The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

පියාගේ පළමු පන්දුවටම පුතාගෙන් හයේ පහරක්

T

The Leader Desk

July 24, 2025 • 3:46 PM

පියාගේ පළමු පන්දුවටම පුතාගෙන් හයේ පහරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියා විසින් තමා වෙත එවන ලද පළමු පන්දුව ට ම පුතා හයේ පහරකින් සංග්‍රහ කිරීමේ අමතක නොවන සිදුවීමක් ඇෆ්ගනිස්තාන
  • ඕවර අටකින් පසුව Amo කණ්ඩායම ලකුණු 66කට කඩුලු 2ක් දැවී ඊසඛිල් පන්දු 23කින් ලකුණු 34ක් රැස්කර ගෙන සිටියදීයි ඔහුගේ පියා වන ඇෆ්ගනිස්තානයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මොහමඩ් නබි පන්දු යැවීමට පැමිණියේ.
  • ජාත්‍යන්තර තරග 308කට ක්‍රීඩා කරමින් කඩුලු 281ක් සහ ලකුණු 5,987ක් වාර්තා කර ඇති නබි ඔහුගේ පුතා ට පන්දුව එවූ අතර පුතා ඊට පිළිතුරු දුන්නේ දැවැන්ත හයේ පහරකින්.
  • නමුත් ඔයා පන්දු එවන්නේ මේ විදියට නම්, මම බෝලය පිටියෙන් ඉවතට යවනවා.” ඊසඛිල් එම ඕවරයේදී ලකුණු 12ක් පියාගෙන් උදුරා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශීය විස්සයි20 ක්‍රිකට් පිටියෙන් වාර්තා වනවා.

Shpageeza ක්‍රිකට් ලීග් තරගයකදී මොහමඩ් නබි (Mohammad Nabi) පියා එවූ පළමු පන්දුව ට ම හයේ පහරක් එල්ල කළේ හසන් ඊසඛිල් (Hassan Eisakhil) පුතා.

cbdfggfgf
Amo Sharks කණ්ඩායම කාබුල් නුවරදී Mis Ainak Knights පිලට එරෙහිව පළමුව පන්දුවට පහර දෙමින් සිටි අතර ඉනිම පටන් ගත් ඊසඛිල් ස්ථිර ආරම්භයක් ලබා ගත්තා.

ඕවර අටකින් පසුව Amo කණ්ඩායම ලකුණු 66කට කඩුලු 2ක් දැවී ඊසඛිල් පන්දු 23කින් ලකුණු 34ක් රැස්කර ගෙන සිටියදීයි ඔහුගේ පියා වන ඇෆ්ගනිස්තානයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මොහමඩ් නබි පන්දු යැවීමට පැමිණියේ. ජාත්‍යන්තර තරග 308කට ක්‍රීඩා කරමින් කඩුලු 281ක් සහ ලකුණු 5,987ක් වාර්තා කර ඇති නබි ඔහුගේ පුතා ට පන්දුව එවූ අතර පුතා ඊට පිළිතුරු දුන්නේ දැවැන්ත හයේ පහරකින්.


ඒ පහරින් නබි භ්‍රාන්තව සිටියදී තරග විස්තර ගෙන එන්නන් ප්‍රබෝධමත් වෙමින් සැණෙන් කෑගැසුවා: “කිසිම ආචාරශීලී සැලකීමක් නැද්ද...ඒ ඔයාට පන්දු එවන්නේ ඔයාගෙ තාත්තා. ඔයා මගේ තාත්තා නේද, ඔන්න එහෙනම් මගෙන් සංග්‍රහයක්. මම ඔයාට ගොඩක් ගරු කරනවා වෙන්න පුළුවනි. නමුත් ඔයා පන්දු එවන්නේ මේ විදියට නම්, මම බෝලය පිටියෙන් ඉවතට යවනවා.”

ඊසඛිල් එම ඕවරයේදී ලකුණු 12ක් පියාගෙන් උදුරා ගත්තා. එය එම ඉනිමේ නබි පන්දු යැවූ එකම ඕවරය වුනා. තමාගේ ඉනිමේදී තවත් හයේ පහරක් එල්ල කළ ඊසඛිල් 144.44ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කරමින් පන්දු 36කින් ලකුණු 52ක් වාර්තා කළා.

දැන් 40 වැනි වියේ පසුවන මොහමඩ් නබිගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමෙන් විශ්‍රාම යාම ප්‍රමාද වීමට හේතුව වී තිබෙන්නේ ඔහුගේ පුතාගේ නැගී සිටීම. ඒ, ඔහු සිය පුතා සමග එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට සිහින මවමින් සිටින නිසා. චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් පසුව තමා සීමිත ඕවර 50 තරග බිමෙන් සමුගන්නා බව නබි පසුගිය නොවැම්බරයේදී ප්‍රකාශ කළා. එහෙත් නබි දැන් කියන්නේ ඔහු ඔහුගේ අනාගතය ගැන තවමත් සිතමින් සිටින බවයි.

“මේවා ම‌ගේ අවසාන ODI තරග නොවීමට ඉඩ තිබෙනවා. මම බොහෝ විට එක්දින තරග අඩුවෙන් ක්‍රීඩා කරමින් තරුණ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රීඩා දිවියට අවශ්‍ය පළපුරුද්ද ගොඩනගා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට ඉඩ තිබෙනවා” යනුවෙන් නබි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට කියා සිටියා. “මම මේ ගැන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කළා. මම විශ්‍රාම යන්නත් නොයන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. එය රඳා පවතින්නේ මගේ ශරීර යෝග්‍යාතාව මතයි.”

ghdrrrf

“මගේ පුතාත් එක්ක ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීම මගේ සිහිනයයි. අපට එසේ කරන්න පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. පුතා ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු හරිම උත්සාහවන්තයි. මමත් එයාව ගොඩක් උනන්දු කරනවා.”

ඊසඛිල් පසුගිය වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ද, තරග හතරකින් ලබා ගත්තේ ලකුණු 43ක් පමණයි. එතැන් සිට පළමු පෙල තරගාවලියට සහභාගි වූ ඔහු Ahmad Shah Abdali සිවු දින තරගාවලිය අවසන් කළේ තරග හතරකදී 47.14ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 330ක් රැස් කරමින්. ඔහු මංගල තරගයේ ශතකයක් ද ඇතුළුව ශතක දෙකක් වාර්තා කර තිබෙනවා. ඊසඛිල් විස්සයි20 තරග 26කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී 122.64ක ප්‍රහාරාත්මක වේගයකින් ලකුණු 612ක් සටහන් කර තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...