The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

විවාහයට මසක් පිරෙන දිනයේ ජෝටාගේ වැන්දඹුවගෙන් හැඟීම්බර පෝස්ටුවක්

T

The Leader Desk

July 23, 2025 • 10:47 AM

විවාහයට මසක් පිරෙන දිනයේ ජෝටාගේ වැන්දඹුවගෙන් හැඟීම්බර පෝස්ටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි කම්පාවට පත්ව සිටින ඩිඔගො ජෝටාගේ වැන්දඹුව ඔවුන්ගේ විවාහයෙන් මාසයකට පසුව ඇගේ සැමියාට හැඟීම්බර ගෞරවයක් පුදකර තිබෙනවා.
  • “සදාකල්හි ඔයාගෙ සුදු කෙල්ල!” යනුවෙන් එහි සඳහන් කර තිබෙන්නේ දෙදෙනාගේ විවාහයේ හද සසල කරවන පිංතූර ත්‍රිත්වයක් ද සමග.
  • ජෝටා සහ ඔහුගේ සොහොයුරා වූ 25 හැවිරිදි ඇන්ඩෲ සිල්වා පාරු සේවයෙන් නැවත එංගලන්තය බලා යාම පිණිස යමින් සිටියදී සිදුවූ රිය අනතුරින් මිය ගියේ මේ මස මුලදී.
  • ඉන්පසුව ගිනිගත් රථය තුළ පෘතුගාලයේ දෙවැනි ස්තරයේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරන ජෝටාගේ සොහොයුරා ද සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලිවපූල් පාපන්දු තරුවගේ ඛේදජනක මරණයට දින 11කට පෙර විවාහ වූ දිනයේදී ඉතාමත් ප්‍රීතියෙන් සිටි යුවලගේ ඡායාරූප තුනක් 28 හැවිරිදි රූට් කාඩෝසෝ සමාජ මාධ්‍යයේ බෙදා ගෙන තිබෙනවා.

“ ‘අපව මරණයෙන් වෙන්කරන තුරු’ යනුවෙන් ගිවිස ගෙන අදට මාසයයි” යනුවෙන් ඒ වේදනාත්මක පෝස්ටුවේ සටහන් කර තිබෙනවා.

“සදාකල්හි ඔයාගෙ සුදු කෙල්ල!” යනුවෙන් එහි සඳහන් කර තිබෙන්නේ දෙදෙනාගේ විවාහයේ හද සසල කරවන පිංතූර ත්‍රිත්වයක් ද සමග.

rute

ඩිඔගො සහ රූට් ඔවුන්ගේ මංගල මුදු පෙනෙන පරිදි අත් අල්ලාගෙන ඇවිදින අයුරු එක් ඡායාරූපයකින් දිස්වනවා.

අනෙක් ඡායාරූප දෙක ගෙන තිබෙන්නේ ඔවුන්ගේ විවාහෝත්සවයේදී දෙදෙනා පළමු වරට නටමින් සිටියදී.

ජෝටා සහ ඔහුගේ සොහොයුරා වූ 25 හැවිරිදි ඇන්ඩෲ සිල්වා පාරු සේවයෙන් නැවත එංගලන්තය බලා යාම පිණිස යමින් සිටියදී සිදුවූ රිය අනතුරින් මිය ගියේ මේ මස මුලදී.

Diogo Jota car crash dead 6269360

මේ පෘතුගාල පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ සමෝරා නගරය හරහා පදවමින් සිටි ලැම්බෝගිනි කාරයේ ටයරයක් පුපුරා ගොස් එය මාර්ගයෙන් පිටතට විසිව යාමෙන් අනතුර සිදුවුනා. ඉන්පසුව ගිනිගත් රථය තුළ පෘතුගාලයේ දෙවැනි ස්තරයේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරන ජෝටාගේ සොහොයුරා ද සිටියා. මේ ඛේදවාචකයෙන් මුළු පාපන්දු ලෝකයම ශෝකයෙන් ඇලලී ගියා.

ජෝටා ඔහුගේ පාසල් වියේ පෙම්වතිය සමග විවාහ වූයේ මාරක අනතුරට සති දෙකකටත් අඩු කාලයකට පෙර.

 

cb782af7 1e8e 4b16 82e4 7a4a3a769def
ඔහුගේ මරණයට පැය 20කට පෙර ඩිඔගො සහ රූට් එක්ව සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් බෙදා ගනිමින් ඔවුන්ගේ විවාහය “අපට කවදාවත් අමතක නොවන දවසක්” යනුවෙන් සටහන් කර තිබුනා.

එක් ඡායාරූපයක් යටින් රූට්, “මගේ සිහිනය සැබෑ වුනා” යැයි ලියා තිබූ අතර ඩිඔගො ඊට පිළිතුරු දී තිබුනේ, “නමුත් වාසනාවන්තයා මමයි” යනුවෙන්.

නව යොවුන් වියේ සිටියදී පාසලේ මුණගැසුනු මේ යුවල වසර 13ක් එකිනෙකා සමග ප්‍රේමයෙන් වෙලී සිටියා.

සිවු හැවිරිදි සහ දෙහැවිරිදි පුතුන් දෙදෙනෙක් හා සිඟිති දියණියක් මේ දෙදෙනාට සිටිනවා.

 



Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

ඩිඔගෝ ජෝටා සිහිවීම පිණිස ලිවපූල් සමාජය අංක 20 කමිසය විශ්‍රාම ගන්වයි

ඩිඔගෝ ජෝටාගේ මාරක අනතුරට හේතුව අධික වේගයෙන් රිය පැදවීම - ස්පාඤ්ඤ පොලිසිය

රිය අනතුරින් මිය ගිය පෘතුගාල ක්‍රීඩකයාට ජගත් පාපන්දුවේ හා විම්බල්ඩන් පිටියේ ගෞරවය

රිය අනතුරකින් මිය ගිය පෘතුගාල-ලිවපූල් ක්‍රීඩක ඩිඔගෝ ජෝටා වෙනුවෙන් පාපන්දු ලොව වැලපෙයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විවාහයට මසක් පිරෙන දිනයේ ජෝටාගේ වැන්දඹුවගෙන් හැඟීම්බර පෝස්ටුවක් | The Leader