The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පෙම්වතා සිපගැනීම නිසා ක්‍රීඩිකාවගේ සිරුරේ තහනම් මත්ද්‍රව්‍ය

T

The Leader Desk

July 23, 2025 • 2:45 PM

පෙම්වතා සිපගැනීම නිසා ක්‍රීඩිකාවගේ සිරුරේ තහනම් මත්ද්‍රව්‍ය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශ ඔලිම්පික් කඩු සරඹ ක්‍රීඩිකා යිසවුවා ටිබූ (Ysaora Thibus) ට පනවා තිබූ සිවු වසරක තරග තහනම ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය
  • ඇය තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ටිබූ ඇයගේ එකල පෙම්වතා වූ අමෙරිකානු කඩු සරඹ ක්‍රීඩක රේස් ඉම්බොඩන් (Race Imboden) සිපගැනීම නිසා බවට උසාවිය තීන්දු කර තිබෙනවා.
  • ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් foil ඉසව්වේ රිදී පදක්කම්ලාභිනියක වන ටිබූ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් කර ඇති පේශීන් වර්ධනය කිරීමේ Ostarine නමැති ද්‍රව්‍යය භාවිතා කළ බවට 2024 වසරේ ජනවාරි මාසයේ පැරිසියේ පැවති තරගාවලියකදී ඔප්පු වී තිබුණා.
  • ඒ වෙනුවට ක්‍රීඩාවේ ඉහළම උසාවිය, ටිබූ කිසිම වරදක් සිදු නොකළ බවට ජාත්‍යන්තර කඩු සරඹ ක්‍රීඩා සම්මේලනයේ තහනම් මත්ද්‍රව්‍ය විනය අධිකරණ මණ්ඩලය (DDT) විසින් කලින් ලබා දී තිබූ තීන්දුව අනුමත කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

(CAS) විසින් ඉවත් කර තිබෙනවා.

ඇය තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ටිබූ ඇයගේ එකල පෙම්වතා වූ අමෙරිකානු කඩු සරඹ ක්‍රීඩක රේස් ඉම්බොඩන් (Race Imboden) සිපගැනීම නිසා බවට උසාවිය තීන්දු කර තිබෙනවා.

xgdrghgh
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් foil ඉසව්වේ රිදී පදක්කම්ලාභිනියක වන ටිබූ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් කර ඇති පේශීන් වර්ධනය කිරීමේ Ostarine නමැති ද්‍රව්‍යය භාවිතා කළ බවට 2024 වසරේ ජනවාරි මාසයේ පැරිසියේ පැවති තරගාවලියකදී ඔප්පු වී තිබුණා.

කෙසේ වෙතත්, හිතා මතා සිදුකළ වැරදි ක්‍රියාවක් මෙහි නැති බවට නිගමනය කර ඇති CAS, ටිබූ ඒ කාලයේ මේ ද්‍රව්‍යය භාවිතා කරමින් සිටි ඔලිම්පික් පදක්කම්ලාභී ඉම්බොඩන්ව දින ගණනාවක් තිස්සේ නැවත නැවත සිපගැනීම නිසා  විද්‍යානුකූලව මෙවැන්නක් සිදුවිය හැකි බවට ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක තහනම් මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) විසින් සිවු වසරක තරග තහනමක් ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඇපෑල උසාවිය නිෂ්ප්‍රභ කළා.

ඒ වෙනුවට ක්‍රීඩාවේ ඉහළම උසාවිය, ටිබූ කිසිම වරදක් සිදු නොකළ බවට ජාත්‍යන්තර කඩු සරඹ ක්‍රීඩා සම්මේලනයේ තහනම් මත්ද්‍රව්‍ය විනය අධිකරණ මණ්ඩලය (DDT) විසින් කලින් ලබා දී තිබූ තීන්දුව අනුමත කළා.

මේ නඩුව ප්‍රංශ ටෙනිස් ක්‍රීඩක රිචර්ඩ් ගෑස්කට් (Richard Gasquet) සම්බන්ධයෙන් 2009 වසරේදී හටගත් සිද්ධියකට සමාන කර තිබෙනවා. එහිදී ගෑස්කට් තමා කොකේන් භාවිතා කළ බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔහු රාත්‍රී සමාජ ශාලවකදී කවුරු හෝ කෙනෙකු සිපගැනීමෙන් පසුව බවට තර්ක කරමින් නඩුවෙන් නිදහස් වුනා.

DDT විසින් මුලින් ලබා දී තිබූ තීන්දුවෙන් පසුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැදීමට යිසවුවා ටිබූ ට අවස්ථාව ලැබුනු අතර එහිදී ඇය team foil ඉසව්වේ පස්වැනි ස්ථානය ලබා ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...