේ පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරාගේ එදා මෙදා තුර වැඩිම ටෙස්ට් ලකුණු 400 වාර්තාව පෙනි පෙනී තිබියදී මල්ඩර් ඔහු‌ගේ ඉනිම නතර කළේ එම වාර්තාව මකා දැමීමට තවත් ලකුණු 34ක් පමණක් අවශ්‍යව තිබියදී.
  •   තමා උවමනාවෙන් ම ලාරා ට ඔහුගේ වාර්තාව තවදුරටත් රැකගෙන සිටීමට ඉඩ සැලසූ බව මල්ඩර් ඔහුගේ ඉනිම නතර කිරීමෙන් පසුව කියා සිටියා.
  • කෙසේ වෙතත්, බ්‍රයන් ලාරා සමග ක්‍රීඩා කර ඇති ක්‍රිස් ගේල්, විආන් මල්ඩර්ගේ තීරණය සමග එකඟ නොවෙමින් ඔහු වාර්තාව හඹා යා යුතුව තිබූ බව ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ක්‍රීඩා කළ පළමු තරගයේදී ම 27 හැවිරිදි මල්ඩර් නොදැවී ලකුණු 367ක් රැස්කළේ වාර්තා ගණනාවක් අලුත් කරමින්.

එහෙත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරණයේ පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරාගේ එදා මෙදා තුර වැඩිම ටෙස්ට් ලකුණු 400 වාර්තාව පෙනි පෙනී තිබියදී මල්ඩර් ඔහු‌ගේ ඉනිම නතර කළේ එම වාර්තාව මකා දැමීමට තවත් ලකුණු 34ක් පමණක් අවශ්‍යව තිබියදී.

 

තමා උවමනාවෙන් ම ලාරා ට ඔහුගේ වාර්තාව තවදුරටත් රැකගෙන සිටීමට ඉඩ සැලසූ බව මල්ඩර් ඔහුගේ ඉනිම නතර කිරීමෙන් පසුව කියා සිටියා.

කෙසේ වෙතත්, බ්‍රයන් ලාරා සමග ක්‍රීඩා කර ඇති ක්‍රිස් ගේල්, විආන් මල්ඩර්ගේ තීරණය සමග එකඟ නොවෙමින් ඔහු වාර්තාව හඹා යා යුතුව තිබූ බව ප්‍රකාශ කළා.

“මට ලකුණු 400 ට යන්න චාන්ස් එකක් ලැබුනොත්, මම 400 ගන්නවා. ඒ වගේ අවස්ථාවක් හැමදාම ලැබෙන්නේ නැහැ. ඔබ නැවත ත්‍රිත්ව ශතකයකට පිවිසෙන්නේ කවදාද කියා ඔබ දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් ලැබෙන ඕනෑම  මොහොතක, ඔබ උත්සාහ කර එයින් හොඳම ප්‍රතිඵලය ලබා ගත යුතුයි” ගේල් විදෙස් ක්‍රීඩා මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

ඔහු තවදුරටත් මෙසේ කියා තිබෙනවා: “ලකුණු 367ක් ලබා ගෙන සිටියදී ඔබ වාර්තාවට යන්න චාන්ස් එකක් ගැනීම ඉබේ සිදුවන දෙයක්. ඔබට ලෙජන්ඩ් කෙනෙක් වෙන්න අවශ්‍ය නම්, ඔබ ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ කොහොමද? වාර්තාවලින් තමයි ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ.”

ක්‍රිස් ගේල් ට අනුව, ලාරාගේ වාර්තාව බිඳ දැමීමට මහඟු අවස්ථාවක් එළඹ තිබියදී එය උත්සාහ නොකර අතහැරීම මල්ඩර්‌ කළ මෝඩ ක්‍රියාවක්.

 

“මම හිතන්නේ එය මල්ඩර්ගේ පැත්තෙන් සිදුවූ වරදක්. එයා දිගටම පිතිකරණයේ යෙදී ඒ ඉලක්කයට යාවිද නැද්ද කියා අපි  දන්නේ නැහැ. නමුත් ඔහු ලකුණු 367දී ඉනිම නතර කර එයාට කියන්න තිබුනු දේ කීවා. නමුත් මේ අහන්න. ටෙස්ට් ක්‍රිකට් තරගයක ලකුණු 400ක් ලබා ගන්නවා කියන්නේ ජීවිතේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්. තරුණයා...ඔබ මහා පරිමාණයෙන් වරද්ද ගත්තා!”


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත්

'ලාරා කීවා මම එයාගෙ වාර්තාව බිඳ දැමිය යුතුව තිබුනා කියලා' - මල්ඩර්

බ්‍රයන් ලාරා ට ඇති ගෞරවය මල්ඩර්ගේ නව ලෝක වාර්තාවට හරස් වෙයි

මල්ඩර්ගේ පාඩම...|  Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...