The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

‌ලෝක මලල ක්‍රීඩා කාන්තා තරගවලට සුදුසුකම් ලැබීමට අනිවාර්ය ජාන පරීක්ෂාවක්

T

The Leader Desk

August 1, 2025 • 9:05 AM

‌ලෝක මලල ක්‍රීඩා කාන්තා තරගවලට සුදුසුකම් ලැබීමට අනිවාර්ය ජාන පරීක්ෂාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපිරි මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියන්හි කාන්තා අංශයේ තරග කිරීමට බලාපොරොත්තු වන ජවන හා පිටිය ක්‍රීඩිකාවන් ලබන සැප්තැම්බර් මාසයේ සිට ජාන පරීක්ෂාවක් කර ගත යුතු බව ලෝක මලල ක්‍රීඩා ආයතනය (World Athletics) නිවේදනය කරනවා.
  • පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරී තිබෙන්නේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ සාමාජික සම්මේලනවලට.
  • මේ පරීක්ෂණය ඉතාමත් නිවැරදි බව එම ආයතනය පවසන්නේ ව්‍යාජ සෘණාත්මක හෝ ධනාත්මක ප්‍රතිඵල ලැබීමේ අවදානමක් නැතැයි සඳහන් කරමින්.
  • ලෝක බොක්සිං පාලකයන් මේ වසරේ සිට ඔවුන්ගේ සියලුම තරගාවලියන් වෙනුවෙන් අනිවාර්ය ලිංගිකතාව පරීක්ෂාවක් ලෙසින් ප්‍රකාශයට පත්කළේ ද මේ SRY පරීක්ෂණය.
අකුරු ප්‍රමාණය (Font Size):


සැප්තැම්බර් 13 සිට 21 දක්වා ටෝකියා නුවර පැවැත්වෙන ලෝක ශූරතාවලියට පෙර මේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජීව විද්‍යාත්මක වීදුරු සීලිමක් නැති ක්‍රීඩාවකට තමා අවතීර්ණ වන බවට කාන්තාවන් තුළ විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් යුතුව මේ පියවර ගත්තේ කාන්තාවන් වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට ස්ථිර වශයෙන් උත්සාහ කරමින් සිටින ක්‍රීඩාවකට ජීව විද්‍යාත්මක ස්ත්‍රීපුරුෂ භාවය තහවුරු කර ගැනීම ඉතා වැදගත් වන නිසා යැයි ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබැස්ටියන් කෝ (Sebastian Coe) ප්‍රකාශ කරනවා. 

coeලෝක මලල ක්‍රීඩා සභාපති සෙබැස්ටියන් කෝ
පිරිමි ජාන වර්ධනය කිරීමට හේතුවන Y ක්‍රෝමසොමවල කොටසක් වන SRY ජානය සඳහා පරීක්ෂණය කම්මුල් මාත්තුවකින් හෝ රුධිර පරීක්ෂාවකින් සිදුකළ හැකියි.

ක්‍රීඩිකාවකට Y ක්‍රෝමසොම පරීක්ෂණයේදී ලැබෙන්නේ සෘණාත්මක ප්‍රතිඵලයක් නම් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියන්හි කාන්තා අංශයේ තරග කිරීමට සුදුසුකම් ලබනවා.

ප්‍රතිඵලය ධනාත්මක නම් ඔවුන්ට තරග කළ හැක්කේ ලෝක ශ්‍රේණිගත කිරීම් නොකරන තරගාවලියන්හි කාන්තා අංශයේ හෝ කාන්තාවන් සඳහා නොවන වෙනත් අංශයක පමණයි.

පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරී තිබෙන්නේ ලෝක මලල ක්‍රීඩා ආයතනයේ සාමාජික සම්මේලනවලට.

5066
මේ පරීක්ෂණය ඉතාමත් නිවැරදි බව එම ආයතනය පවසන්නේ ව්‍යාජ සෘණාත්මක හෝ ධනාත්මක ප්‍රතිඵල ලැබීමේ අවදානමක් නැතැයි සඳහන් කරමින්.

ලෝක බොක්සිං පාලකයන් මේ වසරේ සිට ඔවුන්ගේ සියලුම තරගාවලියන් වෙනුවෙන් අනිවාර්ය ලිංගිකතාව පරීක්ෂාවක් ලෙසින් ප්‍රකාශයට පත්කළේ ද මේ SRY පරීක්ෂණය.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා තරගවලදී තිබෙන ජීව විද්‍යාත්මක වාසිය හේතුවෙන් ඔවුන්ට කාන්තා අංශයේ තරග කිරීම ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් තහනම් කර තිබෙනවා.

 



warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

gunasekera33@gmail.com  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...