The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

සාෆ් පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී

T

The Leader Desk

August 1, 2025 • 7:34 AM

සාෆ් පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන 17න් පහළ බාලක පාපන්දු තරගාවලියේ 2025 අදියර එළැඹෙන සැප්තැම්බර් මස කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
  •   මෙම තරගාවලිය සඳහා 2009 වසරේ ජනවාරි 1 වැනිදායින් පසු උපත ලද ක්‍රීඩකයන් සුදුසුකම් ලබන අතර, සංචිතයකට අවම ක්‍රීඩකයන් 16ක් සහ උපරිම ක්‍රීඩකයන් 23 දෙනකු ඇතුළත් කරගැනීමේ හැකියාව පවතියි.
  • එම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේදී තරග වදිති.
  • තරගාවලි ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම ගියවර ශූරතාව සමගින් 6වරක් ශූරතාව හිමිකරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වනු ලබන දෙවැනි අවස්ථාව වේ.

ve4u6

දකුණු ආසියානු කලාපීය කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් 10 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ කාණ්ඩ සඳහා කුසපත් ඇදීම පසුගියදා බංග්ලාදේශයේ ඩකා අගනුවරදී සිදුවූ අතර, එහිදී 'ඒ' කාණ්ඩය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය ද, 'බී' කාණ්ඩය සඳහා ගියවර ශූරයන් වන ඉන්දියාව, පාකිස්තානය, භූතානය සහ මාලදිවයින යන කණ්ඩායම් තෝරාගෙන ඇත.

ft b1

 

මෙම තරගාවලිය සඳහා 2009 වසරේ ජනවාරි 1 වැනිදායින් පසු උපත ලද ක්‍රීඩකයන් සුදුසුකම් ලබන අතර, සංචිතයකට අවම ක්‍රීඩකයන් 16ක් සහ උපරිම ක්‍රීඩකයන් 23 දෙනකු ඇතුළත් කරගැනීමේ හැකියාව පවතියි. තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව කාණ්ඩවල ප්‍රථම ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබයි. එම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේදී තරග වදිති.

තරගාවලි ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම ගියවර ශූරතාව සමගින් 6වරක් ශූරතාව හිමිකරගෙන ඇත. එසේම බංග්ලාදේශයට දෙවරක් සහ පාකිස්තානයට එක් වරක් බැගින් ශූරතා හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාව සිය උපරිම දක්ෂතාව ලෙස 2022 වසරේදී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලද අතර එහිදී නේපාලය හමුවේ ගෝල 6-0ක් ලෙස පරාජයට පත් විය.

526311523 1174387948065689 4175376910997031600 n
තරග කාලසටහන :

සැප්තැම්බර් 15 - ශ්‍රි ලංකාව සහ නේපාලය ('ඒ' කාණ්ඩය) - රාත්‍රි 7.00

සැප්තැම්බර් 16 - ඉන්දියාව සහ මාලදිවයින ('බී' කාණ්ඩය) - පස්වරු 3.00 / පාකිස්තානය සහ භූතානය ('බී' කාණ්ඩය) - රාත්‍රි 7.30

සැප්තැම්බර් 18 - බංග්ලාදේශය සහ නේපාලය ('ඒ' කාණ්ඩය) - රාත්‍රි 7.00

සැප්තැම්බර් 19 - මාලදිවයින සහ පාකිස්තානය ('බී' කාණ්ඩය) පස්වරු 3.00 / භූතානය සහ ඉන්දියාව ('බී' කාණ්ඩය) - රාත්‍රි 7.30

සැප්තැම්බර් 21 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ('ඒ' කාණ්ඩය) - රාත්‍රි 7.00

සැප්තැම්බර් 22 - ඉන්දියාව සහ පාකිස්තානය ('බී' කාණ්ඩය) - පස්වරු 3.00 / භූතානය සහ මාලදිවයින ('බී' කාණ්ඩය) - රාත්‍රි 7.30

සැප්තැම්බර් 25 - ප්‍රථම අවසන් පූර්ව තරගය - පස්වරු 3.00 / දෙවැනි අවසන් පූර්ව තරගය - රාත්‍රි 7.30

සැප්තැම්බර් 27 - අවසන් මහා තරගය - පස්වරු 6.00

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...