The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

එංගලන්ත - ඉන්දියා ටෙස්ට් තරගය නැරඹීමේදී කමිසය වසාගන්නැයි පාකිස්තාන ක්‍රිකට් ලෝලියාට කීවේ ඇයි?

T

The Leader Desk

August 2, 2025 • 9:01 AM

එංගලන්ත - ඉන්දියා ටෙස්ට් තරගය නැරඹීමේදී කමිසය වසාගන්නැයි පාකිස්තාන ක්‍රිකට් ලෝලියාට කීවේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කමිසයක් පැළඳ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ ඉන්දියා - එංගලන්ත සිවු වැනි ටෙස්ට් තරගය නරඹමින් සිටි ක්‍රීඩා ලෝලියෙකු ක්‍රීඩාංගණයෙන් පිට කිරීමේ සිද්ධිය පිළිබඳව ලැංකෂ ක්‍රිකට් සමාජය සමාව ඉල්ලා තිබෙනවා.
  • එය ආරම්භ වන්නේ ඔහු ඇඳ සිටි පාකිස්තාන ක්‍රිකට් කමිසයේ අනුරූ කමිසය වසාගන්නා ලෙසට ආරක්ෂක නිලධාරියෙක් ඔහුගෙන් කරන ඉල්ලීමකින්.
  • තමා ලැංකෂ වෙනුවෙන් සේවය කරන බවට හඳුන්වා දුන් මේ ආරක්ෂක නිලධාරියා, පාකිස්තාන කමිසය ආවරණය කර ගන්නා ලෙසට දන්වා සිටීම පිණිස ක්‍රීඩාංගණයේ පාලන මැදිරිය තමාව එවූ බව නසාර් ට පවසා තිබෙනවා.
  •   ක්‍රීඩාංගණයේ භාරකාර කණ්ඩායම හමුවේ පිළිගත නොහැකි ආකාරයෙන් හැසිරීම නිසා ක්‍රීඩාංගණයෙන් පිටවන ලෙසට භාරකරුවන් සහ පොලිසිය ඔහුට දන්වා සිටි බව ලැංකෂ නිකුත් කළ නිවේදනයක සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ක්‍රීඩා ලෝලියාව ක්‍රීඩාංගණයෙන් නෙරපා තිබෙන්නේ ඔහු ඇඳ සිටි පාකිස්තානයේ සම්ප්‍රදායික කොළපැහැ සීමිත ඔ්වර ක්‍රිකට් කමිසය ආවරණය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා.


මේ ප්‍රශ්නයට මැදිවූ ෆරූක් නසාර් නමැති ක්‍රීඩා ලෝලියා, සිද්ධිය සිදුවූ අනුපිළිවෙල දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කර තිබෙනවා. එය ආරම්භ වන්නේ ඔහු ඇඳ සිටි පාකිස්තාන ක්‍රිකට් කමිසයේ අනුරූ කමිසය වසාගන්නා ලෙසට ආරක්ෂක නිලධාරියෙක් ඔහුගෙන් කරන ඉල්ලීමකින්.

තමා ලැංකෂ වෙනුවෙන් සේවය කරන බවට හඳුන්වා දුන් මේ ආරක්ෂක නිලධාරියා, පාකිස්තාන කමිසය ආවරණය කර ගන්නා ලෙසට දන්වා සිටීම පිණිස ක්‍රීඩාංගණයේ පාලන මැදිරිය තමාව එවූ බව නසාර් ට පවසා තිබෙනවා. නසාර් එය ප්‍රතික්ෂේප කළා. පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන ගියා. 



ක්‍රීඩාංගණයේ භාරකාර කණ්ඩායම හමුවේ පිළිගත නොහැකි ආකාරයෙන් හැසිරීම නිසා ක්‍රීඩාංගණයෙන් පිටවන ලෙසට භාරකරුවන් සහ පොලිසිය ඔහුට දන්වා සිටි බව ලැංකෂ නිකුත් කළ නිවේදනයක සඳහන්.

