ජාත්‍යන්තර විස්සයි20 (T20) සහ ජාත්‍යන්තර එක්දින (ODI) තරග තුන බැගින් මේ සංචාරයට අයත්ව තිබෙනවා.
තරග සංචාරය ආරම්භ වන්නේ Southampton හි සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙන ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියෙන්.
2026 සැප්තැම්බර් 15, 17 හා 19 යන දිනවල විස්සයි20 තරග පැවැත්වෙන්නේ පිළිවෙලින් සවුත්හැම්ප්ටන් (පස්වරු 6.30), කාඩිෆ් (පස්වරු 6.30) සහ මැන්චෙස්ට (තරග ආරම්භ කරන වේලාව තවමත් තීරණය කර නැහැ) යන නගරවල.
ඉක්බිති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව ආරම්භ වන්නේ සැප්තැම්බර් 22 වැනිදා.
එම තරගාවලියේ තරග ත්‍රිත්වය 2026 සැප්තැම්බර් 22, 24 හා 27 යන දිනයන්හි පිළිවෙලින් ඩරම් (පස්වරු 12.30), ලීඩ්ස් (පස්වරු 12.30) හා ලන්ඩන් (පෙරවරු 10.30) නගරවල ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ආසියානු කුසලාන තරගාවලිය?
මේ අතර බංග්ලාදේශයේ ධකා නුවර අද පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) වාර්ෂික මහා සභා රැස්වීමේදී 2025 ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා වීමට නියමිතව තිබුනා. සැප්තැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට බලාපොරොත්තු වන මේ තරගාවලියේ සත්කාරක අයිතීන් තිබෙන්නේ ඉන්දියාව ට.
ඉන්දියාව හා පාකිස්තානය අතර හටගත් හමුදා ගැටුම් නිසා අවිනිශ්චිත තැනට තල්ලු වී තිබෙන මේ වසරේ ආසියානු කුසලාන තරගාවලියේ ඉරණම මේ රැස්වීමේදී තීරණය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව වාර්තා වනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




