The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඉන්දියා ක්‍රීඩකයන් ගේ විරෝධය හමුවේ පාකිස්තානයට එරෙහි ලෙජන්ඩ්ස් තරගය අහෝසි වෙයි

T

The Leader Desk

July 21, 2025 • 11:22 AM

ඉන්දියා ක්‍රීඩකයන් ගේ විරෝධය හමුවේ පාකිස්තානයට එරෙහි ලෙජන්ඩ්ස් තරගය අහෝසි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව හා පාකිස්තානය අතර ලෙජන්ඩ්ස්ලාගේ ලෝක ශූරතා ක්‍රිකට් තරගය ඊයේ අහෝසි වීම හේතුවෙන් ක්‍රීඩාව හා දේශපාලනය අතර පවතින විවාදය නැවත ආරම්භ වී තිබෙනවා.
  • ජූලි 18 වැනිදා ආරම්භ වූ තරගාවලිය අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ දකුණු අප්‍රිකාවෙන් කණ්ඩායම් ඊට සහභාගි වනවා.
  •   තරගය අහෝසි කිරීමෙන් පසුව වාර්තාකරුවන්ට කතා කළ පාකිස්තාන ලෙජන්ඩ්ස් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි, ක්‍රිකට් හා දේශපාලනය වෙන්ව තබා ගත යුතු බවට අවධාරණය කළා.
  • මේ ප්‍රකාශයේ යම් පුදුම සහගත බවක් දිස්වන්නේ අතීතයේදී ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රකෝපකාරී දේශපාලන ප්‍රකාශයන් කර තිබූ බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දියා ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ ෂිකර් ධවාන් ප්‍රමූඛ යුව්රාජ් සිං හා පතන් සොහොයුරන් ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පාකිස්තානය ට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අහෝසි කෙරුනා.

 

wcl 25

ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමෙන් විශ්‍රාම ගිය සහ කොන්ත්‍රාත්ගතව නැති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන මේ විස්සයි20 ආකෘතියේ ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලාගේ ලෝක ශූරතාවලිය (World Championship of Legends – WCL) දැන් එංගලන්තයේ බර්මිංහැම්, ලීඩ්ස්, නෝත්හැම්ප්ටන් සහ ලෙස්ට නගර හරහා ක්‍රීඩා කෙරෙනවා. ජූලි 18 වැනිදා ආරම්භ වූ තරගාවලිය අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ දකුණු අප්‍රිකාවෙන් කණ්ඩායම් ඊට සහභාගි වනවා.

3dv5y6

ඉන්දියාව හා පාකිස්තානය අතර මෑතකදී වොලිබෝල් තරගාවලියක් පැවැත්වුනා. මීට අමතරව පාකිස්තාන හොකී කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කිරීමක් පිළිබඳව ද අනුමානයක් තිබූ බැවින් දෙරට අතර සබඳතාවන්හි උණුසුම පහව යන ලකුණු දිස්ව තිබුනා. දෙපිල අතර WCL තරගය සැලසුම් කර තිබුනේ මේ රටවල් දෙක අතර මෑත කාලයේ අලුතෙන්ම මතුව තිබෙන මේ ධනාත්මක තත්ත්වයේ ජීවය මත.

එහෙත් අවාසනාවකට, ඉන්දියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරගයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා. මේ හේතුවෙන්  තරගවලියේ එක් අනුග්‍රාහකයෙකු වන ඉන්දියානු සංචාරක ආයතනයක් ද පාකිස්තානය සහභාගි වන කිසිම WCL තරගයකට සම්බන්ධ නොවීමට තීරණය කළේ තත්ත්වය තවත් බැරෑරුම් කරමින්.

මේ තරගාවලියේදී පාකිස්තානය මොහමඩ් හෆීස් විසින් මෙහෙයවන අතර ඉන්දියාව ට නායකත්වය දෙන්නේ යුව්රාජ් සිං.

 

shahid afridi hopeful pakistan champions can win wcl 2025

තරගය අහෝසි කිරීමෙන් පසුව වාර්තාකරුවන්ට කතා කළ පාකිස්තාන ලෙජන්ඩ්ස් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි, ක්‍රිකට් හා දේශපාලනය වෙන්ව තබා ගත යුතු බවට අවධාරණය කළා. මේ ප්‍රකාශයේ යම් පුදුම සහගත බවක් දිස්වන්නේ අතීතයේදී ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රකෝපකාරී දේශපාලන ප්‍රකාශයන් කර තිබූ බැවින්.

“අපි මෙහෙ ඇවිත් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි. දේශපාලනයෙන් ක්‍රිකට් වෙන්කර තබා ගෙන ඉදිරියට යා යුතු බව මම සැමවිටම කියා තිබෙනවා. ක්‍රීඩකයෙක් හොඳ තානාපතිවරයෙක් විය යුතුයි. ඔහු ඔහුගේ රටට ලජ්ජාවක් නොවිය යුතුයි” අෆ්රිඩි වාර්තාකරුවන්ට පැවසුවා.

