The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ලෙමීන් යමාල්ගේ උපන්දින සාදයට අඟුටුමිට්ටන් යොදා ගැනීම පිළිබඳව පරීක්ෂණයක්

T

The Leader Desk

July 17, 2025 • 3:34 PM

ලෙමීන් යමාල්ගේ උපන්දින සාදයට අඟුටුමිට්ටන් යොදා ගැනීම පිළිබඳව පරීක්ෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නැගී එන තරුවක් වන ලෙමීන් යමාල් (Lamine Yamal) ඔහුගේ 18 වැනි උපන්දින සාදයට අඟුටුමිට්ටන් යොදා
  • අධික මුදලක් වැයකර පැවැත්වූ එම උපන්දින උත්සවයට පැමිණි පුද්ගලයන් සතුටු කිරීම පිණිස කුරු පුද්ගලයන්ගෙන් සමන්විත විනෝදය සපයන්නන්ගේ කණ්ඩායමක් යමාල් විසින් කුලියට ගෙන තිබූ බව වාර්තා වනවා.
  • මෙය 21 වැනි ශතවර්ෂයේ පිළිගත නොහැකි දෙයක් බව ස්පාඤ්ඤයේ එකොන්ඩොප්ලේසියාව හා අනෙකුත් අස්ථි ආබාධ තිබෙන පුද්ගලයන්ගේ සංගමය (ADEE) ප්‍රකාශ කර තිබෙනවා.
  • ඔවුන් මේ සම්බන්ධයෙන් නීතිමය පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර සමාජයීය වශයෙන් ද මීට එරෙහිව ක්‍රියා කරන බවට අනතුරු අඟවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට ස්පාඤ්ඤයේ සමාජ අයිතීන්ගේ අමාත්‍යංශය එරට පැමිණිලි මෙහෙයවන කාර්යාලයට නියෝග කර තිබෙනවා.

අධික මුදලක් වැයකර පැවැත්වූ එම උපන්දින උත්සවයට පැමිණි පුද්ගලයන් සතුටු කිරීම පිණිස කුරු පුද්ගලයන්ගෙන් සමන්විත විනෝදය සපයන්නන්ගේ කණ්ඩායමක් යමාල් විසින් කුලියට ගෙන තිබූ බව වාර්තා වනවා.

jhkdflks
මෙය 21 වැනි ශතවර්ෂයේ පිළිගත නොහැකි දෙයක් බව ස්පාඤ්ඤයේ එකොන්ඩොප්ලේසියාව හා අනෙකුත් අස්ථි ආබාධ තිබෙන පුද්ගලයන්ගේ සංගමය (ADEE) ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් නීතිමය පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර සමාජයීය වශයෙන් ද මීට එරෙහිව ක්‍රියා කරන බවට අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, මේ සිද්ධියෙන් ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් සහ ඔවුන් වෙනුවෙන් තිබෙන නීති උල්ලංඝනය වී ඇත්දැයි සොයා බලන ලෙසට පැමිණිලි කාර්යාලයට උපදෙස් ලැබී තිබෙනවා.    

මිනිසුන්ට විනෝදය ලබා දීම පිණිස කුරු පුද්ගලයන් යොදා ගැනීම ප්‍රසිද්ධියේ හෙළා දකින බව ADEE ප්‍රකාශ කරනවා.

“සංදර්ශන හෝ විනෝද ක්‍රියාවන්ට ආබාධිත පුද්ගලයන් යොදා ගෙන ඔවුන් සරදමට ලක්කරමින් සතුටු වීම තහනම්” යනුවෙන් එම සංගමය නිවේදනයක් මගින් කියා තිබෙනවා.

කෙසේ වෙතත්, ලෙමීන් යමාල්ගේ උපන්දින සාදයට සහභාගි වූ විනෝදය සපයන කණ්ඩායමේ සිටි එක් කුරු පුද්ගලයෙකු  සමග ස්පාඤ්ඤ රේඩියෝවක් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී එම පුද්ගලයා යමාල්ගේ ක්‍රියාව අනුමත කර තිබෙනවා.

“කිසිම කෙනෙක් අපට අගෞරව කළේ නැහැ. ඔවුන් අපට හොඳින් සැලකුවා. අපි වැඩ කළේ සාමයෙන් යුතුවයි” එම පුද්ගලයා පැවසුවේ නිර්නාමිකව සිටිමින්.

“මේ ගැන මෙතරම් කලබල වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු. අපි කරන්නේ අපට ඔ්න දේවල්. අපි ඒවා කරන්නේ පැහැදිලිවම නීතිමය ආකාරයෙන්.”

“අපි රැකියාව කරන්නේ විනෝදය සපයන්නන් ලෙසයි. අපට ඒ දේ කරන්න බැරි ඇයි? අපේ ශාරීරික තත්ත්වය නිසා ද?”

“අපේ සීමාව මොකක්ද කියලා අපි දන්නවා. අපි කවදාවත් ඒ සීමාව පන්නන්නේ නැහැ. අපි කාටවත් උවමනා විදියට නටන වඳුරන් නෙවෙයි.”

තම කණ්ඩායමේ විනෝදකාමී රංගනය පැයක කාලයක් පැවති බවත් ඉන්පසු ඔවුන් සාදය සමග එක්වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“අපි නැටුවා. අපි බීම බෙදා ගත්තා. අපි මැජික් පෙන්නුවා...සංදර්ශන නොයෙකුත් ආකාරයෙන් තියෙනවා. ඒවායින් සියලු දෙනාම හොඳින් සතුටු වුනා.


එහෙත් කුරු පුද්ගලයින් සිය උපන්දින සාදයට යොදා ගැනීමෙන් අබාධ සහිත පුද්ගලයන්ගේ ගෞරවය ආරක්ෂා කරන නීති උල්ලංඝනය වී ඇති බවට තහවුරු වුවහොත් යමාල් ට යුරෝ 600,000 සිට යුරෝ මිලියනයක් දක්වා වන දඩයක් නියම වීමට ඉඩ තිබෙනවා.

vbdbff
මෙය පෞද්ගලික කටයුත්තක් වූ බැවින් ඒ පිළිබඳව කිසිවක් සඳහන් කිරීමට තමන්ට නොහැකි බව බාසිලෝනා පාපන්දු සමාජය පවසනවා.

මේ ක්‍රීඩා සමාජය සමග 2031 වසර දක්වා රැඳී සිටීම පිණිස යමාල් මැයි මාසයේදී කොන්ත්‍රාත්තුවකට අත්සන් කළා. ඔහු බාසිලෝනා කණ්ඩායමට La Liga, Copa del Rey සහ ස්පඤ්ඤ Super Cup යන ශූරතා තුන දිනා ගැනීමට උපකාර වුනා. මීට අමතරව, ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමේ 2024 යුරෝපීය කිරුළ දිනා ගැනීමට ලෙමීන් යමාල්ගේ සුපිරි ක්‍රීඩාව බෙහෙවින් උපකාරී වුනා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...