The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ලෙඩ හරක් නිසා ප්‍රංශ පාපැදි සවාරිය තරග මාර්ගයේ වෙනසක්

T

The Leader Desk

July 28, 2025 • 10:16 AM

ලෙඩ හරක් නිසා ප්‍රංශ පාපැදි සවාරිය තරග මාර්ගයේ වෙනසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පර්ශයෙන් පැතිර යන රෝගයක් අත්විඳින හරක් රංචුවක් මඟහැරීම පිණිස ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ 19 වැනි අදියරේ දුර ප්‍රමාණය අඩු කිරීමට සංවිධායකයන් කටයුතු කළා.
  • මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිකුරාදා පැවැති 19 වැනි තරග අදියරේ දුර ප්‍රමාණය කිලෝමීටර් 129.9 (හැතැප්ම 80.7) සිට කිලෝමීටර් 95 (හැතැප්ම 59) දක්වා අඩු කෙරුනා.
  • 19 වැනි අදියර හඳුන්වනු ලැබුවේ ප්‍රංශ පාපැදි සවාරියේ එක් වඩාත්ම දුෂ්කර තරග අදියරක් ලෙස.
  • මෙහි මුල් තරග මාර්ගයේදී තරගකරුවන්ට ඇල්ප්ස් කඳුවැටිය හරහා අතිශය වෙහෙසකර මීටර් 4,550ක් (අඩි 14,930ක් පමණ) තරණය කිරීමට සිදුව තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


Col des Saisies නමැති කඳු දුර්ගය අසල ගවයෝ හමේ ගැටිති මතුවන රෝගයකින් පීඩා විඳීම හේතුවෙන් සතුන් මැරී ගොස් සත්ව ගහණය අඩුවී එම පළාතට ඇතුළු වීම සීමා කර තිබූ බව තරග සංවිධායකයන් ප්‍රකාශ කළා.

මේ ගව රෝගයෙන් බලපෑමකට ලක්ව සිටින ගොවියන් මුහුණ දී සිටින පීඩාව සහ තරගය පහසුවෙන් ඉදිරියට යාම තහවුරු කිරීම හමුවේ අදාළ බලධාරීන්ගේ එකඟත්වය මත තරග මාර්ගය වෙනස් කිරීමට තීරණය වුනා.

7XXJ5PUOARMSPEROFVGWIRASU4

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිකුරාදා පැවැති 19 වැනි තරග අදියරේ දුර ප්‍රමාණය කිලෝමීටර් 129.9 (හැතැප්ම 80.7) සිට කිලෝමීටර් 95 (හැතැප්ම 59) දක්වා අඩු කෙරුනා. ‌මාර්ගය වෙනස් කිරීම නිසා තරග ආරම්භයට වෙනත් ස්ථානයකට යාමට තරගකරුවන්ට සිදුවූ නිසා එදින තරගය ආරම්භ වුනේ නියමිත වේලාවට පැයක ප්‍රමාදයකින් පසුව.

19 වැනි අදියර හඳුන්වනු ලැබුවේ ප්‍රංශ පාපැදි සවාරියේ එක් වඩාත්ම දුෂ්කර තරග අදියරක් ලෙස. මෙහි මුල් තරග මාර්ගයේදී තරගකරුවන්ට ඇල්ප්ස් කඳුවැටිය හරහා අතිශය වෙහෙසකර මීටර් 4,550ක් (අඩි 14,930ක් පමණ) තරණය කිරීමට සිදුව තිබුනා.

ප්‍රංශ සවාරියේ 19 වැනි අදියරේ ජයග්‍රාහකයා වූයේ නෙදර්ලන්තයේ Thymen Arensman.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...