The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

T

The Leader Desk

August 2, 2025 • 3:35 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයට ලක්ව ඇති බවට පළ වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
  • ලබන වසරේ ඉන්දියාව සමඟ ලෝක කුසලාන සම සත්කාරකත්වය සැපයීමට සහ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානම් සිටී.
  • එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
  • එවැනි පුළුල් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් බව එම නිවේදනයේ දැක්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ ICC තරගාවලි සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව හොඳ සූදානමකින් පසුවන බවය.

ලබන වසරේ ඉන්දියාව සමඟ ලෝක කුසලාන සම සත්කාරකත්වය සැපයීමට සහ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරීව සූදානම් සිටී.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවනසුලු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ එහි මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම දිගුකාලීන උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි. එවැනි පුළුල් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් බව එම නිවේදනයේ දැක්වෙයි.


රට පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර, මේ හරහා ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ සූදානම සහතික කරන අතරම ජාතියේ ක්‍රිකට් යටිතල පහසුකම්ද වැඩිදියුණු කිරීමක් බවද එහි දැක්වෙයි.

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දිගුකාලීන ආයෝජනයක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හරහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දිගුකාලීන ආයෝජනයක් කර තිබේ.

මේ ‘හරිත මුල පිරීම’ සැලසුම් කර ඇත්තේ පරිසරය, ක්‍රීඩාවේ අනාගතය සහ අඛණ්ඩ මූල්‍ය ශක්තිය මත ශක්තිමත් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා වන අතර ඊට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන වන ජාතික මාර්ග වැඩසටහන බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි ලෙස කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සංවර්ධනය සඳහා කැපවී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.
jhdfhww

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...