The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පියාගේ වෙඩි පහරින් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකාව මිය යයි

T

The Leader Desk

July 12, 2025 • 2:56 PM

පියාගේ වෙඩි පහරින් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකාව මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකාවක් වූ රාධිකා යාදව් (Radhika Yadav) ඇගේ පියා විසින් වෙඩි තබා මරා දමා තිබෙනවා.
  • 25 හැවිරිදි රාධිකා පුහුණුකාරියක ලෙස කටයුතු කිරීමට පෙර ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය (ITF) මෙහෙයවන තරගමාලාවන් හි ඒකල හා යුගල ක්‍රීඩිකාවකව සිටියා.
  • තරුණ කාන්තාවක් පතරොම් තුවාලවලින් මිය ගිය බවට නගරයේ පෞද්ගලික රෝහලක් විසින් තමන්ට දැන්වූ බවත් තමන් රෝහලට යන විට එහි සිටියේ රාධිකාගේ මාමා කුල්ඩීප් යාදව් පමණක් වන අතර ඇගේ මාපියන් එහි‌ නොසිටි බවත් ගුරුග්‍රාම් පොලිසිය පවසනවා.
  • ITF වෙඩ් අඩවියට අනුව, රාධිකා ඇයගේ ක්‍රීඩා දිවිය තුළ ITF අනුග්‍රහය යටතේ ඒකල තරග 36ක් සහ යුගල තරග 7ක් ක්‍රීඩා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඩීපක් යාදව් නමැති 49 හැවිරිදි පියා දියණියට වෙඩි තබා තිබෙන්නේ ගුරුග්‍රාම් පෙදෙසේ ඔවුන්ගේ නිවසේදී. 25 හැවිරිදි රාධිකා පුහුණුකාරියක ලෙස කටයුතු කිරීමට පෙර ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය (ITF) මෙහෙයවන තරගමාලාවන් හි ඒකල හා යුගල ක්‍රීඩිකාවකව සිටියා.

cgdfg
තරුණ කාන්තාවක් පතරොම් තුවාලවලින් මිය ගිය බවට නගරයේ පෞද්ගලික රෝහලක් විසින් තමන්ට දැන්වූ බවත් තමන් රෝහලට යන විට එහි සිටියේ රාධිකාගේ මාමා කුල්ඩීප් යාදව් පමණක් වන අතර ඇගේ මාපියන් එහි‌ නොසිටි බවත් ගුරුග්‍රාම් පොලිසිය පවසනවා.

කුල්ඩීප් පොලිසියට කළ පැමිණිල්ලට අනුව, පියා නැවත නැවත පෑ විරෝධය නොතකා දියණිය දිගටම නගරයේ ටෙනිස් ඇකඩමියක් පවත්වා ගෙන යාම පිළිබඳව ඔහු පසුවෙමින් සිටියේ මහත් අවුලෙන්.

cfbdfhdh
ITF වෙඩ් අඩවියට අනුව, රාධිකා ඇයගේ ක්‍රීඩා දිවිය තුළ ITF අනුග්‍රහය යටතේ ඒකල තරග 36ක් සහ යුගල තරග 7ක් ක්‍රීඩා කර තිබෙනවා. ඇය අවසන් වතාවට ඒකල තරගයක් 2024 මාර්තු මාසයේ ද, යුගල තරගයක් 2023 වසරේ ජූනි මාසයේ ද ක්‍රීඩා කළා. ඇගේ අවසාන ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර වසරකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබුන ද ඇය ගුරුග්‍රාම් හි ඇගේ ඇකඩමියේ පුහුණුකාරියක ලෙස ක්‍රියා කර තිබෙනවා. මේ කාරණයයි ඇය සහ ඇගේ පියා අතර මතභේදයට හේතුව වී තිබෙන්නේ.

ඩීපක් කලක් තිස්සේ සසලව සිටියේ ඔහුගේ දියණියගේ ආදායම සම්බන්ධයෙන් ගම්වාසීන් ඔහුට ඇනුම් පද කියා අපහාස කිරීම නිසා. ඔවුන්ගේ මේ සරදම්වලින් ඔහු මහත් අපහසුවට පත්ව සිටියා. නිවසේ වැඩකටයුතු සිදුවන්නේ දුවගේ මුදලින් බවත් ඔහු ඇගෙන් යැපෙමින් සිටින බවත් කියමින් ගම්වාසීන් නිතරම ඔහුව සමච්ච්ලයට ලක්කර තිබෙනවා. ඔහු රාධිකා ට කිහිප අවස්ථාවකදීම ඇකඩමියේ වැඩකිරීම නතර කරන ලෙසට ඉල්ලා තිබුනත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉවසීමේ සීමාව ඉක්මවා යාමෙන් පසුව පියා දුවට වෙඩි තබා ඇතැයි පොලිසිය කියනවා.

ඩීපක්ගේ ආදායම පැමිණියේ ඔහුට අයත් කුඩා දේපළ දෙකකින් ලැබෙන කුලියෙන් බව ද පොලිසිය සඳහන් කරනවා.

ඩීපක් ඔහු කළ අපරාධය පිළිගෙන තිබෙන බව වාර්තා වනවා. තමා දියණියගේ පිටුපසින් සිට තෙවතාවක් ඇයට වෙඩි තැබුවේ ඇය ඇකඩමිය වසා දමන ලෙසට තමා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ නිසා බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඇගේ පිටේ වෙඩි උණ්ඩ තුනක් හා උරහිසේ තවත් උණ්ඩයක් තිබූ බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ.

xcgdgxdfg
රාධිකාගේ පිටුපසින් පැමිණ පියා ඇයට වෙඩි තබා තිබෙන්නේ ඇය නිවසේ ආහාර පිසිමින් සිටියදී බව පැවසෙනවා.

පරීක්ෂණ පැවැත්වෙද්දී හෙළිවී තිබෙන කරුණු අනුව රාධිකාගේ ටෙනිස් ක්‍රීඩාවට මුලදී සහාය දුන් පියා දියණියට ඇගේ ඇකඩමිය විවෘත කිරීම සඳහා රුපියල්‌ කෝටි දෙකක මුදලක් පවා ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෑතකදී තමා උපන් ගමට ගිය අවස්ථාවේදී ඩීපක් ට ගම්වාසීන් “ලජ්ජාවක් නැති පියෙක්” කියා සරදම් කර තිබෙනවා. ඉන් මහත් සිත්තැවුලට පත් ඔහු නැවත නිවසට පැමිණීමෙන් පසුව ටෙනිස් ඇකඩමිය වසා දමන ලෙසට රාධිකාගෙන් ඉල්ලා තිබෙනවා.

ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මහත් වේදනාවට පත් ඩීපක් දින තුනක් තිස්සේ සිය දිවි නසා ගැනීමට කල්පනා කිරීමෙන් පසුව අවසානයේ දියණියට වෙඩි තබා මරා දැමීමට තීරණය කළ බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...