ක්‍රීඩා කිරීමට අකමැති නම් ඉන්දියා කණ්ඩායම තරගය පැවැත්වෙන ස්ථානයට නොපැමිණ යුතුව තිබිනැයි ඔහු කීවා.

“අපි මෙහෙට ආවේ ක්‍රිකට් ගහන්නයි. පාකිස්තානය ට එරෙහිව ක්‍රීඩා කරන්න ඉන්දියාව අකමැති නම්, ඔවුන් මෙහි ඒමට පෙර එය ප්‍රතික්ෂේප කළ යුතුව තිබුනා. නමුත් දැන් ඔවුන් ඇවිත් ඉන්න වෙලාවේ, පුහුණුවීම් පවා කර තිබියදී, හදිසියේම සියල්ල එක දවසකින් වෙනස් කළා.”

 



WCL තරගාවලියේ ඉන්දු පාකිස්තාන තරගයට විරෝධය පෑ පළමු ක්‍රීඩකයා වන ෂිකර් ධවාන් ‘නරක් වූ බිත්තරයක්’ බව අෆ්රිඩි කියා සිටියා. මීට මාස කිහිපයකට පෙර සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ ධවාන් ඔහුගේ ස්ථාවරය සෙනසුරාදා නැවත ප්‍රකාශ කළා.

“ක්‍රීඩාව මිනිසුන්ව එක් කරනවා. නමුත් දේශපාලනය මේ හැම දේකටම ඇඟිලි ගැහුවොත් අපි ඉස්සරහට යන්නේ කොහොමද? අපි එකට අසුන් ගෙන කරුණු කාරණා සාකච්ඡා කරන තුරු, සන්නිවේදනය අඩුවන විට සියල්ල තවත් නරක අතට හැරෙනවා. අපි මෙහෙ ආවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි. මුහුණට මුහුණ හමුවෙලා මිත්‍රශීලීව අදහස් හුවමාරු කරගන්නයි. නමුත් සමහර වෙලාවට, සියලු දෙනාට සියලුම දේවල් නරක් කරන එක කුණු බිත්තරයක් තියෙනවා.”

“මම නිසා තරගය නතර කරන බව මම දැන සිටියා නම්, මම පිට්ටනියට යන්නේ නැහැ. නමුත් ක්‍රිකට් දිගටම පැවතිය යුතුයි. ක්‍රිකට් ට ඉස්සරහින් තියන්න ෂහිඩ් අෆ්රිඩි කියන්නේ කවුද? කිසිම වටිනාකමක් නැති කෙනෙක්.”

“සියල්ලට පෙර තැබිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රීඩාවක් ලෙස, ක්‍රිකට් තමයි ලොකුම දෙය. ඒකට දේශපාලනය ගෙන ඒම නොකළ යුතුයි. තමා පාකිස්තානය එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා ඉන්දියානු ක්‍රීඩකයෙක් කියනවා නම්, ඔහු ක්‍රීඩා කරන්න එපා. මෙහෙ නෑවිත් ඉන්න. නමුත් ක්‍රීඩාව වඩා ලොකුයි. ක්‍රිකට් වඩා ලොකුයි. එය ෂහිඩ් අෆ්රිඩිටත් වඩා ලොකුයි” ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළා.

dhawan
ධවාන් පෙරේදා සමාජ මාධ්‍යයට පිවිසෙමින්, ඔහුගේ ස්ථාවරය තරගය පැවැත්වීමට නියමිත දිනයට පෙර දිනයේ නැවත තහවුරු කර සිටියා: “මැයි 11 වැනිදා මා ගත් තීරණය තවමත් එලෙසමයි. මගේ රට තමයි මගේ සියල්ලම. රටට වඩා ලොකු කිසිම දෙයක් නැහැ” යනුවෙන් ඔහු සටහන් කර තිබුනා.

පාකිස්තානය ට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ එකම ඉන්දියානු ක්‍රීඩකයා ධවාන් නෙවෙයි. යුව්රාජ් සිං, සුරේෂ් රයිනා සහ පතාන් සොහොයුරන් ඇතුළු කිහිප දෙනෙක් ද එම ස්ථාවරයේ සිටියා. මුළු කණ්ඩායමේ ම තීරණය සංවිධායකයන්ට දැන්වූ බැවින් තරගය අහෝසි කිරීමට සිදුවුනා.

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය | නිලන්ත ඉලංගමුව

 

මේ අහෝසි කිරීම සිදුවන්නේ ඉන්දියාව ට අයත් කාශ්මීර පෙදෙසේ අප්‍රේල් 22 වැනිදා සිදුවු පැහැල්ගම් ප්‍රහාරයෙන් පසුව අසල්වැසි දෙරට අතර හටගෙන තිබෙන උණුසුම් වාතාවරණය මධ්‍යයේ. මේ ගැටුම් හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ඉන්දියා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර්, පාකිස්තානය සමග ක්‍රිකට් සබඳතාවල පූර්ණ වර්ජනයක් ඉල්ලා සිටියා.

‌මේ තත්ත්වය හමුවේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් එළඹෙන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ද තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...