The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

මනී පකියාඋ සමග සටන ජය පැරදුමින් තොරව අවසන් කිරීමට බාරියොස් සමත් වෙයි

T

The Leader Desk

July 21, 2025 • 12:31 PM

මනී පකියාඋ සමග සටන ජය පැරදුමින් තොරව අවසන් කිරීමට බාරියොස් සමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු 46දී බොක්සිං වළල්ලට සුරංගනා කතාවක් බඳු ආගමනයක් සලකුණු කිරීමේ මනී පකියාඋගේ (Manny Pacquiao) උත්සාහය කලකිරීමෙන් අවසන් වුනා.
  • 30 හැවිරිදි බාරියොස් ඔහුගේ වෙල්ටවේට් කිරුළ රැකගත්තේ තරගයේ වට ගණනාවක්ම පකියාඋ ඔහුගේ ආධිපත්‍යය පවත්වා ගෙන ගොස් තිබියදී.
  •   තරගයේ එක් විනිසුරුවකු බාරියොස්ගේ වාසියට ලකුණු 115-113ක් ලබා දුන් අතර අනෙක් විනිසුරුවන් දෙදෙනා 114-114 බැගින් ලකුණු ලබා දී තිබුණා.
  • තරගයේ සමහර අවස්ථාවලදී පකියාඋ සිය වසර 30ක වෘත්තීය සටන් දිවියේ ඇදහිය නොහැකි තවත් පරිච්ඡේදයක් ලියනු ඇති බවක් ප්‍රදර්ශනය කරමින් ඔහුගේ සියලුම ප්‍රයෝග සහ පළපුරුද්ද බාරියොස්ව මෙල්ල කිරීම පිණිස භාවිතා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට හේතු වූයේ මේ පිලිපීන ප්‍රතිමාමය බොක්සිං සටන්කරුවා ලාස් වේගාස් හිදී සෙනසුරාදා ලෝක බොක්සිං කවුන්සලයේ වෙල්ටවේට් ශූරයා වන මාරියො බාරියොස් (Mario Barrios) සමග කළ සටන ජය පැරදුමෙන් තොරව අවසන් වීමයි.

30 හැවිරිදි බාරියොස් ඔහුගේ වෙල්ටවේට් කිරුළ රැකගත්තේ තරගයේ වට ගණනාවක්ම පකියාඋ ඔහුගේ ආධිපත්‍යය පවත්වා ගෙන ගොස් තිබියදී. මනී පකියාඋ නැවත බොක්සිං වළල්ලට පිවිසියේ වසර හතරක කාලයක් විශ්‍රාම ගොස් සිටීමෙන් පසුව වීම විශේෂත්වයක්.

 

තරගයේ එක් විනිසුරුවකු බාරියොස්ගේ වාසියට ලකුණු 115-113ක් ලබා දුන් අතර අනෙක් විනිසුරුවන් දෙදෙනා 114-114 බැගින් ලකුණු ලබා දී තිබුණා.

තරගයේ සමහර අවස්ථාවලදී පකියාඋ සිය වසර 30ක වෘත්තීය සටන් දිවියේ ඇදහිය නොහැකි තවත් පරිච්ඡේදයක් ලියනු ඇති බවක් ප්‍රදර්ශනය කරමින් ඔහුගේ සියලුම ප්‍රයෝග සහ පළපුරුද්ද බාරියොස්ව මෙල්ල කිරීම පිණිස භාවිතා කළා.

එහෙත් බාරියොස් කෙසේ හෝ අවසන් වට තුනේදී සටන්කාමීව තරග කරමින් තරගයේ දිගටම රැඳී සිටීමට සමත් වුණා.

 

veyjyu678

අවසන් වරට ජයග්‍රහණයක් 2019 වසරේදී ලබා ගත් පකියාඋ, ටෙක්සාස්වලින් පැමිණි ඔහුට වඩා උසින් වැඩි ප්‍රතිවාදියා හමුවේ මේ තරගයේ ඉතාමත් දුර්වල ක්‍රීඩකයා ලෙස හඳුන්වා දී තිබුණා.

එහෙත් බර පංති අටක ශූරතා හිමිකර ගෙන සිටින යුගයේ වඩාත්ම ආදරයට ලක්වූ මේ පිලිපීන බොක්සිං සටන්කරුවා දීර්ඝ වේලාවක් සටන් කිරීමට තමන් තුළ අපහසුතාවක් නැති බව පෙන්නුම් කළා.

 

n698

“මම තවමත් පකියාඋ ට හිස නමා ආචාර කරනවා” යනුවෙන් තරගයෙන් පසුව බාරියොස් පැවසුවා. “එයත් එක්ක බොක්සිං වළල්ල බෙදා ගැනීමට අවස්ථාවක් ලැබීම මා ලැබූ ගෞරවයක්. ඉතාමත් වැඩි පළපුරුද්දක් තියෙන ඔහු මේ ක්‍රීඩාවේ බොහෝ දේවල් සාර්ථක කරගෙන තිබෙනවා. අපි දෙන්නා ආදරය සහ ගෞරවය පමණක් ඉතිරි කරගෙන අන් සියල්ල බොක්සිං වළල්ලේ තියලා ආවා.”

skysports mario barrios manny pacquiao 6968987

 

මනී පකියාඋගේ තවමත් ඉතිරිව තිබෙන අපූර්ව ශක්තිය හා දරා ගැනීමේ හැකියාව පිළිබඳව තමා තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇති වූ බව බාරියොස් පිළිගත්තා.

“ඔහුගේ ඔරොත්තු දීමේ ශක්තිය ගැන පිස්සු හැදෙනවා. ඔහුට තවමත් රිදෙන්න ගහන්න පුළුවනි. තවමත් හරිම ශක්තිමත්. ඔහුගේ ක්‍රියාකාරී චලනය හා රිද්මය සහ සියලු දේ අතිවිශිෂ්ටයි. ඔහු තවමත් තේරුම් ගැනීමට අපහසු අමාරුකාර සටන්කරුවෙක්!” යැයි බාරියොස් වැඩිදුරටත් සඳහන් කළා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...