The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

තහනම් මත්ද්‍රව්‍ය පාවිචිචි කළ බවට ඔප්පු වූ ලෝක වාර්තාලාභී මැරතන් ක්‍රීඩිකාවට තාවකාලික තරග තහනමක්

T

The Leader Desk

July 25, 2025 • 1:04 PM

තහනම් මත්ද්‍රව්‍ය පාවිචිචි කළ බවට ඔප්පු වූ ලෝක වාර්තාලාභී මැරතන් ක්‍රීඩිකාවට තාවකාලික තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට තහවුරු වූ කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන රූත් චෙප්නිආටෙච් (Ruth Chepngetich) ට
  • මේ තහනම පනවා ඇත්තේ (Athletics Integrity Unit - AIU) විසින්.
  • 2024 ඔක්තෝබරයේ පැවති චිකාගෝ මැරතන් තරගයේදී චෙප්නිආටෙච් පැය 2යි මිනිත්තු 09යි තත්පර 56ක කාලයක් සටහන් කරමින් කළින් තිබූ මැරතන් වාර්තාව මකා දැමුවේ පැය 2යි මිනිත්තු 10ක බාධකය බිඳ දැමූ ඉතිහාසයේ පළමු කාන්තාව බවට පත්වෙමින්.
  • AIU නිවේදනයකට අනුව මේ 30 හැවිරිදි මැරතන් ක්‍රීඩිකාව Hydrochlorothiazide නමැති තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවට මාර්තු 14 වැනිදා ඇයගෙන් ලබා ගත් සාම්පලයෙන් ඔප්පු වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. මේ තහනම පනවා ඇත්තේ (Athletics Integrity Unit - AIU) විසින්.

2024 ඔක්තෝබරයේ පැවති චිකාගෝ මැරතන් තරගයේදී චෙප්නිආටෙච් පැය 2යි මිනිත්තු 09යි තත්පර 56ක කාලයක් සටහන් කරමින් කළින් තිබූ මැරතන් වාර්තාව මකා දැමුවේ පැය 2යි මිනිත්තු 10ක බාධකය බිඳ දැමූ ඉතිහාසයේ පළමු කාන්තාව බවට පත්වෙමින්.

AIU නිවේදනයකට අනුව මේ 30 හැවිරිදි මැරතන් ක්‍රීඩිකාව Hydrochlorothiazide නමැති තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවට මාර්තු 14 වැනිදා ඇයගෙන් ලබා ගත් සාම්පලයෙන් ඔප්පු වී තිබෙනවා. ඉන්පසුව එය අප්‍රෙල් 3 වැනිදා තරග සංවිධායකයන්ට දන්වා තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පලයක අඩංගු ඔ්නෑම මට්ටමකම Hydrochlorothiazide 20ng/mL ප්‍රමාණයක් පරීක්ෂණයේ සෘණාත්මක ප්‍රතිඵලයක් ගෙන දෙන බවට තරග සංවිධායකයන් බලධාරීන්ට වාර්තා කරනවා. චෙප්ටිආටෙච්ගේ සාම්පලයේ ඇස්තමේන්තුගත 3,800ng/mL  ප්‍රමාණයක් තිබූ බව AIU ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක තහනම් මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියයේ නීතියට අනුව Hydrochlorothiazide ද්‍රව්‍යය භාවිතය ක්‍රීඩාවේ සෑම අවස්ථාකම සපුරා තහනම්. මේ වරදට දෙවසරකට බලපාන ස්ථාවර තරග තහනමක් නියම කර තිබෙනවා.

චිකාගෝ මැරතන් තරගයේ තෙවතාවක ජයග්‍රාහිකාවක වන චේප්නාආටෙච් 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...