තරගයේ අවසන් දිනයේ සිදුවූ මේ සිද්ධියෙන් පසුව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ ලැංකෂ සමාජය ඒ පිළිබඳව සමාව ඉල්ලමින් ඉදිරියේදී මෙවැනි සිදුවීම් හසුරවන ආකාරය පිළිබඳව මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන බවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දියා හා පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ඊට පෙර දින ක්‍රීඩාංගණයේ සිදුවූ සිදුවීමක් නිසා නසාර් සම්බන්ධයෙන් මෙසේ කටයුතු කිරීමට පෙළඹුනු බව ලැංකෂ පෙන්වා දී තිබෙනවා.

“පාකිස්තාන ක්‍රිකට් කමිසයක් පැළඳ සිටි පමණින් කෙනෙකු ක්‍රීඩාංගණයෙන් පිටකිරීමේ අදහසක් අපට නොතිබුනු බව පළමුව පැහැදිලි කළ යුතුයි. මේ පියවර ගැනුනේ ඊට පෙර දිනයේ ඇතිවූ සිද්ධියක් නිසා. එහිදී පාකිස්තාන ආධාරකරුවන් කණ්ඩායමක් පාකිස්තානයේ ජාතික ධජයක් වනමින් ඒ අසල සිටි ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් සමග ගැටුම්කාරී තත්ත්වයක් කරා යාමට මුලපිරුවා. ඒ අවස්ථාවේ අපේ භාරකාර නිලධාරීන් නිහතමානීව එම පුද්ගලයන්ගෙන් කොඩිය ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලා සිටි අතර ඔවුන් ද නොපැකිළී එසේ කිරීම නිසා තත්ත්වය පාලනය වුනා” යනුවෙන් ලැංකෂ ඔවුන්ගේ නිවේදනයෙන් කියා සිටියා.

“මේ සිද්ධිය නිසා පසු දිනයේදී අපේ කණ්ඩායම ‘පළමුව ආරක්ෂාව’ යන පියවර ගත්තා.”

පසුගිය වසර කිහිපය පුරාම නසාර් ගැන එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය දන්නා බව එම මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රිඩර්ඩ් ගෝල්ඩ් මීට කලින් පවසා තිබුනා.

 

AA1JeCkp

ඉන්දියාව හා පාකිස්තානය අතර දේශපාලනික උණුසුම් තත්ත්වය මෑත කාලයේ වඩාත් උත්සන්න වී තිබෙනවා. මේ නොසන්සුන් බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අතර තිබෙන සම්බන්ධය ට ද බාධාවක් වී තිබෙනවා.

මේ සතිය මුල, ඉන්දියා ප්‍රවීණයන්ගේ කණ්ඩායම බර්මිංහැම් හි පැවැත්වෙන ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව තරගය ඇතුළුව තරග දෙකක් පාකිස්තාන ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළා.

ඉන්දියාව සමග සිය සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳව ලැංකෂ ක්‍රිකට් සමාජය මෑත වසරවල විවෘතව කතා කර තිබෙනවා. පිලකට පන්දු 100 බැගින් සීමාවූ The Hundred නමැති එංගලන්ත වෘත්තීය ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන Manchester Originals කණ්ඩායම ඔවුන්ගේ මූලස්ථානය කරගෙන සිටින්නේ ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය‍. එම කණ්ඩායමේ සියයට 70ක හිමිකාරිත්වය Sanjiv Goenka ගේ RPSG සමූහයට පැවරීමට නියමිතයි. ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ අයිතිකරුවන් වන්නේ ද මේ සමූහය. මීට අමතරව, පන්දු 100 තරගාවලියේ අයිතියක් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා දීමට ද ලැංකෂ ප්‍රධාන විධායක ඩැනියල් ගිඩ්නී යෝජනා කර තිබෙනවා.

නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...